How To Reset Windows 10 To Default Factory Settings

 

අපේ windows 10 භාවිතා කරනු ලබන පරිගණකයෙහි කිසියම් lagging programs එකක් ඇති වූ විට අපිට windows 10මෙහෙයුම් පද්ධතිය factory reset කිරීමට සිදු වෙයි. අප factory reset කිරීමේදී අපේ පර්ගණකයෙහි ස්ථාපනය කර ඇති apps සහ අනෙකුත් දත්ත නැතී වී යයි. මෙය සාමාන්‍යෙයන් අපේ mobile phones එකක් factory reset කරන එකට සමානයි. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ windows 10 මෙහෙයුම් පද්ධතිය factory reset කරන ආකාරයයි.

Step 1

අපි මුලින්ම දකුණු පස ඉහල ඇති Notification Center එකට ගොස් එහි ඇති All Settings  යන්න click කරන්න. 

Step 2

දැන් “Update and Security” කියන option එකට යන්න.

Step 3

දැන් වම්පස ඇති recovery section එකට යන්න. අනතුරුව reset this PC  යන්නට පහලින් ඇති Get Started යන්න click කරන්න.

Step 4

අනතුරුව popup window එකක් පැමිණෙයි. එහි option දෙකක් ඇත. පළමුව ඇති Keep my files යන්න select කළ විට අපගේ පරිගණකයෙහි ඇති ගොනු වලට කිසිදු හානියක් නොවී reset වීම සිදු වෙයි. අපි දෙවනියට ඇති Remove everything යන්න select කළ විට අපගේ පරිගණකයෙහි ඇති සියළු ගොනු මැකී යනු ඇත. එබාවින් නිවැරදිව ඔබට අවශ්‍ය option එක select කරන්න.

Step 5

දැන් warning එකක් ලබා දෙනු ලබයි. එහි ඇති next option එක click කර ඉදිරියට යන්න.

Step 6

දැන් අවසාන warning එකක් ලබා දෙනු ලබයි. එහි ඇති reset යන්න click කළ විට අපගේ පරිගණකය factory reset වීම ආරම්භ කරනු ලබයි. 

Step 7

මෙය reset වන අතරතුර අපගේ පරිගණකය restart වීමක් සිදුවන අතර ඒ සදහා සුළු මොහොතක් ගතවෙයි. එය අවසන් වූ පසු choose an option යනුවෙන් Window එකක් පැමිණෙයි. එහි ඇති Continue යන්න Click කර ඉදිරියට යන්න.

දැන් සියල්ලම සාර්ථකව අවසන් කර ඇත. දැන් පෙර තිබු තත්වයට වඩා හොදට පරිගණකය ක්‍රියා කරනු දැකගත හැකි වෙයි.  ඉතින් මේ ආකාරයට අපට පුළුවන් Windows 10 මෙහෙයුම් පද්ධතිය factory reset කරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න.  අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment