Torrent ගැන දැනගමු - Part 2



ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සේ ආයෙත් Post එකක් දාන්න අවස්ථාවක් ලැබුණා. මම කලින් පොරොන්දු උනානේ ටොරන්ට් වල ක්‍රියාකාරීත්වය ගැන Post එකක් දානවා කියලා. ඉතින් මම අද ඒ පොරොන්දුව ඉටු කරලා යන්නයි හදන්නේ.

මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද ඒ දේවල් කියලා.

  • ටොරන්ට් ෆයිල් ( Torrent File )
             ඔයාලා නිතරම අහලා ඇති මේ වචනය. මේකෙන් කියවෙන්නේ කුඩා තොරතුරු ප්‍රමාණයක් ඇතුලත් වෙලා තියෙන ෆයිල් එකක්. ඒ ෆයිල් එක තුල අන්තර්ගත වෙන්නේ බාගත කිරීමට අදාල ෆයිල් එකේ නම, එහි ප්‍රමාණය, එම ෆයිල් එක බාගත කරගත යුතු ස්ථානය වගේ දේවල් අඩංගු ෆයිල් එකක් ටොරන්ට් ෆයිල් එකක් විදිහට හදුන්වනවා.

  • ටොරන්ට් ක්ලයන්ට් ( Torrent Client )
             ඔයාලා මේක මේ නමින් හදුනන්නේ නැති වුනාට ඔයාලා හොදටම දන්නා කියන දෙයක් තමයි මේක. ඔයාලා ටොරන්ට් ෆයිල් බාගත කර ගැනීම සදහා බාවිතා කරනු ලබන මෘදුකාංගය මේ නමින් හැදින්විය හැකිය. මේ මෘදුකාංගය නොම්ලෛ් ලබාගත හැකිය.

  • ටොරන්ට් ටැකර්ස්  ( Torrent Trackers )
            මේක ඇත්තටම සේවාවකි. මේ මගින් සිදු කරනු ලබන්නේ ලොකයේ පුරා විසිරී පැතිරී ඇති ටොරන්ට් ෆයිල් බාගත කරගනු ලබන පුද්ගලයින් කළමනාකරණය කිරීමයි. මෙය ඉතිමත් මහගු සේවාවකි.

  • ටොරන්ට් සීඩ්ස් ( Torrent Seeds )
            ටොරන්ට් සීඩ්ස් කියන එක තමයි වැදගත්ම දෙය. මේ මගින් තමයි අපේ ටොරන්ට් වල බාගත කිරීමේ වේගය තීරණය වෙන්නේ. මේයින් අදහස් වෙන්නේ අපි බාගත තරනු ලබන ෆයිල් එක තිබෙන තවත් පරිගණක පිළිබදවයි.

දැන් ඉතින් අපි බලමු කොහොමද ටොරන්ට් බාගත වීමේ ක්‍රියාවලිය සිදු වන්නේ කියලා.

අපි හිතමු A කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒ පුද්ගලයා සතුව අපි හිතමු චිත්‍රපටියක් තියෙනවා කියලා. ඔහු මේ චිත්‍ර පටයට අදාලව ටොරන්ට් ෆයිල් එකක් හදලා ටැකර් වෙබ් අඩවියකට ඒ ෆයිල් එක දෙනවා. නමුත් මේ A කියන පුද්ගලයා මේ චිත්‍රපටය කිසිම තැනකට අප්ලොඩ් කරලා නෑ. ඇන් ඉතින් B කියන පුද්ගලයෙක් ඒ ටොරන්ට් ෆයිල් එක බාගත කරගෙන කමන්ගාව තියෙන ටොරන්ට් මෘදුකාංගය බාවිතා කරලා ඒ චිත්‍රපටය බාගත කර ගන්නවා. ඒ වෙලාවට සිදු වෙන්නේ අර A කියන පුද්ගලයාගේ පරිගණකයේ තිබුණ ච්‍ත්‍රපටය අප්ලොඩ්වෙලා තමයි B කියන පුද්ගලයා බාගත කරගනු ලැබුවේ.

ඒ විදිහට B බාගත කර ගැනීමට නම් A විසින් පරිගණකය අන්තර්ජාල සබදතාව විසන්ධි නොකර හා පරිගණකය විසන්ධි නොකර තැබිය යුතුයි. මේ A කියලා කියන්නේ අප් කලින් කතා කරපු විදිහට සිඩ්ස් කෙනෙක්.

අපි හැම වෙලාවතදීම තෝරාගත යුතු වන්නේ මේ සීඩ්ස්ලා වැඩිපුර ඉන්න ෆයිල් එකක්.ඒ මගින් අයට පුළුවන් ඉතා ඉක්මනින් අප බාගත කර ගැනීමට බලාපොරොත්තු වන ෆයිල් එක බාගත කර ගත හැකිය.

මම හිතනවා ඔයාලට මේ ටොරන්ට් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යම් වැටහීමක් ලැබෙන්න ඇති කියලා. කුමත් හෝ ගැටළු සහිත දෙයක් වෙතොත් එය මා වෙත යොමු කරන්න. මම ඒ සදහා ඉක්මන් පිළිතුරු ලබා දීමට සූදානමින් සිටියි. 

මේ Post එක සම්බන්ටයෙන් ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment