WhatsApp will be blocked on 43 phone models from November. - WhatsApp වලට නොවැම්බර් සිට වෙන්න යන දෙයක්



ආයුබෝවන් සියළු දෙනාටම.
සෑහෙන්න කාලයකට පසුව නැවතත් මෙවැනි පෝස්ට් එකකින් හමුවීමට ලැබීම සතුටක්. අද අපි කතා කරන්නේ WhatsApp වලට නොවැම්බර් සිට වෙන්න යන දෙයක් පිළිබදවයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට වට්ස්ඇප් යෙදවුම නොවැම්බර් මාසයේ සිට ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි 43ක් සඳහා ක්‍රියාකාරිත්වය අත්හිටුවීමට තීරණය කැ තිබේ.

ලොව පුරා වැඩිම පිරිසක් භාවිතා කරන වට්ස්ඇප් යෙදවුම, පසුගිය මාස කිහිපය තුළ විශේෂාංග රැසක් හඳුන්වා දෙනු ලැබුවා. කෙසේ වෙතත්, නොවැම්බර් මස 1 වැනිදා සිට ස්මාර්ට් දුරකතන මාදිලි විශාල සංඛ්‍යාවකට එහි ක්‍රියාකාරිත්වය ලබා නොදීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

විශේෂයෙන්ම මෙය පැරණි ස්මාර්ට් ජංගම දුරකතන සඳහා බලපානු ඇති.

සම්පූර්ණ ලැයිස්තුව මෙන්න
  1. Apple: iPhone SE
  2. Apple: iPhone 6S
  3. Apple: iPhone 6S Plus
  4. Samsung: Galaxy Trend II
  5. Galaxy SII
  6. Samsung Galaxy Trend Lite
  7. Galaxy S3 mini
  8. Galaxy Ace 2
  9. Galaxy Xcover 2
  10. Galaxy Core
  11. LG Lucid 2
  12. Optimus F7
  13. Optimus F5
  14. Optimus L3 II Dual
  15.  Optimus F5
  16.  Optimus L5
  17. Optimus L5 II
  18. Optimus L5 Dual
  19. Optimus L3 II
  20. Optimus L7
  21. Optimus L7 II Dual
  22. Optimus L7 II
  23. Optimus F6
  24. Enact
  25.  Optimus L4 II Dual
  26. Optimus F3
  27. Optimus L4 II
  28. Optimus L2 II
  29. Optimus Nitro HD
  30. Optimus Nitro  4X HD
  31. Optimus F3Q
  32. ZTE Grand S Flex
  33.  ZTE V956
  34. Grand Memo
  35. Grand X Quad V987
  36. Huawei Ascend G740
  37. Ascend D1 Quad XL
  38. Ascend P1 S
  39.  Ascend Mate
  40. Ascend D Quad XL
  41.  Ascend D2
  42. Sony Xperia Neo L
  43. Sony Xperia Miro
  44. Xperia Arc S
  45. Lenovo A820
  46. HTC Desire 500
  47.  Alcatel One Touch Evo 7
  48. Archos 53 Platinum
  49. Faea F1
  50. Caterpillar Cat B15
  51. Wiko Cink Five
  52. Wiko Darknight
  53. UMi X2
  54. THL W8

Top 10 Youtubers in Sri Lanka - Youtube Ranking Sinhala. ඔයාගේ Facebook ...

ඔයාලගේ You Tube Channel එකේ Facebook Page එකේ Ranking එක බලාගන්න මෙම Video එක බලන්න. You Tube Channel  එක Subscribe කරන්න අමතක කරන්න එපා.



Cheat Book - Database 2017

 

ගේම් සෙල්ලම් කරන්න ළමයි, තරුණ, වැඩිහිටි කියලා වෙනසක් නෑ අපි කවිරුත් එක විදිහට කැමතියි. ඉතින් එහෙම ගේම් සෙල්ලම් කරගෙන ඉන්න විට කුමන හෝ ලෙවල් එකක් සෙල්ලම් කරන්න නොහැකි වුනොත් එහෙම අපි අසරණ වෙනවා. එහෙම අසරණ වෙන්නේ නැතිව ගේම් සෙල්ලම් කරන්න තමයි මේ Cheat Book කියන ඒවා හදලා තියෙන්නේ

අද මම අරගෙන ඇවිත් තියෙන්නේ Cheat Book 2017. මේ මගින් අපේක්ෂා කරන්නේ ගේම් එකක් අවසානය තෙක් සෙල්ලම් කිරීමට අවස්ථාවක් සලසා දීමයි. 2017 වර්ෂය දක්වා ඇති ගේම්ස් වල රහස් කේත මෙ මගින් ලබාගන්න පුළුවන්කම තියෙනවා. අපිට අවශ්‍ය ගේම් එකේ නම search කිරීම මගින් අපිට අවශ්‍ය රහස් කේතයන් ලබා ගන්න පුළුවන්. 

 

මෙම රහස් කේත බාවිතයෙන් අපිට පුළුවන් ඉදිරියේදී ලබා ගැනීමට ඇති Weapon වැනි දේවල් ලබාගන්නත් පුළුවන්කමක් තියෙනවා. මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කර ඔයාලට පුළුවන් මෙම Cheat Book 2017 බාගත කරගන්න.

Cheat Book 2017

ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා මෙම ලිපිය. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු.

 

Ant Download Manager & Video Downloader

ටික දවසකින් පස්සෙ ආයෙත් ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබුණා. අද අරගෙන ඇවිත් තියෙන්නේ අපිට ඉතාමත් වැදගත් මෘදුකාංගයක්. මේක නමින් Ant Download Manager. මෙය IDM මෘදුකාංගයට ආදේශකයක් විදිහට අපිට බාවිතා කරන්න පුළුවන්. මෙහිදීද අපට IDM මෘදුකාංගය තුල දැක ගත හැකි සියළුම දේවල් දැක ගැනීමට හැකියාව ඇත. 


















මේ මගින් අපිට පුළුවන් You Tube විඩියෝ ඉතාමත් පහසුවෙන් බාගත කරගත හැකිය. මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කර මෙම මෘදුකාංගය බාගත කරගන්න.

Ant Download Manager

ආයෙත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු.

Introducing Ockel Mini PC


ලෝකය දිනෙන් දින දියුණු වෙමින් යන ගමනේදී දැන් අපට අතේ ගෙන යා හැකි Smart Phone එකකට වඩා තරමත් විශාල ටච් ස්ක්‍රීන් සහිතව නවතම පරිගණකයක් හදුන්වා දී තිබේ. මෙම පරිගණකය හදුන්වා දී ඇත් Ockel Computers ආයතනය විසිනි. මෙමගින් අපට පරිගණකයකින් කරගත හැකි සියළුම කාර්යයන් සිදු කරගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙ සදහා එම ආයතනය විසින් එළි දක්වන ලද වීඩියෝව පහතින් දැක්වේ.






මෙහි ඇතුලත් දේවල් පහත දැක්වේ.

        වින්ඩොස් 64 බිට් සහිතයි.

        Quad Core ප්‍රොසෙසරයක් ඇතුලත් වේ. ( වේගය1.6GHz සිට   2.56GHz දක්වා වැඩි කරන්න පුළුවන්)

         64 GB දත්ත ගබඩාකල හැක.

         DDR3 4GB රැම් එකක් සහිතයි.

         Intel HD Graphics සහිතව අතර 4K Video සහාය දක්වයි.

         අගල් 6 ටච් ස්ක්‍රීන් තිරය.

         Micro SD Card සම්බන්ධ කිරීමේ හැකියාව.

         වයිෆයි සහ බ්ලූටූත් සහිතයි.

         3000 mAh බැටරිය.

         සෙන්සර් - Accelerometer, Gyroscope, Magnetometer

         USB 3.2 පෝර්ට් 2 ක්, USB Type-C , HDMI, Display Port, RJ-45 Internet port, 3.5mm Audio port, power 12v / 3A

 


යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න.  අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු.

How To Reset Windows 10 To Default Factory Settings

 

අපේ windows 10 භාවිතා කරනු ලබන පරිගණකයෙහි කිසියම් lagging programs එකක් ඇති වූ විට අපිට windows 10මෙහෙයුම් පද්ධතිය factory reset කිරීමට සිදු වෙයි. අප factory reset කිරීමේදී අපේ පර්ගණකයෙහි ස්ථාපනය කර ඇති apps සහ අනෙකුත් දත්ත නැතී වී යයි. මෙය සාමාන්‍යෙයන් අපේ mobile phones එකක් factory reset කරන එකට සමානයි. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ windows 10 මෙහෙයුම් පද්ධතිය factory reset කරන ආකාරයයි.

Step 1

අපි මුලින්ම දකුණු පස ඉහල ඇති Notification Center එකට ගොස් එහි ඇති All Settings  යන්න click කරන්න. 

Step 2

දැන් “Update and Security” කියන option එකට යන්න.

Step 3

දැන් වම්පස ඇති recovery section එකට යන්න. අනතුරුව reset this PC  යන්නට පහලින් ඇති Get Started යන්න click කරන්න.

Step 4

අනතුරුව popup window එකක් පැමිණෙයි. එහි option දෙකක් ඇත. පළමුව ඇති Keep my files යන්න select කළ විට අපගේ පරිගණකයෙහි ඇති ගොනු වලට කිසිදු හානියක් නොවී reset වීම සිදු වෙයි. අපි දෙවනියට ඇති Remove everything යන්න select කළ විට අපගේ පරිගණකයෙහි ඇති සියළු ගොනු මැකී යනු ඇත. එබාවින් නිවැරදිව ඔබට අවශ්‍ය option එක select කරන්න.

Step 5

දැන් warning එකක් ලබා දෙනු ලබයි. එහි ඇති next option එක click කර ඉදිරියට යන්න.

Step 6

දැන් අවසාන warning එකක් ලබා දෙනු ලබයි. එහි ඇති reset යන්න click කළ විට අපගේ පරිගණකය factory reset වීම ආරම්භ කරනු ලබයි. 

Step 7

මෙය reset වන අතරතුර අපගේ පරිගණකය restart වීමක් සිදුවන අතර ඒ සදහා සුළු මොහොතක් ගතවෙයි. එය අවසන් වූ පසු choose an option යනුවෙන් Window එකක් පැමිණෙයි. එහි ඇති Continue යන්න Click කර ඉදිරියට යන්න.

දැන් සියල්ලම සාර්ථකව අවසන් කර ඇත. දැන් පෙර තිබු තත්වයට වඩා හොදට පරිගණකය ක්‍රියා කරනු දැකගත හැකි වෙයි.  ඉතින් මේ ආකාරයට අපට පුළුවන් Windows 10 මෙහෙයුම් පද්ධතිය factory reset කරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න.  අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු.

Top 10 Free Websites for Downloading Windows Software

 

Windows මෙහෙයුම් පද්ධතිය සදහා මිලියන ගණන් software අද වන විට නිර්මාණය කර ඇති අතර එම software download කරගැනීම සදහා විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් තිබේ. නමුත් කොතෙකුත් වෙබ් අඩවි පැවතියද විශ්වාසවන්තව software download කරගැනීමට ඇත්තේ ඉතාමත් සුළු වෙබ් අඩවි ප්‍රමාණයකි. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ විශ්වාසවන්තව software download කරගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයකි. මෙහි පහතින් ඉදිරිපත් කරන වෙබ් අඩවි හරහා අපට පුළුවන් ඉතාමත් පහසුවෙන් software download කරගෙන install කරගන්න.

#1 Ninite

 Ninite කියන්නේ ඉතාමත් හොද software downloading වෙබ් අඩවියක්. ඔයාලට පුළුවන් ඉතාමත් ජනප්‍රිය Chrome, VLC, Spotify වගේ සියළුම software එක click එකකින් download කරගෙන install කරගන්න.

#2 Softpedia

මෙම  වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මෙමගින් අපිට නොමිලේ ලබාදෙන මෙන්ම මුදල් දී භාවිතා කරන software ලබාගන්න අවස්ථාව තිබේ. මෙහි ඇත්තේ  software වල අළුත්ම version එක වීම විශේෂත්වයකි.

#3 SnapFiles

 මෙම  වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මේ මගින් අපිට පුළුවන් නොම්ලේ ලබාගත හැකි හොදම software 100 download කරගන්න වගේම විවිධ වූ  වර්ගීකරණයන් (categories) යටතේද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන් වීම විශේෂත්වයකි.

 #4 DownloadCrew

මෙම වෙබ් අඩවියද තවත් ජනප්‍රිය වෙබ් අඩවියකි. අපිට පුළුවන් මේ මගින් Windows, Linux, Mac වගේ මෙහෙයුම් පද්ධති වලට අවශ්‍ය software download කරගන්න.

#5 MajorGeeks

ඇත්තටම මෙම වෙබ් අඩවියේ හැඩය අනෙකුත් වෙබ් අඩවි මෙන් නොව එය පැරණි ස්වරූපයක් ගනියි. නමුත් මෙමගින් අපිට පුළුවන් අළුත්  software download කරගන්න.

#6 FilePuma

මෙය ඉතාමත් වටිනා වෙබ් අඩවියකි. මෙමගින් up-to-date software download කරගන්න පුළුවන්.

#7 DonationCoder

මෙමගින්ද අපිට පුළුවන් නොමිලේ software download කරගන්න.

#8 FileHippo

මෙහි ඉතාමත් ජනප්‍රිය දිනපතා භාවතා කිරීමට සිදුවන software download කරගන්න අවස්ථාව තියෙනවා.

#9 BrotherSoft

මෙය දැනට නොමිලේ software download කරගැනීමට ඇති වෙඩ් අඩවි අතරින් ඉතාමත් විශාල වෙබ් අඩවියකි.

#10 ComputersHopper

 ComputerShopper.com මගින්ද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන්.

ඉහතින් දක්වා ඇති වෙබ් අඩවි භාවිතයෙන් ආරක්ෂාකාරීව සහ නොමිලේ  ඔබට අවශ්‍ය  software  download කරගෙන භාවිතා කිරීමේ හැකියාව පවතියි. මෙම ලිපිය ඔයාලගේ යාළුවන්ටත් බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

How To Disable Ads in uTorrent And BitTorrent

 

අපි සියළු දෙනාම කැමතියි torrents වලට. අපිට ඒ මගින් නොමිලේ Movies, Games, Software වගේ ගොඩක් දේවල් ඉතාමත් පහසුවෙන් බාගත කර ගැනීමේ හැකියාවක් පවතියි. අපි දන්නවා Torrent Software වල pro version එකක් වගේම free version එකකුත් එනවා. අපිනම් ඉතින් භාවිතා කරන්නේ free version එක තමයි. මේ දෙක අතර වෙනස පවතින්නේ free version එකේ වෙළද දැන්වීම් දැකගත හැකි වන අතර pro version එක තුල වෙළද දැන්වීම් දැකගත නොහැකිය. මෙම වෙළද දැන්වීම් සදහා අපගේ data නිකරුනේ වැයවන බව ඔබ දන්නවාද? ඒ තුලින් අපිට බාගත කරගනු ලබන ගොනුවෙහි වෙිගය අඩාල වීමක් සිදුවෙයි. 

ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ මේ වෙළද දැන්වීම් ඉවත් කරගෙන හොද වේගයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණයයි. ඔයාලාගේ ටොරන්ටි පිළිබද දැනුම අඩුනම් මේ පහතින් ඇති ලින්ක් එකට ගිහින් එහි ඇති ලිපිය කියවන්න.

Torrent ගැන දැනගමු - Part 1 

Torrent ගැන දැනගමු - Part 2 

පහතින් ඇති විදිහට කරගෙන යන්න.

 Step 1

මුලින්ම  Torrent Software එක විවෘත කරගන්න. අනතුරුව Preferences setting වලට ගොස් “Advance” තෝරන්න.


Step 2

දැන් ඔබ විසින්  gui.show_plus_upsell යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

Step 3

දැන් ඔබ offers.sponsored_torrent_offer_enabled යන්න තාෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

 Step 4

දැන්   bt.enable_pulse යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

 Step 5

දැන්  gui.show_notorrents_node යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

Step 6

දැන් offers.content_offer_autoexec  යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

දැන් සියල්ලම සාර්ථකව අවසන් කොට ඇත. 

 

ඉතින් අද අපි කතා කරන්න යෙදුනේ ටොරන් වල ඇති වෙළද දැන්වීම් ඉවත් කර ගන්නා ආකාරයයි. ඒ මගින් අපිට හොද බාගත කරගැනීමේ වෙිගයත් බලා ගත හැකිියි. මෙම ලිපිය යාළුවන්ටත් බලන්න  share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

How To Select All Unread Mails As Read In Gmail

 

Gmail සේවාව සපයන්නේ Google සමාගම විසිනි. ඔබ Gmail සේවාව විවිධ වු කාර්යයන් සදහා භාවිතා කරයි. එවිට අපගේ Gmail ගිණුමට emails පැම්ණෙයි. අපි විවිධ සේවාවන්හී ලියාපදිංචි වූ විට ඒවා මගින් අපිට විවිධ වූ emails පැමිණෙයි. සමහර emails අපට කිසිම වැඩකට නැති ඒවා වෙන්න පුළුවන්. ඉතින් ඒවගේ වලාවට අපිට පුළුවන් එම emails බලන්නේ නැතිව ඒවා බැලුව විදිහට හදන්න. අද කියලා දෙන්න යන්නේ එලෙස කොහොමද unread emails බලන්නේ නැතිව read emails විදිහට පෙන්වන්නේ කියලා. මේ පහතින් ඇති පියවර අනුගමනය කරන්න.


Step 1

මුලින්ම අපගේ  Gmail ගිණුමට පිවිසෙන්න අවශ්‍යයි.


 Step 2

දැන් search box එකේ “is:unread” ලෙස search කරන්න.


Step 3

දැන් එම  emails සියල්ලම select කරන්න පහත විදිහට.


Step 4

 දැන් එම  emails සියල්ලම select කරගත් පසු ඊලග පියවර විදිහට “Select all conversations that match this search” විසිහට හදන්න අවශ්‍යයි.


Step 5

දැන්  More option එක මගින් “Mark As Read” ලෙස select කරන්න.

 

 Step 6

දැන්  “Confirm Bulk Action” ලෙස pop-up message එකක් එයි. එය ok කරන්න.


දැන් සියල්ලම සාර්ථකව නිමා කර හමාරය. සියළුම unread emails බලන්නේ නැතිව read emails විදිහට පෙනේවි.  ඔයාලත් උත්සහ කරලා බලන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි වැදගත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.