Home
දැනුම
Showing posts with label දැනුම. Show all posts
Showing posts with label දැනුම. Show all posts
How To Reset Windows 10 To Default Factory Settings
අපේ windows 10 භාවිතා කරනු ලබන පරිගණකයෙහි කිසියම් lagging programs එකක් ඇති වූ විට අපිට windows 10මෙහෙයුම් පද්ධතිය factory reset කිරීමට සිදු වෙයි. අප factory reset කිරීමේදී අපේ පර්ගණකයෙහි ස්ථාපනය කර ඇති apps සහ අනෙකුත් දත්ත නැතී වී යයි. මෙය සාමාන්‍යෙයන් අපේ mobile phones එකක් factory reset කරන එකට සමානයි. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ windows 10 මෙහෙයුම් පද්ධතිය factory reset කරන ආකාරයයි.
Step 1
අපි මුලින්ම දකුණු පස ඉහල ඇති Notification Center එකට ගොස් එහි ඇති All Settings යන්න click කරන්න.
Step 2
දැන් “Update and Security” කියන option එකට යන්න.
Step 3
දැන් වම්පස ඇති recovery section එකට යන්න. අනතුරුව reset this PC යන්නට පහලින් ඇති Get Started යන්න click කරන්න.
Step 4
අනතුරුව popup window එකක් පැමිණෙයි. එහි option දෙකක් ඇත. පළමුව ඇති Keep my files යන්න select කළ විට අපගේ පරිගණකයෙහි ඇති ගොනු වලට කිසිදු හානියක් නොවී reset වීම සිදු වෙයි. අපි දෙවනියට ඇති Remove everything යන්න select කළ විට අපගේ පරිගණකයෙහි ඇති සියළු ගොනු මැකී යනු ඇත. එබාවින් නිවැරදිව ඔබට අවශ්‍ය option එක select කරන්න.
Step 5
දැන් warning එකක් ලබා දෙනු ලබයි. එහි ඇති next option එක click කර ඉදිරියට යන්න.
Step 6
දැන් අවසාන warning එකක් ලබා දෙනු ලබයි. එහි ඇති reset යන්න click කළ විට අපගේ පරිගණකය factory reset වීම ආරම්භ කරනු ලබයි.
Step 7
මෙය reset වන අතරතුර අපගේ පරිගණකය restart වීමක් සිදුවන අතර ඒ සදහා සුළු මොහොතක් ගතවෙයි. එය අවසන් වූ පසු choose an option යනුවෙන් Window එකක් පැමිණෙයි. එහි ඇති Continue යන්න Click කර ඉදිරියට යන්න.
දැන් සියල්ලම සාර්ථකව අවසන් කර ඇත. දැන් පෙර තිබු තත්වයට වඩා හොදට පරිගණකය ක්‍රියා කරනු දැකගත හැකි වෙයි. ඉතින් මේ ආකාරයට අපට පුළුවන් Windows 10 මෙහෙයුම් පද්ධතිය factory reset කරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු.
How To Disable Ads in uTorrent And BitTorrent
අපි සියළු දෙනාම කැමතියි torrents වලට. අපිට ඒ මගින් නොමිලේ Movies, Games, Software වගේ ගොඩක් දේවල් ඉතාමත් පහසුවෙන් බාගත කර ගැනීමේ හැකියාවක් පවතියි. අපි දන්නවා Torrent Software වල pro version එකක් වගේම free version එකකුත් එනවා. අපිනම් ඉතින් භාවිතා කරන්නේ free version එක තමයි. මේ දෙක අතර වෙනස පවතින්නේ free version එකේ වෙළද දැන්වීම් දැකගත හැකි වන අතර pro version එක තුල වෙළද දැන්වීම් දැකගත නොහැකිය. මෙම වෙළද දැන්වීම් සදහා අපගේ data නිකරුනේ වැයවන බව ඔබ දන්නවාද? ඒ තුලින් අපිට බාගත කරගනු ලබන ගොනුවෙහි වෙිගය අඩාල වීමක් සිදුවෙයි.
ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ මේ වෙළද දැන්වීම් ඉවත් කරගෙන හොද වේගයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණයයි. ඔයාලාගේ ටොරන්ටි පිළිබද දැනුම අඩුනම් මේ පහතින් ඇති ලින්ක් එකට ගිහින් එහි ඇති ලිපිය කියවන්න.
Torrent ගැන දැනගමු - Part 1
Torrent ගැන දැනගමු - Part 2
පහතින් ඇති විදිහට කරගෙන යන්න.
Step 1
මුලින්ම Torrent Software එක විවෘත කරගන්න. අනතුරුව Preferences setting වලට ගොස් “Advance” තෝරන්න.
Step 2
දැන් ඔබ විසින් gui.show_plus_upsell යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.
Step 3
දැන් ඔබ offers.sponsored_torrent_offer_enabled යන්න තාෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.
Step 4
දැන් bt.enable_pulse යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.
Step 5
දැන් gui.show_notorrents_node යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.
Step 6
දැන් offers.content_offer_autoexec යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.
දැන් සියල්ලම සාර්ථකව අවසන් කොට ඇත.
ඉතින් අද අපි කතා කරන්න යෙදුනේ ටොරන් වල ඇති වෙළද දැන්වීම් ඉවත් කර ගන්නා ආකාරයයි. ඒ මගින් අපිට හොද බාගත කරගැනීමේ වෙිගයත් බලා ගත හැකිියි. මෙම ලිපිය යාළුවන්ටත් බලන්න share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Kingii - The New Standard in Water Safety
ජලයත් සමග ගනුදෙනු කරන විට බොහොම ප්‍රවෙිසමෙන් කරන්න අවශ්‍යයි. එයට හේතුව කොයි මොහොතක කරදරයක් වෙයිද කියලා කියන්න බැරි තරමට ජලය අවිනිශ්චිතයි. හොදටම පීනන්ම පුළුවන් පුද්ගලයෙකුට වුවත් එය එසේමයි. අපේ යාළුවන්ටත් පීනන්න බැරි අවස්ථා තියෙනවා. පීනන්න දන්නේ නැති කෙනෙකුට වුවත් කිසිදු බයක් සැකයකින් තොරව ජලයට බහින් පුළුවන් අපූරු උපකරණයක් හදුන්වා දී තිබෙනවා.
Kingii Wearable නමින් තමයි මෙය හදුනවා දී තිබෙන්නේ. ජලයේ ගිලෙන්න යන විට මෙම උපකරණයෙහි ඇති ස්විචය ක්‍රියාත්මක කිරීම මගින් එහි ඇති බැලුනය ක්‍රියාත්මක වෙි. එහිදී අපව ජලයෙන් ඉහලට ඇදගෙන ඒමක් සිදුවේ. මෙමගින් ජලයේ ගිලීමෙන් ඇතිවන අනතුරු මගින් ආරක්ෂා වීමට හැකියාව තිබේ. මේ පහතින් තියෙන Photo කිහිපය බලන්න.
පහතින් ඇති වීඩියෝව මගින් ඔබට තවත් මෙය පැහැදිලි වෙයි.
ඔබට අවශ්‍ය නම් මෙම උපකරණය මිලදී ගැනීමේ හැකියාවක් පවතී. මේ සදහා නැව් ගාස්තුවකින් තොරව ලබා දීමට අදාල සමාගම වග බලාගෙන ඇත. ඒ සදහා ඔබට පුළුවන් අදාල සමාගමේ නිල වෙබ් අඩවියට පිවිස මෙය ඇනවුම් කරන්න. එම වෙබ් අඩවියට පහත ඇති ලින්ක් එක මගින් පිවිසෙන්න.
Kingii Wearable
යාළුවනේ කොහොමද මේ උපකරණය. ඉදිරියේදී අපිට ලංකාවේදී මිලදී ගැනිමේ අවස්ථාවන් උදාවෙයි. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
New House of Bill Gates in Sea
ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර පළමු ස්ථානයේ හිදින්නේ Bill Gates බව අපි කවුරුත් දන්නා කරුණක්. ඔහු තමයි Microsoft සමාගමේ හිමිකරු. ඉතින් මොහු විසින් මේ වන විට ඉදිකර තිබෙන අළුත්ම නිවසක් පිළිබදව මේ දින වල කතා බහක් ඇති වෙමින් පවතියි. මේ අනුව ඔහු විසින් මෙවර ඉදිකර තිබෙන්නේ මුහුද මැද නිවසකි. මේ සදහා වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් බවයි වාර්තා වෙන්නේ. ඔයාලට විඩිදුර විස්තර මේ වීඩියෝව නැරඹීමෙන් ලබාගන්න පුළුවන්.
කොහොමද? අපිට හිතාගන්නවත් බෑ නේද? මෙම ලිපිය යාළුවන්ටත් බලන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Introduced First Autonomous Truck - Freightliner Inspiration Truck
ලෝකය දිනෙන් දින දියුණු වෙමින් පවතින් අතර තුරේ රියදුරන් රහිතව ධාවනට වන ලොරි රථයක් හදුනවා දී තිබෙනවා. මෙම මෝටර් රථය පරිගණක ආධාරයෙන් ක්‍රියාකරයි. මෙය හදුන්වාදුන් සමාගම පවසන අන්දමට මෙමගින් මාර්ග අනතුරු සැලතිය යුතු මට්ටමකින් අඩුකරගත හැකි බවයි. පරිගණක ආධාරයෙන් ක්‍රියාකරන බැවින් ඉතාමත් ඉක්මනින් ප්‍රතිචාර දක්වයි.
බලන්නකො මේ වීඩියෝ එක.
කොහොමද මේ ලොරිය. මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. යාළුවන්ටත් මෙම ලිපිය බලන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Sri Lanka Driving Exam
අපේ යාළුවොත් රියදුරු බලපත්‍රයක් බලා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? එහෙනම් මෙන්න හොදම දෙයක් අරගෙන අද ඇවිත් තියෙනවා. මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි.
(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය
(2) බර වාහන රියදුරු බලපත්‍රය
මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.
(1) නව ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට :-
මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1
කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම
ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට අවශ්‍ය නම්
ඔබට ඇත්තේ "නව ප්‍රශ්න පත්‍රයක්" Button එක Click කිරීම පමනි. මෙමගින් ඔබට
එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.
(2) පුහුණු වීමට :-
ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්‍රශ්න එකවර ලබා ගත හැක. මෙහි
ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම
ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි.
ඔයාලට පුළුවන් මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් මෙම ඇප් එක Download කරගන්න.
Sri Lanka Driving Exam
ඔයාලත් මෙම ඇප් එක භාවිතා කරලා ඔයාලගේ රියදුරු බලපත්‍රය ලබා ගැනිමට ඇති විභාගයෙන් හොදින් සමත් වෙන්න. ඔයාලට මතක් කරන්න ඕනෙ දෙයක් තමයි මෙම ඇප් එක නිර්මාණය කරපු අයව දිරිගන්වන්න, තවත් මෙවැනි ඇප්ස් අපි ඉදිරිපත් තරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න "5 Star" Rate කිරීමට අමතක නොකරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Gmail Reaches 1 Billion Active Users Mark
අපි කව්රුත් දන්න Gmail තමන්ගෙන් සේවාව ලබාගන්නා ගිණුම් ප්‍රමාණය බිලියනය හෙවත් කෝටි 100 ඉක්මවා තිබෙනවා. මේ පිළීබදව Google සමාගම නිලවශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මසකට එක් වරක් හෝ ගිණුමට පිවිසෙන Gmail Accounts ප්‍රමාණය බිලියනය ඉක්මවා ඇති බවයි ඔවුන් පවසන්නේ. මෙය ඔවුන්ගේ 7වැනි බිලියනය ඉක්මවා ඇති සේවාවයි. මෙම අනෙතුත් සේවාවන් වන්නේ;
Google Search
Google Chrome Browser
Android
Google Play Store
Google Map
Youtube
දැනට අවුරුදු 12කට පෙර මෙම සේවාව හදුන්වා දෙන ලදි. එවකට මෙම සේවාව ලබා දෙනු ලැබුවේ Yahoo සහ Hotmail පමණයි. නමුත් එම සේවාවන් වල නොයෙකුත් ආකාරයේ අඩුපාඩු දක්නට ලැබුණි. එහිදී ධාරිතාවය ලබා දෙනු ලැබුවේ 2MB හෝ 4MB වැනි ඉතාමත් සුළු ප්‍රමාණයකි. එමෙන්ම එහි පැවති User Interface එකද එතරම් සිත්ගන්නා සුළු නොවීය. මෙවැනි වකවානුවක Google සමාගම විසින් අත්හදා බැලීමක් ලෙස මෙම සේවාව 2001 වසරේදී ආරම්භ කරන ලදී.
එවකට මෙම සේවාවන් වල පැවති ප්‍රධානම දුර්වලතාවයක් වූයේ Email හරහා පැමිණෙන Spam කරදරයයි. මේවා වෙළද දැන්වීම් ලෙස පැම්ණ Inbox පිරී යන්නට විය. මෙය හදුනාගත් Google සමාගම එම Spam වලින් 99% ක්ම පෙරා තම පාරිභොගිකයන්ට ලබාදීමට කටයුතු කරන ලදි. මෙලෙස වසර කිහිපයක් අත්හදා බැලීමක් ලෙස තිබූ Gmail මිනිසුන් අතර ඉතා ඉක්මණින් ජනප්‍රිය වීම හේතුවෙන් මෙම Gmail සේවාව නිල වශයෙන් 2004 අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන ලදී.
මෙම සේවාව ලබා දීමේදී එවකට පැවති සියළු අඩුපාඩු මගහරවා ගනිමින් ඔවුන් මෙම සේවාව හදුන්වා දෙන ලදි. මෙහිදී මෙම සේවාව AJAX ඇසුරෙන් නිර්මාණය කර තිබීමත් එහි ඇති User Interface එක ආකර්ශණීය වීමත් හේතුවෙන් මෙ ඉතාමත් ජනප්‍රිය විය. ඒ වගේම එහි ධාර්තාවය 1GB දක්වා වර්ධනය වීමද මෙයට ප්‍රධාන වශයෙන් බලපාන ලදි.
අද අපි කතා කරන්න යෙදුනේ Gmail විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබදවයි. මෙම ලිපිය සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න. මෙම ලිපිය යාළුවන්ට බලන්න Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
JAQ Portable Power Bank Charges Itself up with Water
වර්ථමානයේ Smart Phone තාක්ෂණය කොතරම් දියුණුවුවත් එක් දිනක් එම Smart Phone එක භාවිතා කළ විට එහි බලය නැති වී නැවත චාර්ජ් කිරීමට සිදු වෙයි. ඒ සදහා විදුලි බලය ඇති ස්ථානයකට ගමන් කිරීමට සිදුවෙයි. නමුත් වර්ථමානයේ ඕනෑ තරම් වෙළෙදපොලෙහි Power Bank මිලදී ගැනීමට ඇත. නමුත් ඒ Power Bank පවා විදුලිය නොමැති විට චාර්ජ් කරගැවීමට නොහැකිය. අපි දවස් කිහිපයකට විදුලිය නොමැති පෙදෙසකට ගියවිට ඒවා චාර්ජ් කිරීමට නොහැකි වෙයි.
නමුත් ස්විඩනයේ මයිඑෆ්සී නම් සමාගම විසින් Smart Phone චාර්ජ් කිරීම සදහා නවතම Power Bank එකක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ සදහා විදුලිය අවශ්‍ය නොවේ. එම Power Bank තුලට තුඩා Credit Card තරම් කුඩා ප්‍රමාණයේ Power Card එකක් ඇතුලත් කර Micro USB Cable එකක් මගින් Smart Phone එක චාර්ජ් කරගැනීමට හැකිය.
මෙම Power Card එක භාවිතා කළ හැක්කේ එක් වරක් පමණයි. එය නිපදවා ඇත්තේ සාමාන්‍ය ලුණු ජලය උපයෝගී කරගෙනය. එක් වරක් භෘවිතා කල පසු එය ඉවත් කළ යුකුය. එම Power Card එක පර්සරයට එක් වීමෙන් කිසිදු හානියක් පරිසරයට ඇති නොවෙයි. එය නිර්මාණය කර ඇත්තේ දිරාපත් වන ද්‍රව්‍ය උපයෝගී කොටගෙනය. මෙම Power Card එක මගින් පැයක් ඇතුලත මිලි ඇම්පියර් 1800 විදුලිය නිපදවීමට සමත්ය. මෙම Power Card 10, 15ක් වුවත් ඉතා පහසුවෙන් රුගෙන යාමට හැකිවීමට මෙහි ඇති සුවිශේෂත්වයයි.
ඉතා නුදුරේදීම අපටද මෙම Power Card සහිත Power Bank ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි. මම හිතනවා මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Introducing The World's Smallest Printer
අප සැම විටම පහසුව පිළිබදව සැලකිලිමත් වන නිසා මම දැන් මේ ඉදිරිපත් කරන්න යන ගැජට් එකට අපේ යාළුවෝ කැමති වෙයි. අපිට අවශ්‍ය Document එකක් Print කරන්න ගියහම එහෙ මෙහෙ දුවලා එපා වෙනවා. ඒ වගේම අපි සතුව Printer එකක් තිබුණත් ඒක එහෙ මෙහෙ ගෙනියන්න බෑනේ. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්න ලොව මෙතෙක් නිෂ්පාදනය කරලා තියෙන කුඩාම Printer එකයි.
මෙම Printer එක හදුන්වා දීලා තියෙන්නේ Zuka කියන සමාගම විසින්. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය ඉතාමත් පහසුවෙන් අපට එහා මෙහා ගෙනයා හැකි වීමයි. දැන් ඉතින් අපිට පුළුවන් අපට අවශ්‍ය විදිහට Printing කටයුතු කරගන්න.
ඉතින් බලන්නකො මේ Video එක
කොහොමද මේ Printer එක. ඉදිරියේදී අපට පුළුවන් ඉතමෙත් පහසුවෙන් අපගේ Printing කටයුතු කරගන්න. මම හිතනවා මෙම ලිපියට යාළුවෝ කැමති වෙයි කියලා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
How to Check Windows Installed Date with Command
අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ අපේ පරිගණකයට Windows Install කරපු දවස පොඩ් Command එකක් භාවිතා කරලා දැනගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි. අපි ඉතින් ඔවා මතක තියාගෙන ඉන්න නෑනේ. ඉතින් අපිට පුළුවන් Command වලින් පහසුවෙන්ම Windows Install කරපු දවස බලාගන්න. මේ පහතින් දක්වලා තියෙන විදිහට කරන්න.
1. මුලින්ම අපි Command Prompt එක Open කරගන්න අවශ්‍යයි. Command Prompt එක ලබාගැනීම සදහා ඔබ Windows Key+R බොත්තම් එකවිට ඔබන්න එවිට පැම්ණෙන වින්ඩෝව තුල CMD ලෙස ටයිල් කර Enter කරන්න.
2. අනතුරුව මෙම පහතින් දැක්වෙන කෝඩ් එක Copy කර Command Prompt එක තුල Paste කර Enter කරන්න.
"systeminfo"
3. දැන් ඔබට පහත ආකාරයට ඔබගේ පරිගණකය තුල Windows Install කළ දිනය පමණක් නොවෙයි ඔබගේ පරිඝණකය පිළිබදව සම්පුර්ණ විස්තරයක් දැකගත හැකියි.
අද අපි කතා කළේ අපේ පරිගණකයට Windows Install කරපු දවස පොඩ් Command එකක් භාවිතා කරලා දැනගන්න විදිහ පිළිබදවයි. අද දවසේ වෙලාව තියෙන විදිහට පොඩ් ලිපියක් දාන්න අවස්ථාව ලැබුණා. මම හිතනවා ඔයාලා මෙම ලිපියට කැමති වෙයි කියලා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
550 Jathaka Katha Potha
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
අද වෙසක් පෝය දවසේ අපේ යාළුවන්ට තෑග්ගක් දෙන්නයි යන්නේ. ඒ තමයි අපි කව්රුත් දන්න කියන 550 ජාතක කතා ඇතුලත් පොතක් දෙන්නයි යනනේ. මෙහි විශේෂත්වය වන්නේ PDF විදිහට වෙන වෙනම කතා ඇතුලත් කර තිබීම.ඔයාලටත් පුළුවන් පහතින් තියෙන ලින්ක් එකට ගිහින් එම පොත Download කරගන්න.
550 Jathaka Katha Potha (19MB)
අද දවසේ අපිට වැදගත් දෙයක් මේ විදිහට අරගෙන ආවා. ඔයාලගේ යාළුවන්ටත් මෙම ලිපිය බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Hutch Data Dansala
මේ වෙසක් සමයනේ. ඉතින් එක එක පුද්ගලයින් මෙන්ම ආයතන විසින්ද මේ දින වල දන්සැල් සංවිධානය කරනවා. ඒ වගේ අන්තර්ජාලය භාවිතා කරන අපිට ගොඩක් වැදගත් වෙන දන්සැලක් Hutch වෙතින් ලබා දෙනවා. ඒ තමයි Hutch Data දන්සැල. ගිය වර වගේම මෙවරත් ඔවුන් එම කාර්යය සිදුකරනවා. මෙවර දින 7ක් පුරා මෙම දන්සැල පැවැත් වේ.
දිනය මැයි මස 21 වන දින සිට 27 වන දින දක්වා.
ප්‍රමාණය දිනකට 300MB
මේ සදහා ඔබ කල යුත්තේ පහතින් ඇති ලින්ක් එකට ගිහින් Activate නරගැනීම පමණයි.
Hutch Data Dansala
මෙහිදී ඔබගේ Email Address එක නම සහ ඔබගේ Hutch දුරකථන අංකය ඇතුලත් කර Submit කල පසු ඔබට ලැබෙන Email එකෙහි ඇති Link එක කිලික් කර Active කරගන්න.
ඉතින් මේ දන්සැල කොහොමද කියලා බලන්නකෝ. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Subscribe to:
Posts
(
Atom
)