How To Reset Windows 10 To Default Factory Settings

 

අපේ windows 10 භාවිතා කරනු ලබන පරිගණකයෙහි කිසියම් lagging programs එකක් ඇති වූ විට අපිට windows 10මෙහෙයුම් පද්ධතිය factory reset කිරීමට සිදු වෙයි. අප factory reset කිරීමේදී අපේ පර්ගණකයෙහි ස්ථාපනය කර ඇති apps සහ අනෙකුත් දත්ත නැතී වී යයි. මෙය සාමාන්‍යෙයන් අපේ mobile phones එකක් factory reset කරන එකට සමානයි. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ windows 10 මෙහෙයුම් පද්ධතිය factory reset කරන ආකාරයයි.

Step 1

අපි මුලින්ම දකුණු පස ඉහල ඇති Notification Center එකට ගොස් එහි ඇති All Settings  යන්න click කරන්න. 

Step 2

දැන් “Update and Security” කියන option එකට යන්න.

Step 3

දැන් වම්පස ඇති recovery section එකට යන්න. අනතුරුව reset this PC  යන්නට පහලින් ඇති Get Started යන්න click කරන්න.

Step 4

අනතුරුව popup window එකක් පැමිණෙයි. එහි option දෙකක් ඇත. පළමුව ඇති Keep my files යන්න select කළ විට අපගේ පරිගණකයෙහි ඇති ගොනු වලට කිසිදු හානියක් නොවී reset වීම සිදු වෙයි. අපි දෙවනියට ඇති Remove everything යන්න select කළ විට අපගේ පරිගණකයෙහි ඇති සියළු ගොනු මැකී යනු ඇත. එබාවින් නිවැරදිව ඔබට අවශ්‍ය option එක select කරන්න.

Step 5

දැන් warning එකක් ලබා දෙනු ලබයි. එහි ඇති next option එක click කර ඉදිරියට යන්න.

Step 6

දැන් අවසාන warning එකක් ලබා දෙනු ලබයි. එහි ඇති reset යන්න click කළ විට අපගේ පරිගණකය factory reset වීම ආරම්භ කරනු ලබයි. 

Step 7

මෙය reset වන අතරතුර අපගේ පරිගණකය restart වීමක් සිදුවන අතර ඒ සදහා සුළු මොහොතක් ගතවෙයි. එය අවසන් වූ පසු choose an option යනුවෙන් Window එකක් පැමිණෙයි. එහි ඇති Continue යන්න Click කර ඉදිරියට යන්න.

දැන් සියල්ලම සාර්ථකව අවසන් කර ඇත. දැන් පෙර තිබු තත්වයට වඩා හොදට පරිගණකය ක්‍රියා කරනු දැකගත හැකි වෙයි.  ඉතින් මේ ආකාරයට අපට පුළුවන් Windows 10 මෙහෙයුම් පද්ධතිය factory reset කරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න.  අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු.

Top 10 Free Websites for Downloading Windows Software

 

Windows මෙහෙයුම් පද්ධතිය සදහා මිලියන ගණන් software අද වන විට නිර්මාණය කර ඇති අතර එම software download කරගැනීම සදහා විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් තිබේ. නමුත් කොතෙකුත් වෙබ් අඩවි පැවතියද විශ්වාසවන්තව software download කරගැනීමට ඇත්තේ ඉතාමත් සුළු වෙබ් අඩවි ප්‍රමාණයකි. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ විශ්වාසවන්තව software download කරගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයකි. මෙහි පහතින් ඉදිරිපත් කරන වෙබ් අඩවි හරහා අපට පුළුවන් ඉතාමත් පහසුවෙන් software download කරගෙන install කරගන්න.

#1 Ninite

 Ninite කියන්නේ ඉතාමත් හොද software downloading වෙබ් අඩවියක්. ඔයාලට පුළුවන් ඉතාමත් ජනප්‍රිය Chrome, VLC, Spotify වගේ සියළුම software එක click එකකින් download කරගෙන install කරගන්න.

#2 Softpedia

මෙම  වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මෙමගින් අපිට නොමිලේ ලබාදෙන මෙන්ම මුදල් දී භාවිතා කරන software ලබාගන්න අවස්ථාව තිබේ. මෙහි ඇත්තේ  software වල අළුත්ම version එක වීම විශේෂත්වයකි.

#3 SnapFiles

 මෙම  වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මේ මගින් අපිට පුළුවන් නොම්ලේ ලබාගත හැකි හොදම software 100 download කරගන්න වගේම විවිධ වූ  වර්ගීකරණයන් (categories) යටතේද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන් වීම විශේෂත්වයකි.

 #4 DownloadCrew

මෙම වෙබ් අඩවියද තවත් ජනප්‍රිය වෙබ් අඩවියකි. අපිට පුළුවන් මේ මගින් Windows, Linux, Mac වගේ මෙහෙයුම් පද්ධති වලට අවශ්‍ය software download කරගන්න.

#5 MajorGeeks

ඇත්තටම මෙම වෙබ් අඩවියේ හැඩය අනෙකුත් වෙබ් අඩවි මෙන් නොව එය පැරණි ස්වරූපයක් ගනියි. නමුත් මෙමගින් අපිට පුළුවන් අළුත්  software download කරගන්න.

#6 FilePuma

මෙය ඉතාමත් වටිනා වෙබ් අඩවියකි. මෙමගින් up-to-date software download කරගන්න පුළුවන්.

#7 DonationCoder

මෙමගින්ද අපිට පුළුවන් නොමිලේ software download කරගන්න.

#8 FileHippo

මෙහි ඉතාමත් ජනප්‍රිය දිනපතා භාවතා කිරීමට සිදුවන software download කරගන්න අවස්ථාව තියෙනවා.

#9 BrotherSoft

මෙය දැනට නොමිලේ software download කරගැනීමට ඇති වෙඩ් අඩවි අතරින් ඉතාමත් විශාල වෙබ් අඩවියකි.

#10 ComputersHopper

 ComputerShopper.com මගින්ද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන්.

ඉහතින් දක්වා ඇති වෙබ් අඩවි භාවිතයෙන් ආරක්ෂාකාරීව සහ නොමිලේ  ඔබට අවශ්‍ය  software  download කරගෙන භාවිතා කිරීමේ හැකියාව පවතියි. මෙම ලිපිය ඔයාලගේ යාළුවන්ටත් බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

How To Disable Ads in uTorrent And BitTorrent

 

අපි සියළු දෙනාම කැමතියි torrents වලට. අපිට ඒ මගින් නොමිලේ Movies, Games, Software වගේ ගොඩක් දේවල් ඉතාමත් පහසුවෙන් බාගත කර ගැනීමේ හැකියාවක් පවතියි. අපි දන්නවා Torrent Software වල pro version එකක් වගේම free version එකකුත් එනවා. අපිනම් ඉතින් භාවිතා කරන්නේ free version එක තමයි. මේ දෙක අතර වෙනස පවතින්නේ free version එකේ වෙළද දැන්වීම් දැකගත හැකි වන අතර pro version එක තුල වෙළද දැන්වීම් දැකගත නොහැකිය. මෙම වෙළද දැන්වීම් සදහා අපගේ data නිකරුනේ වැයවන බව ඔබ දන්නවාද? ඒ තුලින් අපිට බාගත කරගනු ලබන ගොනුවෙහි වෙිගය අඩාල වීමක් සිදුවෙයි. 

ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ මේ වෙළද දැන්වීම් ඉවත් කරගෙන හොද වේගයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණයයි. ඔයාලාගේ ටොරන්ටි පිළිබද දැනුම අඩුනම් මේ පහතින් ඇති ලින්ක් එකට ගිහින් එහි ඇති ලිපිය කියවන්න.

Torrent ගැන දැනගමු - Part 1 

Torrent ගැන දැනගමු - Part 2 

පහතින් ඇති විදිහට කරගෙන යන්න.

 Step 1

මුලින්ම  Torrent Software එක විවෘත කරගන්න. අනතුරුව Preferences setting වලට ගොස් “Advance” තෝරන්න.


Step 2

දැන් ඔබ විසින්  gui.show_plus_upsell යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

Step 3

දැන් ඔබ offers.sponsored_torrent_offer_enabled යන්න තාෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

 Step 4

දැන්   bt.enable_pulse යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

 Step 5

දැන්  gui.show_notorrents_node යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

Step 6

දැන් offers.content_offer_autoexec  යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.

 

දැන් සියල්ලම සාර්ථකව අවසන් කොට ඇත. 

 

ඉතින් අද අපි කතා කරන්න යෙදුනේ ටොරන් වල ඇති වෙළද දැන්වීම් ඉවත් කර ගන්නා ආකාරයයි. ඒ මගින් අපිට හොද බාගත කරගැනීමේ වෙිගයත් බලා ගත හැකිියි. මෙම ලිපිය යාළුවන්ටත් බලන්න  share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.