ගූගල් වලින් ‍ෆෝන් එක තියෙන තැන දැනගමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම අරගෙන ආවේ කලින් දාපු Post එකකට සම්බන්ධ දෙයක්. මම කලින් ඔයාලට කියලා දුන්නානේ අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් හරි, ටැබ් එකක් හරි නැති වෙච්ච වෙලාවට IMEI නම්බර් එක හොයා ගන්න විදිහ.
කලින් බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න. ඉතින් දැන් මම කියලා දෙන්න යන්නේ ගූගල් වෙතින් අපිට සපයා ඇති නවතම සේවාව ගැනයි.

අපිට දැන් පුළුවන් ගූගල් වල අපේ ෆොන් එක Search කරලා තියෙන තැන හොයාගන්න. ඒ සදහා අපි මුලින්ම මේ පහතින් තියෙන ඇප්ස් එක ඇන්ඩ්‍රොයිඩ් උපකරණයෙහි ස්ථාපනය කරගෙන ඉන්න ඕනේ.

Google now


මේ ඉහතින් දක්වපු  ඇප්ස් එක අපේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයෙහි ස්ථාපනය කර ගැනීමෙන් පසු අපිට පුළුවන් ගූගල් වල අපේ ෆෝන් එක Search කරන්න. ඒ සදහා ගූගල් වල "සර්ජ් මයි ෆෝන්" (Search My Phone) ලෙස ටයිප් කරලා Enter කරන විට අපිට මැප් එකක් ඇවිත් ෆෝන් එක තියෙන තැන පෙන්නුම් කරනු ලබයි.

අපේ ෆෝන් එක තියෙන තැන පෙන්නුම් කරේ නැත්නම් මොකද කරන්නේ?

අපිට ඒ මැප් එකට අමතරව රින් බටන් එකක්ද පෙන්නුම් කරනු ලබයි. අපි ඒ රින් බටන් එක මත කිලික් කල විට විනාඩි 5ක් පුරාවට අපේ ෆෝන් එක නාදවෙනු ලබයි. එවිට අපට පුළුවන් ෆෝන් එක තියෙන තැන සොයා ගන්න. සොයා ගැනීමෙන් අනතුරුව රින් බටන් එක මත කිලික් කිරීමෙන් එම රින් වීම නවතිනු ඇත.

අපි හිතමු අපේ ෆෝන් එක නැතිවුණා කියලා. ඒ වෙනකොට අපේ ෆෝන් එකේ අපිට වැදගත් Photo, Video වගේ දේවල් තිබුණොත් ඒවා ඒ ෆෝන් එක ලැබුණ පුද්ගලයා ඒ දේවල් වලින් කුමන දේවල් කරන්න පුළුවන්ද? සමහර විට එය අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට මේ ඇප්ස් එක හරහා පුළුවන්කම ලැබෙනවා ඒ දේවල් කර කරන්නට.

මේ ඇප්ස් එක මගින් ලබා ගත හැකි තවත් ප්‍රෙයා්ජන ලබා ගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න.



ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ ඇප්ස් එකේ තියෙන වැදගත්කම. ඔයාලත් ඔයාලගේ තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරගන්න මේ ඇප්ස් එක භාවිතා කරන්න.තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment