Sri Lanka Driving Exam

 

අපේ යාළුවොත් රියදුරු බලපත්‍රයක් බලා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? එහෙනම් මෙන්න හොදම දෙයක් අරගෙන අද ඇවිත් තියෙනවා. මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි.


(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය
(2) බර වාහන රියදුරු බලපත්‍රය

 

මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.

 

(1) නව ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට :-
මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ "නව ප්‍රශ්න පත්‍රයක්" Button එක Click කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ. 

 

(2) පුහුණු වීමට :-
ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්‍රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි.









ඔයාලට පුළුවන් මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් මෙම ඇප් එක Download කරගන්න. 


Sri Lanka Driving Exam


ඔයාලත් මෙම ඇප් එක භාවිතා කරලා ඔයාලගේ රියදුරු බලපත්‍රය ලබා ගැනිමට ඇති විභාගයෙන් හොදින් සමත් වෙන්න. ඔයාලට මතක් කරන්න ඕනෙ දෙයක් තමයි මෙම ඇප් එක නිර්මාණය කරපු අයව දිරිගන්වන්න, තවත් මෙවැනි ඇප්ස් අපි ඉදිරිපත් තරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න "5 Star" Rate කිරීමට අමතක නොකරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment