Home
Windows
Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts
Top 10 Free Websites for Downloading Windows Software
Windows මෙහෙයුම් පද්ධතිය සදහා මිලියන ගණන් software අද වන විට නිර්මාණය කර ඇති අතර එම software download කරගැනීම සදහා විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් තිබේ. නමුත් කොතෙකුත් වෙබ් අඩවි පැවතියද විශ්වාසවන්තව software download කරගැනීමට ඇත්තේ ඉතාමත් සුළු වෙබ් අඩවි ප්‍රමාණයකි. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ විශ්වාසවන්තව software download කරගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයකි. මෙහි පහතින් ඉදිරිපත් කරන වෙබ් අඩවි හරහා අපට පුළුවන් ඉතාමත් පහසුවෙන් software download කරගෙන install කරගන්න.
#1 Ninite
Ninite කියන්නේ ඉතාමත් හොද software downloading වෙබ් අඩවියක්. ඔයාලට පුළුවන් ඉතාමත් ජනප්‍රිය Chrome, VLC, Spotify වගේ සියළුම software එක click එකකින් download කරගෙන install කරගන්න.
#2 Softpedia
මෙම වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මෙමගින් අපිට නොමිලේ ලබාදෙන මෙන්ම මුදල් දී භාවිතා කරන software ලබාගන්න අවස්ථාව තිබේ. මෙහි ඇත්තේ software වල අළුත්ම version එක වීම විශේෂත්වයකි.
#3 SnapFiles
මෙම වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මේ මගින් අපිට පුළුවන් නොම්ලේ ලබාගත හැකි හොදම software 100 download කරගන්න වගේම විවිධ වූ වර්ගීකරණයන් (categories) යටතේද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන් වීම විශේෂත්වයකි.
#4 DownloadCrew
මෙම වෙබ් අඩවියද තවත් ජනප්‍රිය වෙබ් අඩවියකි. අපිට පුළුවන් මේ මගින් Windows, Linux, Mac වගේ මෙහෙයුම් පද්ධති වලට අවශ්‍ය software download කරගන්න.
#5 MajorGeeks
ඇත්තටම මෙම වෙබ් අඩවියේ හැඩය අනෙකුත් වෙබ් අඩවි මෙන් නොව එය පැරණි ස්වරූපයක් ගනියි. නමුත් මෙමගින් අපිට පුළුවන් අළුත් software download කරගන්න.
#6 FilePuma
මෙය ඉතාමත් වටිනා වෙබ් අඩවියකි. මෙමගින් up-to-date software download කරගන්න පුළුවන්.
#7 DonationCoder
මෙමගින්ද අපිට පුළුවන් නොමිලේ software download කරගන්න.
#8 FileHippo
මෙහි ඉතාමත් ජනප්‍රිය දිනපතා භාවතා කිරීමට සිදුවන software download කරගන්න අවස්ථාව තියෙනවා.
#9 BrotherSoft
මෙය දැනට නොමිලේ software download කරගැනීමට ඇති වෙඩ් අඩවි අතරින් ඉතාමත් විශාල වෙබ් අඩවියකි.
#10 ComputersHopper
ComputerShopper.com මගින්ද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන්.
ඉහතින් දක්වා ඇති වෙබ් අඩවි භාවිතයෙන් ආරක්ෂාකාරීව සහ නොමිලේ ඔබට අවශ්‍ය software download කරගෙන භාවිතා කිරීමේ හැකියාව පවතියි. මෙම ලිපිය ඔයාලගේ යාළුවන්ටත් බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
How to Check Windows Installed Date with Command
අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ අපේ පරිගණකයට Windows Install කරපු දවස පොඩ් Command එකක් භාවිතා කරලා දැනගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි. අපි ඉතින් ඔවා මතක තියාගෙන ඉන්න නෑනේ. ඉතින් අපිට පුළුවන් Command වලින් පහසුවෙන්ම Windows Install කරපු දවස බලාගන්න. මේ පහතින් දක්වලා තියෙන විදිහට කරන්න.
1. මුලින්ම අපි Command Prompt එක Open කරගන්න අවශ්‍යයි. Command Prompt එක ලබාගැනීම සදහා ඔබ Windows Key+R බොත්තම් එකවිට ඔබන්න එවිට පැම්ණෙන වින්ඩෝව තුල CMD ලෙස ටයිල් කර Enter කරන්න.
2. අනතුරුව මෙම පහතින් දැක්වෙන කෝඩ් එක Copy කර Command Prompt එක තුල Paste කර Enter කරන්න.
"systeminfo"
3. දැන් ඔබට පහත ආකාරයට ඔබගේ පරිගණකය තුල Windows Install කළ දිනය පමණක් නොවෙයි ඔබගේ පරිඝණකය පිළිබදව සම්පුර්ණ විස්තරයක් දැකගත හැකියි.
අද අපි කතා කළේ අපේ පරිගණකයට Windows Install කරපු දවස පොඩ් Command එකක් භාවිතා කරලා දැනගන්න විදිහ පිළිබදවයි. අද දවසේ වෙලාව තියෙන විදිහට පොඩ් ලිපියක් දාන්න අවස්ථාව ලැබුණා. මම හිතනවා ඔයාලා මෙම ලිපියට කැමති වෙයි කියලා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
How to Hide Any Drive Using Command Prompt in Windows
ආයුබෝවන් යාළුවනේ!
අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ drives hide කරන්නේ කොහොමද Command යොදාගෙන කියන කාරණයයි. අද වන විට ලෝකයේ සෑම මිනිසෙක්ම පාහේ මේ පරිගණක බාවිතා කරනවා. ඒ වගේම ඒ සෑම කෙනෙකුගේම පෞද්ගලික දේවල් මෙම පර්ගණකයේ තැන්පත් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට pictures, videos, audios සහ documents. ඉතින් ඒවා තැන්පත් කරලා තියෙන්නේ පරිගණකයේ hard drive partition එකකනේ. ඉතින් එහෙම තියෙන පෞද්ගලික දේවල් වලට ආරක්ෂාවක් කියෙන්න ඕනනේ. ඉතින් දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද පරිගණකයේ internal hard drive partition එකක් hide කරන්නේ කියලයි. ඇත්තටම ඔයාල හිතයි එහෙම කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම පුළුවන් සරල Command කිහිපයක් මගින්. ඉති්න් මේ පහතින් තියෙන ක්‍රමය අනුගමනය කරන්නකෝ.
මේ ක්‍රමය ඉතාමත් සරලයි. මේ මගින් අපිට පුළුවන් අපේ පෞද්ගලික වැදගත් දේවල් අන් අය අකට පත්වීම වළක්වා ගෙන අපේ දේවල් ආරක්ෂා කරගන්න. මෙම කුමය මගින් අපිට අපේ දේවල් hide කරන්න වගේම unhide කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා බලයි hide කරපු දේවල් කොහොමද ආයේ ගන්නේ කියලා. වැඩිය කතා ඕනේ නෑ අපි බලමු කොහොමද කරන්නේ කියලා.
Step 1
මුලින් අපි My Computer වලට ගිහින් අපිට hide කරන්න අවශ්‍ය කරන partition එකේ අකුර බලාගන්න ඕනේ. දැන් start ගිහින් “cmd” කියලා ටයිප් කරයින් පසුව අපිට Command Prompt ලෙස පෙන්වාවි. අපි එහි right click කරලා Run as administrator දෙන්න.
Step 2
දැන් එහි “Diskpart” කියලා ටිප් කරලා enter කරන්න. අනතුරුව yes click කරාට පසුව අළුතින් command prompt window එකක් දැක ගන්න පුළුවන් වෙයි.
Step 3
දැන් එහි list volume ලෙස ටයිප් කර enter කරන්න. අනතුරුව ඔබට දැකගත හැකියි volume list එක. දැන් ඔබට hide කිරීමට අවශ්‍ය drive එකේ අංකය බලා ගන්න.
Step 4
මම තෝරනවා volume 6 කියන එක. දැන් volume 6 ලෙස ටයිප් කර enter කරන්න.
Step 5
දැන් Remove Letter G ලෙස ටයිප් කර enter කරන්න.
එපමණයි කරන්න තියෙන්නේ. අපි දැන් සාර්ථකව Drive එක Hide කර අවසානයි. දැන් ගිහින් බලන්න අපි තෝරපු Drive එක තියෙනවද කියලා.
Steps To Unhide Drive With Cmd
Step 1
හරිම සරලයි. ඉහතින් කරපු පළමු පියවර 5 ඒ විදිහටම කරන්න.
Step 2
දැන් assign letter G ලෙස ටයිප් කර enter කරන්න.
දැන් අපි සියල්ල සාර්ථකව නිම හමාරයි. ඉතින් අපි ඉහතින් කතා කරේ How to Hide Drives with Command මගින් ඉතාම සරල ක්‍රමයක් උපයෝගී කරගෙන. මේ සදහා කිසිදු තුන්වන පාර්ශවීය මෘදුකාංගයක් අවශ්‍ය නොවේ. මම හිතනවා මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා. මෙම ලිපිය share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් comment එකක් විදිහට ඉදිරිපත් කරන්න. හොද හෝ නරක ඉදිරිපත් කරන්න. එය ඉදිරි ලිපි සදහා මහගු පිටුවහලක් වනු ඇත. නැවතත් අපි මෙවැන් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Can you Upgrade your Computer to Windows 10 for Free?
ආයුබෝවන් යාළුවනේ!
දැන් ලගදීම Windows නවතම සංස්කරණය Windows 10 ලෙස එළිදකියි. එනම් ජූලි මස 29 වන දින එම සංස්කරණය අපට ලබා ගැනීමට අවස්ථාව උදාවෙයි. ඉතින් Microsoft සමාගම විසින් මෙම සංස්කරණය පැමිණීමට පෙර Windows පාරිබොගිකයන්ට එද සංස්කරණය නොමිලේ Upgrade කිරීම අවස්ථාවක් බලා දීමට එකග වී තිබේ. එලෙස නොමිලේ Upgrade කිරීම සදහා ඔබ විසින් පහත සදහන් කොන්දේසි සම්පූර්ණ කල යුතුයි. ඔයාලත් බලන්න ඔයාලගේ Windows Operating System එකකත් නොමිලේ Upgrade කිරීමට හැකියාවත් තියෙනවාද කියලා.
ඔබත් Windows Genuine Version බාවිතා කරනවානම් ඔබටත් පුළුවන් මෙම නවතම සංස්කරණය ඔබගේ පරිගණකයටත් ලබා ගැනීමට. ඉතින් ඔයාලගේ යාළුවනටත් එයාලගේ මෙහෙයුම් පද්ධතියත් නොමිලේ Upgrade කිරීමට හැකියාවත් ඇතිදැයි දැනගැනීමට මෙම ලිපිය Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
පරිගණකය වේගවත් කරගමු ~ Part 1
ආයුබෝවන් යාවවනේ!
අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපේ පරිගණකය වේගවත් කරගන්නේ කියලා. මෙම ලිපියේ සිට ලිපි කිහිපයකින් අපේ පරිගණකය වේගවත් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා. ඔයාගේ පරිගණකයත් Slow වෙලාද? අද මේ ලිපිය හරහා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පරිගණකයේ තියෙන තාවකාලික ගොනු ( Temporary File ) නිවැරදිව ඉවත් කරගන්නේ කොහොමද කියලා.
අපි යම් කිසි File එකක් Delete කල විට හෝ Software එකක් Uninstall කල විට එය පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවෙයි. අපි Recycle Bin එකේ තියෙන File එකක් Delete කලත් එහි යම් File සංඛ්‍යාවක් ඉතිරිව පවතී. එය අපේ Hard Disk එකේ ඉඩ නිකරුනේ නාස්තිකර ගැනීමකි. ඉතින් අද කියලා දෙන්න යන්නේ නිවැරදිව කොහොමද මෙම File ඉවත් කරගන්නේ කියලා. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.
Key Board එකේ Windows + R Press කරන්න
- දැන් එහි %temp% ලෙස ටයිප් කර Enter කරන්න.
- දැන් Control + A Press කර Delete Keyඑක Press කර Enter කරන්න.
මේ ආකාරයට අපිට පුළුවන් Temporary File නිවැරදිව ඉවත් කරගන්න. යාළුවන්ට දැනගැනීම පිණිස මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙම ලිපියට සම්බන්ධ තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
එකම Message එක Repeat කරමු
ආයුබෝවන් යාළුවනේ!
අද කියලා දෙන්න යන්නේ Notepad බාවිතා කරලා එකම පණිවිඩය නැවත නැවත ප්‍රදර්ශනය කරල ක්‍රමයක්. Notepad විසින් මෙහෙයුම් පද්ධතියෙහි මහත් කටයුක්තක් ඉටු කරනු ලබයි. මෙම භදඑැච්ා බාවිතා කරලා විවිධ ආකාරයේ දේවල් කරන්න අපිට පුළුවන්. මම අද කියලා දෙන්න යන්නේ මේ Notepad බාවාතා කරලා එකම පණිවිඩය නැවත නැවත ප්‍රදර්ශනය කරන්නේ කොහොමද කියලා. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.
- මුලින්ම අපි Notepad Open කරගන්න ඕනේ.
- දැන් මේ පහතින් තියෙන එක Copy කරලා Notepad එකේ Paste කරන්න. මේ "msg *" සදහා ඔබට අවශ්‍ය දෙයක් ඇතුලත් කරගත හැකිය. msg * This Is Nena Mansala
@ECHO off
:Begin
msg * Hi
msg * Are you having fun?
msg * I am!
msg * Lets have fun together!
msg * Because you have been o-w-n-e-d
GOTO BEGIN
- දැන් ඒ File එක .bat File එකක් විදිහට Save කරන්න. උදාහරණයක් විදිහට Message.bat ලෙස Save කරන්න.
- දැන් ඒ ෆයිල් එක Run කරලා බලන්න මේ පහත විදිහට එනවද කියලා.
හොදයි මම හිතනවා ඔයාලට මේ මගින් යමක් ගන්න හැකිවෙන්න ඇති කියලා. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Command මගින් Pen Drive එක Format කරමු
ආයුබෝවන් යාළුවනේ!
අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Pen Drive එකක් Command මගින් Format කරන්නේ කියලා. අපි දන්නවා අද වන විට ලෝකයේ තාක්ෂණය ඉතාමත් වේගයෙන් දියුණු වෙමින් පවතින බව. අද වන විට පුද්ගලයින් ගනුදෙනු කරනු ලබන්නේ පරිගණක හරහායි. ඒ වගේම ඉතාමත් වේගයෙන් පරිගණක දෙකක් අතර තොරතුරු හුවමාරු වීම සිදුවේ. බොහෝවිට අපි දත්ත හුවමාරු කරගැනීමට වර්ථමානයේ බාවිතා කරන්නේ Pen Drive වේ. මේ Pen Drive හරහා විශාල වෛරස් ප්‍රමාණයක් අපගේ පරිගණක වෙත ඇතුළු වීමේ හැකියාවක් පවතී. අපි නිවැරදිව මේ Pen Drive එක Format කරනවානම් ඒ වෛරස් ඇතුළු වීමට ඇති ඉඩකඩ ඇහිරී යනවා. ඒ සදහා මෙම පහලින් දක්වන ආකාරයට සිදු කරන්න.
අපි මේ සදහා බාවිතා කරන්නේ CMD Prompt එක. එය ඉතාමත් පහසු ක්‍රමයක්. මේ හරහා අපගේ Pen Drive එක තුල වෛරස් තිබේනම් එම වෛරස්ද මෙමගින් ඉවත් වීමක් සිදු වේ. වෛරස් වලින් තොර Pen Drive එකක් ලබා ගැනීම සදහා මෙම පහත පියවර අනුගමනය කරන්න.
අපි මුලින්ම දැනගන්න ඕනේ අපේ Pen Drive එකට අදාල අතුර මොකක්ද කියලා. ඔයාට ඒ අකුර මේ පහතින් දක්වා ඇති රූපයේ පැහැදිලිව දැකගත හැකිය.
දැන් CMD Prompt එක Open කරගන්න. ( Windows Key + R Press කර , CMD ලෙස ටයිප් කර Enter කරන්න)
දැන් Pen Drive එකට අදාල අකුර සමග මෙසේ Format I: ටයිප් කරන්න. මෙහිදී මම Pen Drive එකට අදාල අතුර ලෙස I සලකන ලදී.
දැන් Pen Drive එක Format වන බව දැකලත හැකියි.
ඉතින් ඔබටත් පුළුවන් Pen Drive Format කිරීම සදහා මේ ක්‍රමය යොදා ගැනීමට. තවත් මේ වගේ ඔයාලට වැදගත් වෙන ලිපියකින් හමුවෙමු.
Most Useful CMD Commands 2015
ආයුබෝවන් යාළුවනේ!
අද මේ දෙන්න යනනේ CMD Command 2015 ලැයිස්තුවයි. Command Prompt කියලා කියන්නේ බොහොම බලගතු උපකරණයක් මේ වින්ඩෝස් වල තියෙන. මේ Command යොදාගෙන බොහොම දේවල් අපිට කරන්න පුළුවන්. අපි ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නේ නෑ. මේ ලිපිය මගින් බලාපොරොත්තු වෙන්නේ බොහොම වැදගත් කුම කිහිපයක් ගැන අවධානය යොමු කිරීමටය. ඔබ විසින් මේ ඉදිරිපත් කරන Command දැන සිටීම බොහොම වැදගත් වෙයි.
පළමුව CMD Prompt open කරගන්න ( Windows Key + R press කර CMD ලෙස ටයිප් කර Enterකරන්න)
පසුව මේ පහලින් ඇති CMD Commands 2015 ටයිප් කරන්න
1. Accessibility Controls – access.cpl
2. Accessibility Wizard – accwiz
3. Add Hardware Wizard – hdwwiz.cpl
4. Add/Remove Programs – appwiz.cpl
5. Administrative Tools – control admintools
6. Automatic Updates – wuaucpl.cpl
7. Bluetooth Transfer Wizard – fsquirt
8. Calculator – calc
9. Certificate Manager – certmgr.msc
10. Character Map – charmap
11. Check Disk Utility – chkdsk
12. Clipboard Viewer – clipbrd
13. Command Prompt – cmd
14. Component Services – dcomcnfg
15. Computer Management – compmgmt.msc
16. Control Panel – control
17. Date and Time Properties – timedate.cpl
18. DDE Shares – ddeshare
19. Device Manager – devmgmt.msc
20. Direct X Troubleshooter – dxdiag
21. Disk Cleanup Utility – cleanmgr
22. Disk Defragment – dfrg.msc
23. Disk Management – diskmgmt.msc
24. Disk Partition Manager – diskpart
25. Display Properties – control desktop
26. Display Properties – desk.cpl
27. Dr. Watson System Troubleshooting Utility – drwtsn32
28. Driver Verifier Utility – verifier
29. Event Viewer – eventvwr.msc
30. Files and Settings Transfer Tool – migwiz
31. File Signature Verification Tool – sigverif
32. Findfast – findfast.cpl
33. Firefox – firefox
34. Folders Properties – control folders
35. Fonts – control fonts
36. Fonts Folder – fonts
37. Free Cell Card Game – freecell
38. Game Controllers – joy.cpl
39. Group Policy Editor (for xp professional) – gpedit.msc
40. Hearts Card Game – mshearts
41. Help and Support – helpctr
42. HyperTerminal – hypertrm
43. Iexpress Wizard – iexpress
44. Indexing Service – ciadv.msc
45. Internet Connection Wizard – icwconn1
46. Internet Explorer – iexplore
47. Internet Properties – inetcpl.cpl
48. Keyboard Properties – control keyboard
49. Local Security Settings – secpol.msc
50. Local Users and Groups – lusrmgr.msc
51. Logs You Out Of Windows – logoff
52. Malicious Software Removal Tool – mrt
53. Microsoft Chat – winchat
54. Microsoft Movie Maker – moviemk
55. Microsoft Paint – mspaint
56. Microsoft Syncronization Tool – mobsync
57. Minesweeper Game – winmine
58. Mouse Properties – control mouse
59. Mouse Properties – main.cpl
60. Netmeeting – conf
61. Network Connections – control netconnections
62. Network Connections – ncpa.cpl
63. Network Setup Wizard – netsetup.cpl
64. Notepad – notepad
65. Object Packager – packager
66. ODBC Data Source Administrator – odbccp32.cpl
67. On Screen Keyboard – osk
68. Outlook Express – msimn
69. Paint – pbrush
70. Password Properties – password.cpl
71. Performance Monitor – perfmon.msc
72. Performance Monitor – perfmon
73. Phone and Modem Options – telephon.cpl
74. Phone Dialer – dialer
75. Pinball Game – pinball
76. Power Configuration – powercfg.cpl
77. Printers and Faxes – control printers
78. Printers Folder – printers
79. Regional Settings – intl.cpl
80. Registry Editor – regedit
81. Registry Editor – regedit32
82. Remote Access Phonebook – rasphone
83. Remote Desktop – mstsc
84. Removable Storage – ntmsmgr.msc
85. Removable Storage Operator Requests – ntmsoprq.msc
86. Resultant Set of Policy (for xp professional) – rsop.msc
87. Scanners and Cameras – sticpl.cpl
88. Scheduled Tasks – control schedtasks
89. Security Center – wscui.cpl
90. Services – services.msc
91. Shared Folders – fsmgmt.msc
92. Shuts Down Windows – shutdown
93. Sounds and Audio – mmsys.cpl
94. Spider Solitare Card Game – spider
95. SQL Client Configuration – cliconfg
96. System Configuration Editor – sysedit
97. System Configuration Utility – msconfig
98. System Information – msinfo32
99. System Properties – sysdm.cpl
100. Task Manager – taskmgr
101. TCP Tester – tcptest
102. Telnet Client – telnet
103. User Account Management – nusrmgr.cpl
104. Utility Manager – utilman
105. Windows Address Book – wab
106. Windows Address Book Import Utility – wabmig
107. Windows Explorer – explorer
මේ තමයි හොදම Command කිහිපය. මම හිතනවා මේ Command කිහිපය ඔයාලට බෙහෙවින් වැදගත් වේවී කියලා. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Keyboard එකෙන් Disco එකක් හදමු
ආයුබෝවන් යාළුවනේ!
අද ඔයාලට කියලා දෙන්න ආවේ Notepad වලින් කරන්න පුලුවන් පොඩි වැඩක්. අපිට පොඩි විනෝදයක් ගන්න පුළුවන් මේ මගින්. අපි දන්නවනේ අපේ Keyboard එකේ LED බල්බ් තියෙනවා. ඉතින් අපි ඒ LED බල්බ් යොදාගෙන පොඩි ඩිස්කො එකක් හදමු.
අපි බලමුකො කොහොමද මේක කරන්නේ කියලා. අපිට පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මේ පහතින් කියලා දෙන විදිහට කරන්නයි තියෙන්නේ.
- මුලින්ම Notepad එක Open කරගන්න
- දැන් මේ පහතින් තියෙන එක Notepad එකේ Copy කරගන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
Subscribe to:
Posts
(
Atom
)
















































