How To Disable Ads in uTorrent And BitTorrent

 

අපි සියළු දෙනාම කැමතියි torrents වලට. අපිට ඒ මගින් නොමිලේ Movies, Games, Software වගේ ගොඩක් දේවල් ඉතාමත් පහසුවෙන් බාගත කර ගැනීමේ හැකියාවක් පවතියි. අපි දන්නවා Torrent Software වල pro version එකක් වගේම free version එකකුත් එනවා. අපිනම් ඉතින් භාවිතා කරන්නේ free version එක තමයි. මේ දෙක අතර වෙනස පවතින්නේ free version එකේ වෙළද දැන්වීම් දැකගත හැකි වන අතර pro version එක තුල වෙළද දැන්වීම් දැකගත නොහැකිය. මෙම වෙළද දැන්වීම් සදහා අපගේ data නිකරුනේ වැයවන බව ඔබ දන්නවාද? ඒ තුලින් අපිට බාගත කරගනු ලබන ගොනුවෙහි වෙිගය අඩාල වීමක් සිදුවෙයි. 

ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ මේ වෙළද දැන්වීම් ඉවත් කරගෙන හොද වේගයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණයයි. ඔයාලාගේ ටොරන්ටි පිළිබද දැනුම අඩුනම් මේ පහතින් ඇති ලින්ක් එකට ගිහින් එහි ඇති ලිපිය කියවන්න.

Torrent ගැන දැනගමු - Part 1 

Torrent ගැන දැනගමු - Part 2 

පහතින් ඇති විදිහට කරගෙන යන්න.

 Step 1

මුලින්ම  Torrent Software එක විවෘත කරගන්න. අනතුරුව Preferences setting වලට ගොස් “Advance” තෝරන්න.


Step 2

දැන් ඔබ විසින්  gui.show_plus_upsell යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

Step 3

දැන් ඔබ offers.sponsored_torrent_offer_enabled යන්න තාෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

 Step 4

දැන්   bt.enable_pulse යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

 Step 5

දැන්  gui.show_notorrents_node යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

Step 6

දැන් offers.content_offer_autoexec  යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

දැන් සියල්ලම සාර්ථකව අවසන් කොට ඇත. 

 

ඉතින් අද අපි කතා කරන්න යෙදුනේ ටොරන් වල ඇති වෙළද දැන්වීම් ඉවත් කර ගන්නා ආකාරයයි. ඒ මගින් අපිට හොද බාගත කරගැනීමේ වෙිගයත් බලා ගත හැකිියි. මෙම ලිපිය යාළුවන්ටත් බලන්න  share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment