Online හදහන බලමු



ආයුබෝවන් යාළුවනේ!

අදත් තවත් වැදගත් Post එකක් අරගෙන තමයි ආවේ. අපි අපේ හදහන හදාගන්නත් වෙලාවක් නෑ සමහර වෙලාවට. ඉතින් ඒ නිසා මේ මම දෙන්න යන වෙබ් අඩවිය ඔයාලට ගොඩක් වැදගත් වෙයි.

අපිට මේ හරහා අපගේ හදහන හදාගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ හදහන PDF File එකක් විදිහට සිංහලෙන් ලබාගන්නත් පුළුවන්.

මුලින්ම අපි මේ වෙබ් අඩවියට ගිහින් බලමු.

Horoscope


මේ පහතින් දක්වා ඇති Screen Shot ටිකත් බලලාම වැඩේට බහින්න. මෙහි Password එක ලෙස ඔබගේ Email එකේ Password එක දෙන්න එපා.



සිංහලෙන් ලබා ගැනීම සදහා Get Sinhala Version කිලික් කරන්න



ඔයාලත් ඔයාලගේ හදහන හදාගෙන බලන්කො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Duplicate File Delete කරමු



ආයුබෝවන් යාළුවනේ!

අදත් ඉතින් පොඩ් Software කෑල්ලක් අරගෙන මම ආවා. මේ Software එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද අපේ පරිගණකය තුල සමහර වෙලාවට එකම ෆයිල් එක දෙතුන් තැනක තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අපේ Hard එකේ ඉඩ නිකරුනේ නාස්ති වෙනවා විතරයි. මේකට විසදුමක්  අරගෙන තමයි මම අද ආවේ.

මේ Software එක හරහා අපිට පුළුවන් අපගේ පරිගණකය තුල ඇති Duplicate File හදුනාගන්න. අපි වැඩිය කතා කරන්නේ නැතිව Software එක Download කරගෙන ඉමුකො

Auslogics Duplicate File Finder


මේ Screen Shot ටිකත් බලලම ඉන්නකො







ඉතින් මේ වගේ තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Online ඩ්‍රම් ගහමු



ආයුබෝවන් යාළුවනේ!

අපි හැමදාම ඉතින් එක එක සොෆ්ට්වෙයාර්ස් කෑලි තමයි බොහෝවිට දීලා තියෙන්නේ. ඉතින් මම හිතුවා පොඩි විනෝදෙනටත් එක්ක වෙනස්ම වෙබ් අඩවියක් හදුන්වා දෙන්න.

අපි කැමතියිනේ ඉතින් කොහොමත් සංගීතයට. ඒ නිසා මම අද දෙන්න යන්නේ ඔයාලට Online ඩ්‍රම් ගහන්න පුළුවන් වෙබ් අඩවියක්. අද වැඩිය මොකුත් කියන්න යන්නේ නෑ ඔයාලම පහලින් තියෙන ලින්ක් එකට ගිහින් බලන්න පුළුවන් කොහොමද කියලා.

Play Online Drum


මේ පහතින් ඇති Screen Shot ටිකත් බලන්නකො.





කොහොමද? තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

නැති වුණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ IMEI නම්බර් එක බලාගමු



ආයුබෝවන් යාළුවනේ!

අදත් ඉතින් Post එකක් දාන්න අවස්ථාවක් ලැබුණා. අද මම හිතන විදිහට ඔයාලට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි අරගෙන ආවේ. අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක බැරිවෙලාවත් නැතිවුනොත් එහෙම කොහොමද හොයාගන්නේ. ඔයාලා කියයි IMEI නම්බර් එකෙන් හොයාගන්නවා කියලා. අපි හිතමු අපි ගාව IMEI නම්බර් එකත් නෑ කියලා. දැන් මොකද කරන්නේ?

අපි අලුතෙන් ෆෝන් එකක් ගන්නකොට ලස්සන පෙට්ටියක් එක්ක ෆෝන් එක අපිට හම්බ වෙනවා. එකේ IMEI නම්බර් එකත් ගහලා තියෙනවා. ඉතින් ටික දවසක්  යනකොට ඒ පෙට්ටිය හොයන්නවත් නෑ. ඒ වගේ වෙලාවට අපි IMEI නම්බර් ඒක මතක තියන් ඉන්නෙ නෑනේ. ඉතින් ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ?

ඒ වෙලාවට තමයි කොකටත් තෛලය වගේ ගූගල් දෙයියා පිහිටට එන්නේ. අපි දන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට ගූගල් එකවුන්ට් එකක් ඉල්ලනවා. ඉතින් අපි ගූගල් එකවුන්ට් එකක් දීලා තියෙනවා නම් ඉතින් වැඩේ ගොඩ. ඒ කියන්නේ අපි ගූගල් ඩෑෂ් බෝඩ් එකට ගිහින් අපේ ගූගල් එකවුන්ට් එකයි පාස්වර්ඩ් එකයි දීලා අපේ ෆොන් වල IMEI නම්බර් එක බලාගන්න පුළුවන්.

ඒ සදහා මේ ලින්ක් එක භාවිතා කරන්න.

Google Dash Board


මම ඔයාලට බලන්නත් එක්ක Screen Shot එකක් දාලා තියෙනවා. බලන්නකො.




කොහොමද? ගූගල් වලින් අපිට කොයිතරම් ප්‍රයෝජන තියෙනවද? තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Apple Safari Web Browser for Windows



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට දෙන්න යන්නේ ලෝකයේ ජනප්‍රියම හා වැඩිම දෙනෙකු බාවිතා කරන Apple Safari Web Browser එක ඔයාලගේ Windows මෙහෙයුම් පද්ධතිය සදහාත් ලබාදීමටයි. මෙම Apple Safari Web Browser එක වේගවත් වෙබ් බ්‍රසර් එකකි. එය දැන් අපි බාවිකා කරන Windows මෙහෙයුම් පද්ධකිය සදහාත් දැන් ලබා ගත හැකිය.

මුලින්ම මම ඔයාලට මේ Apple Safari Web Browser එක Download කරගන්න ඕනෙ ලින්ක් එක දෙන්නම්. ඒ සදහා පහත ලින්ක් එක බාවිතා කරන්න.

Apple Safari Web Browser


ඔයාලටම දැන් බලාගන්න පුළුවන්නේ කොහොමද Apple Safari Web Browser එක කියලා. පහත Photo ටිකත් බලන්නකො.



හොදයි නේද? තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

නිවැරදිව ඉංශ්‍රීසි ලියමු



ආයුබෝවන් යාළුවනේ!

අද නම් මම අපේ යාළුවන්ට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයාර් එකක් තමයි අරගෙන ආවේ. මේක අපි හැමෝටම ඉතාමත් වැදගත් වෙයි කියලා මම හිතනවා. අපි ඉංශ්‍රීසි ටයිප් කරනකොට අපි අතින් අකුරු එහෙම වරදින්න පුළුවන්. ඒ වගේම අපි ටයිප් කරන වාක්‍යයක ව්‍යාකරණ වැරදි නම් ඒ බවත් අපට නිවැරදිව බලා ගන්න පුළුවන්. මම ඔයාලට පොඩි උදාහරණයක් පෙන්වන්නම්. පහතින් බලන්නකො.



ඔයාලට පේනවා ඇති මම වැරදියට වාක්‍යය ටයිප් කරලා තියෙනවා. නමුත් මට මේ මෘදුකාංගය හරහා එය නිවැරදිව පෙන්නුම් කරනවා ඔයාලට පේනවා ඇති.

මේ මෘදුකාංගය Ginger නමින් හදුන්වනු ලබනවා. ඔයාලටත් පුළුවන් මේ මෘදුකාංගය පහතින් ඇති ලින්ක් එක උපකාර කරගෙන බාගත කරගෙන භාවිතා කරන්න.

Ginger Software


ඔයාලා මේ ටිකත් බලලා ඉන්නකො.





හොදයි නේද මේක? තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

හැදුනුම්පතේ (NIC) විස්තර බලාගමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට දෙන්න යන්නේ ශ්‍රී ලංකාවේ හැදුනුම්පතක් ඇති ඕනෑම කෙනෙකුගේ විස්තර බලාගත හැකි පුංචිම පුංචි සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි. මේ සොෆ්ට්වෙයා එක පුංච් උනාට වැඩ පුංචි නෑ. අපි මුලින්ම මේ සොෆ්ට්වෙයා එක බාගත කරගෙන ඉමුකො. ඒ සදහා පහත ලින්ක් එක භාවිතා කරන්න.

SL NIC Checker


දැන් ඉතින් මේ පහතින් තියෙන විදිහට කරගෙන යන්න.






කොහොමද සොෆ්ට්වෙයා එක. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

අළුත් විදිහට Comment කරමු



ආයුබෝවන් යාළුවනේ!

සුබ නව වසරක් වේවා කියලා මේ අලුත් අවුරුද්දේ මුලින්ම අපේ යාළුවන්ට පොඩ්ඩක් සතුටු වෙන්න Post එකක් දාන්න හිතුවා. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ Comment කරන්න අලුත් ක්‍රම කිහිපයක්. මම අන්තර්ජාලයේ සැරිසරද්දි තමයි මට මේ අපූරු වෙබ් අඩවිය හමුවුණේ. මම ඒ දෙය ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

ඔයාලත් බලන්නකො මේ ක්‍රම කිහිපය.





වැඩි කතා මොකටද අපි මුලින්ම වෙබ් අඩවියට ගිහින් ඉමූ. මේ පහලින් තියෙන ලින්ක් එක භාවිතා කරලා ඔයාලට මේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්.

Facebook Symbols


හොදයි මේ වෙබ් අඩවියේ තියෙන නොයෙකුත් ආකාරයේ ක්‍රම භාවිතා කරලා ඔයාලට පුළුවන් වම් පස ඔයාලට අවශ්‍ය දෙය ටයිප් කරලා දකුණු පස පෙන්වන එක Copy කරලා ඔයාලා Comment කරන තැනට Paste කරන්න. මෙය පහලින් ඔබට දැක බලා ගත හැකිය.




මේ පහතින් පෙන්නුම් කරන අන්දමට ඔයාලට පුළුවන් Copy කරලා Paste කරගන්න


ඔයාලටත් මේ විදිහට අලුත් ක්‍රම භාවිතා කරලා කරලා බලන්නකො.තවත් එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.



Torrent ගැන දැනගමු - Part 2



ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සේ ආයෙත් Post එකක් දාන්න අවස්ථාවක් ලැබුණා. මම කලින් පොරොන්දු උනානේ ටොරන්ට් වල ක්‍රියාකාරීත්වය ගැන Post එකක් දානවා කියලා. ඉතින් මම අද ඒ පොරොන්දුව ඉටු කරලා යන්නයි හදන්නේ.

මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද ඒ දේවල් කියලා.

  • ටොරන්ට් ෆයිල් ( Torrent File )
             ඔයාලා නිතරම අහලා ඇති මේ වචනය. මේකෙන් කියවෙන්නේ කුඩා තොරතුරු ප්‍රමාණයක් ඇතුලත් වෙලා තියෙන ෆයිල් එකක්. ඒ ෆයිල් එක තුල අන්තර්ගත වෙන්නේ බාගත කිරීමට අදාල ෆයිල් එකේ නම, එහි ප්‍රමාණය, එම ෆයිල් එක බාගත කරගත යුතු ස්ථානය වගේ දේවල් අඩංගු ෆයිල් එකක් ටොරන්ට් ෆයිල් එකක් විදිහට හදුන්වනවා.

  • ටොරන්ට් ක්ලයන්ට් ( Torrent Client )
             ඔයාලා මේක මේ නමින් හදුනන්නේ නැති වුනාට ඔයාලා හොදටම දන්නා කියන දෙයක් තමයි මේක. ඔයාලා ටොරන්ට් ෆයිල් බාගත කර ගැනීම සදහා බාවිතා කරනු ලබන මෘදුකාංගය මේ නමින් හැදින්විය හැකිය. මේ මෘදුකාංගය නොම්ලෛ් ලබාගත හැකිය.

  • ටොරන්ට් ටැකර්ස්  ( Torrent Trackers )
            මේක ඇත්තටම සේවාවකි. මේ මගින් සිදු කරනු ලබන්නේ ලොකයේ පුරා විසිරී පැතිරී ඇති ටොරන්ට් ෆයිල් බාගත කරගනු ලබන පුද්ගලයින් කළමනාකරණය කිරීමයි. මෙය ඉතිමත් මහගු සේවාවකි.

  • ටොරන්ට් සීඩ්ස් ( Torrent Seeds )
            ටොරන්ට් සීඩ්ස් කියන එක තමයි වැදගත්ම දෙය. මේ මගින් තමයි අපේ ටොරන්ට් වල බාගත කිරීමේ වේගය තීරණය වෙන්නේ. මේයින් අදහස් වෙන්නේ අපි බාගත තරනු ලබන ෆයිල් එක තිබෙන තවත් පරිගණක පිළිබදවයි.

දැන් ඉතින් අපි බලමු කොහොමද ටොරන්ට් බාගත වීමේ ක්‍රියාවලිය සිදු වන්නේ කියලා.

අපි හිතමු A කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒ පුද්ගලයා සතුව අපි හිතමු චිත්‍රපටියක් තියෙනවා කියලා. ඔහු මේ චිත්‍ර පටයට අදාලව ටොරන්ට් ෆයිල් එකක් හදලා ටැකර් වෙබ් අඩවියකට ඒ ෆයිල් එක දෙනවා. නමුත් මේ A කියන පුද්ගලයා මේ චිත්‍රපටය කිසිම තැනකට අප්ලොඩ් කරලා නෑ. ඇන් ඉතින් B කියන පුද්ගලයෙක් ඒ ටොරන්ට් ෆයිල් එක බාගත කරගෙන කමන්ගාව තියෙන ටොරන්ට් මෘදුකාංගය බාවිතා කරලා ඒ චිත්‍රපටය බාගත කර ගන්නවා. ඒ වෙලාවට සිදු වෙන්නේ අර A කියන පුද්ගලයාගේ පරිගණකයේ තිබුණ ච්‍ත්‍රපටය අප්ලොඩ්වෙලා තමයි B කියන පුද්ගලයා බාගත කරගනු ලැබුවේ.

ඒ විදිහට B බාගත කර ගැනීමට නම් A විසින් පරිගණකය අන්තර්ජාල සබදතාව විසන්ධි නොකර හා පරිගණකය විසන්ධි නොකර තැබිය යුතුයි. මේ A කියලා කියන්නේ අප් කලින් කතා කරපු විදිහට සිඩ්ස් කෙනෙක්.

අපි හැම වෙලාවතදීම තෝරාගත යුතු වන්නේ මේ සීඩ්ස්ලා වැඩිපුර ඉන්න ෆයිල් එකක්.ඒ මගින් අයට පුළුවන් ඉතා ඉක්මනින් අප බාගත කර ගැනීමට බලාපොරොත්තු වන ෆයිල් එක බාගත කර ගත හැකිය.

මම හිතනවා ඔයාලට මේ ටොරන්ට් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යම් වැටහීමක් ලැබෙන්න ඇති කියලා. කුමත් හෝ ගැටළු සහිත දෙයක් වෙතොත් එය මා වෙත යොමු කරන්න. මම ඒ සදහා ඉක්මන් පිළිතුරු ලබා දීමට සූදානමින් සිටියි. 

මේ Post එක සම්බන්ටයෙන් ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Torrent ගැන දැනගමු - Part 1



ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සේ ආයෙත් Post එකක් දාන්න අවස්ථාවක් ලැබුණා. අද මම ඹයාලට කියලා දෙන්න යන්නේ ටෙරන්ට් කියන්නේ මොකක්ද කියලා.

ටෙරන්ට් යන්නෙහි සිංහල අර්ථය සලකා බලන විට අපට පැහැදිලි වන්නේ නොකඩවා ගලා යන/ ප්‍රවාහය වගේ අදහසකි. අද අපි බලමු කොහොමද ටොරන්ට් බාගත කරගන්නේ කියන කාරණය.

අපිට නොයෙකුත් මෘදුකාංග වර්ග මේ ටොරන්ට් ගොනු බාගත කර ගැනීම සදහා අද දක්නට ලැබේ. මේ සියළුම මෘදුකාංග මගින් අපට අවශ්‍ය ගොනු බාගත කරගැනීමේ හැකියාවක් ඇත. පහත සදහන් ලින්ක් බාවිතා කර ඔබට ටොරන්ට් මෘදුකාංගය බාගත කරගත හැකිය.

මේ වගේ ගොඩක් මෘදුකාංග තිබුණද මම නම් මේවගෙන් අනුමත කරන්නේ  U Torrent හා Bit Torrent කියන මෘදුකාංග දෙකයි. ඉතින් ඔයාලත් බාගත කරගෙන බලන්න.



මීලග Post එකෙන් අපි බලමු ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නේ කියලා.

මේ Post එක සම්බන්ධයෙන් ඔයාලා හිතන දේ කියන්නකො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.