Find Everything With Pasansoft Web Search Engine

 ආයුබෝවන් යාළුවනේ!

දැන් මම අරගෙන ඇවිත් තියෙන්නේ අපිට ගොඩක් වැදගත් මෘදුකාංගයක්. අපට අවශ්‍ය දේවල් අන්තර්ජාලයෙහි සොයා ගැනීම සදහා අපි විවිධ Web Search Engine බාවිතා කරනවා. ඒ පමණක් නොවෙයි අපි වෙබි අඩවි දැනගෙන සිටියත් එම වෙබි අඩවි වල URL එක නොදන්නා විට අපි මෙම Web Search Engine බාවිතා කරනවා. අපි හොදින් දන්න Web Search Engine කිහිපයක් විදිහට Google, Yahoo වගේ Web Search Engine දක්වන්න පුළුවන්. 

මෙම Web Search Engine වලින් අපිට විවිධ ආකායේ විවධ විස්තර සහිතව වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලබන අතර එමගින් අපිට අවශ්‍ය දේවල් නිවැරදිව ලබාගත හැකි උවද එමගින් නොමග යන අවස්ථාද නැතුවාම නොවෙයි. 

මම දැන් මේ ඉදිරිපත් කරන මෘදුකාංගය තුලින් විස්තර ඉදිරිපත් නොකරන අතර අපට අවශ්‍ය වෙබ් අඩවි කිහිපයක් නිවැරදිව ඉදිරිපත් කරනු ලැබේ. ඔබට තවත් මේ පිළිබදව පැහැදිලි වීම සදහා පහත Screen Shot කිහිපය බලන්න.


මෙම මෘදුකාංගයෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය අපේ රටේම කෙනෙක්ගේ නිර්මාණයක් වීමයි. ඉතින් මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා එම මෘදුකාංගය බාගත කරගන්න.

Pasansoft Web Search Engine

මෙම ලිපිය පිළිබදව ඔබගේ අදහස් ඉද්රිපත් කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Portable Adobe Photoshop CS6

ආයුබෝවන් යාළුවනේ!

දැන් මම දෙන්න යන්නේ අපි කවුරුත් ගොඩක් කැමති වෙන දෙයක්. අපි කැමතියිනේ Portable Software කරන්න. අද දෙන්න යන්නේ Portable Adobe Photoshop CS6 Software එක. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිගණකය තුල ස්ථාපනය කිරීමකින් තොරව බාවිතා කිරීමට හැකියාවක් තිබීමයි. එමගින් අපේ පරිගණකයෙහි ඇති ඉඩ ප්‍රමාණය අඩුවීමකින් මෙන්ම පරිගණකය Slow වීමකින් තොරව වැඩ කටයුතු කරගැනීමට අපට පුළුවන් වෙනවා.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙම Software එක 93MB වීමයි. මෙම Software එක Pen Drive එකක තියාගෙන උවත් වැඩ කරගැනීමට හැකිවීමයි. මේ පහතින් ඇති Screen Shot කිහිපය බලන්න. 


දැන් අපි මෙම Software එක Download කරගම් මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා.

Portable Adobe Photoshop CS6

ඔයාලගේ අදහස් මෙම ලිපිය සම්බන්ධව ඉදිරිපත් කරන්න. තවත් මෙවැනි ලිපියනකින් හමුවෙමු. සතුටින් ඉන්න.

New Sinhala - English Dictionary

 

ආයුබෝවන් යාළුවනේ!

අපි දන්නවා නොයෙක් ආකාරයේ Sinhala - English Dictionary තියෙනවා. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ අපිට ඉතාමත් පහසුවෙන් බාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක්. මෙම මෘදුකාංගය පරිගණකයෙහි ස්ථාපනය කිරීමකින් තොරව අපිට බාවිතා කරන්න පුළුවන්. ඒක තමයි මෙම මෘදුකාංගයෙහි ඇති විශේෂම දෙය.

මෙම මෘදුකාංගය අපගේ Pen Drive එක තබාගෙන උවද බාවිතා කිරීමට අපිට පුළුවන්. එම මෘදුකාංගය මත ඩබල් කිලික් කිරීම තුලින් අපිට පුළුවන් මෙම මෘදුකාංගය බාවිතා කරන්න. වැඩිය කියන්න දෙයක් නෑ. මේ පහතින් ඇති Screen Shot කිහිපය බලන්න.

 

ඉතින් ඔයාලට පැහැදිලි ඇති මෙම මෘදුකාංගය පිළිබදව. අපි මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා එම මෘදුකාංගය බාගත කරගමු.

Pasansoft Sinhala - English Dictionary

මෙම මෘදුකාංගය Open කල පසු සිංහල අකුර පෙන්වන්නේ නැතිනම් මෙම මෘදුකාංගය සමග ඔබට ලැබෙන සිංහල Font එක ඔබේ පර්ගණකය තුල ස්ථාපනය කරගන්න. ඔයාලත් බාවිතා කරලා බලන්න. මෙම ලිපිය පිළිබද ඔබගේ අදහස් අපට ඉදිරිපත් කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.


Get Free Internet Doownload Manager

ආයුබෝවන් යාළුවනේ!

ටික කාලෙකට පස්සේ ලිපියක් පල කරන්න අවස්ථාවක් ලැබුණා. ටිකක් කාර්ය බහුල වෙලා ඉන්න නිසා ලිපියක් පල කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. හොදයි අද මම අරගෙන ආවේ අපි කාටත් එක විදිහට වැදගත් වෙන මෘදුකාංගයක්. අපි කවුරුත් කැමතියිනේ කිසිම කරදරයක් නැතිව ඇතිවෙනකම් අපිට අවශ්‍ය දේවල් බාන්න. ඉතින් මම අද අරගෙන ඇවිත් තියෙන්නේ ඇතිවෙනකම් බාන්න පුළුවන් මෘදුකාංගයක්.

මේක නමින් Eagle Get. මෙම මෘදුකාංගය අපි කවුරුත් දන්න කියන IDM ( Internet Download Manager) වගේම මෘදුකාංගයක්ග නමුත් මෙම මෘදුකාංගය බාවිතා කිරීම සදහා Serial Keys අවශ්‍ය නොවේ. මෙය නොම්ලේ නිකුත් කරනු ලබන Open Source මෘදුකාංගයකි. 

ඉතින් මේ පහතින් තියෙන Screen Shot කිහිපයත් බලන්නකෝ.........

දැන් අපි මෙම මෘදුකාංගය මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් බාගෙන ඉමුකො

 Eagle Get

ඔයාලත් මෙම මෘදුකාංගය බාවිතා කරලා වෙනස වටහා ගන්න. මෙමගින් ඔබට අවශ්‍ය MP3, Video, You tube video වගේම අනෙකුත් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් බාන්න පුළුවන්. ඉතින් ඔයාලගෙ අදහස් අපිට ඉදිරිපත් කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.