How to Activate Caller Tune On Any Android For Free of Cost

 

අද වන විට බොහෝ දෙනෙක් android device භාවිතා කරනවා. ඒ වගේම ඒ සදහා විවධ වූ features තිබේ. මෙම android device සදහා විවිධ වූ අපූරු app අද වන විට අපට දැකගත හැකියි. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ කිසිදු වියදමකින් තොරව අපේ android device එකට caller tune එකක් දාගන්න ආකාරයක් පිළිබදවයි. අපි මෙය සිදු කරන්න යන්නේ android app එකක් මගින්. ඔයාලට කරන්න තියෙන්නේ පහතින් තියෙන පියවර කිහිපය අනුගමනය කිරීම පමණයි.


Step 1

මුලින්ම ඔබ විසින් Wring android app එකක download කරගෙන install කරගන්න. අනතුරුව එම android app එක launch කරන්න. ඔබට පහත ආකාරයට දැකගත හැකියි. 

 

 

Step 2

දැන් වම් කෙළවරේ ඇති ඉරි තුන click කර Register CallMe Tune click කරන්න.

 

 

 Step 3

 දැන් ඔබගේ mobile number, email වගේ තොරතුරු අැතුලත් කර ඔබගේ music list එක තෝරන්න. ඔබගේ තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව register button එක click කරන්න.

 


Step 4

 දැන් ඔබ වම් කෙළවරේ ඇති ඉරි තුන click කර set Call U Tunes click කරන්න. 

 



Step 5

දැන් ඔබගේ පුළුවන්  ඔබගේ  contact වලට සිංදු එකතු කරන්න. අනතුරුව OK click කරන්න. 

 

 

දැන් සියල්ල සාර්ථකව නිමකර අවසන්ය. අද අපි කතා කළේ මුදල් ඉතිරි කරගනිමින් Caller Tune එකක් එකතු කරගන්නා ආකාරයක් පිළිබදවයි. මෙම ලිපියට ඔයාලත් කැමතිවෙයි කියලා හිතනවා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

ACDSee Pro9 for Photo Editing

 

අද මම අරගෙන ඇවිත් තියෙන්නේ Photo Editing වලට කැමති කාටත් වැදගත් වෙන Software එකක්. මේක නමින් ACDSee Pro9. මෙම Software එක මගින් අපට සිතැගි පිරිදි Photo Editing කටයුතු සිදුකරගන්න අපට අවස්ථාව තියෙනවා. මෙම මෘදුකාංගයෙහි අපට අවශ්‍ය කටයුතු කරගැනීමට අවශ්‍ය වන සියළුම Features ඇතුලත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. මෙමගින් ඉතා සුළු මොහොතක් තුලින් අපිට පුළුවන් Photo Editing කටයුතු සිදුකරගන්න. 

1. Quick View enables viewers to preview and edit pictures with some basic tools.

 

2. Manage Tab shows complete view of your PC and picture thumbnails.

 

3.View Tab shows pictures on timeline.

 

4.Develop Tab shows complete information about the pictures in depth.

 

5.Edit Tab is the most important and best tool of ACDSee, it has a variety of different    image editing tools; which are very easy to use.   

 

6.You can access Options from Tools menu. 

 

 

මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා මේ Software එක Download කරගන්න. (Trial Version)

 ACDSee Pro9

දැනුත් වැදගත් වෙයි කියලා හිතෙන ලිපියක් ඉදිරිපත් කළා. මෙම  Software එක මගින් ඉතාමත් පහසුවෙන් අපිට පුළුළුන් Photo Editing කටයුතු සිදුකරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Create Amazing Games without Coding

 

අපි සියළුදෙනාම කැමතියි Games වලට. අපි දන්නේ Games Play කරන්න විතරයිනේ හදන්න දන්නේ නෑනේ. ඒ සදහා Coding කරන්න දැනගන්න අවශ්‍යයි කියලා ඔයාලා කියයි. නමුත් දැන් අපිට පුළුවන් කිසිදු Coding  දැනුමකින් තොරව අපිටම කියලා Game එකක් හදාගන්න. අද මම අරගෙන ඇවිත් තියෙන්නේ අපිටම කියලා Game එකක් හදාගන්න පුළුවන් Software එකක්. මේ මගින් අපිට පුළුවන් ඉතාමත් පහසුවෙන් අපිට අවශ්‍ය Game හදාගන්න. 

බලන්නකො කොහොදම කියලා.

 

 

මේ පහතින් කියෙන ලින්ක් එක භාවිතා කරලා අපිට පුළුවන් එම Software එක Download කරගන්න. 

Stencyl (102MB)

ඔයාලත් උත්සහ කරලා බලන්න. Game හදලා අපිටත් එවන්න බලන්න. මේ Software එක පිළීබදව වැඩිදුරටත් ඔයාට ඉගෙන ගැනීම සදහා youtube එක තුල Videos තියෙනවා බලන්න පුළුවන්. ඔයාලත් තනියම Game එකක් හදන්න උත්සහ කරන්න. කිසියම් ගැටළුවක් මතුවුනහොත් මාව සම්බන්ධ කරගන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Internet Download Manager 6.15 Portable

 

අපි හැමෝම අපිට අවශ්‍ය MP3, Video, Document වගේ අපිට අවශ්‍ය කරන බොහෝ දේවල් අන්කර්ජාලය තුලින් Download කරනවා. සමහර වෙබ් අඩවි වලින් අපිට ඉතාමත් පහසුවෙන් එම දෙවල් Download කරගන්න අවස්ථාව ලබා දෙන අතර තවත් සමහර වෙබ් අඩවි මේවා Download කිරීමට අවස්ථාව ලබා නොදෙයි.  විශේෂයෙන්ම MP3, Video වගේ දේවල් Download කරන්න ගියවිට අපිට බොහොම අපහසුතාවයන්ට පත්වෙන්න වෙනවා. 

මේ සදහා අපි විවිධ වූ Software භාවිතා කළත් අපිට නිසියාකාරව අපිට අවශ්‍ය දෙය Download කරගන්න බැරිවෙන අවස්ථා ඕනෑ තරම් ඇත. ඉතින් ඒ වගේ වෙලාවට අපිට වැදගත් වෙනවා මේ Internet Download Manager කියන Software එක. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ IDM 6.15 Portable Software එක. Portable කිව්වහම දන්නවනේ මෙහි තියෙන විශේෂත්වය. මෙය Install කිරීමකින් තොරව අපිට භාවිතා කරන්න පුළුවන්. 




මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා Software එක Download කරගන්න.


Internet Download Manager 6.15 Portable (6.25MB)


අද අපි කාටත් වැදගත් වෙන Software එකක් අරගෙන තමයි ආවේ. මෙමගින් ඉති පහසුවෙන් අපට අවශ්‍ය දේවල් Download කරගැනීමට අපිට අවස්ථාව ලැබේ. අනෙතුත් Software වලට සාපේක්ෂව මෙය ඉතාමත් පහසුවෙන් භාවිතා කිරීමට හැකිය. ඔයාලා මේ Software එක Download කරගෙන බලන්න. විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි මෙම Software එක Update කරන්න එපා.මෙම ලිපිය යාළුවන්ටත් බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 

 

 

Design Your Own T-Shirt

අපිට T-Shirt  එකක් Design කරන්න සිදු වුණ විටදී අපි බොහෝ දෙනා කරන්නේ කාටහරි කියලා Design කරගන්න එකයි. සමහර වෙලාට අපිට ඒ සදහා ගෙවීමක් කිරීමට සිදුවෙනවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ එහෙම කිසිදු වියදමකින් තොරව T-Shirt එකක් Design කරන්නේ කෙසේද යන වගයි. අලි දන්නවා අපේ පාසැල් වල ක්ලබ් වල කැම්පස්වල එහෙම T-Shirt  Design කරනවා. ඉතින් හ් වගේ වෙලාවට අපිට පුළුවන් මම මේ කියන්න යන ක්‍රමය භාවිතා කරලා T-Shirt Design කරන්න. 

ඉතින් මම මේ කියන්නේ Online T-Shirt Design කරන්න පුළුවන් Website එකක් ගැනයි. මේ මගින් අපිට පුළුවන් ඉතා පහසුවෙන් අපේ T-Shirt Design කරන්න. මේ පහතින් තියෙන ලින්ක් එක භාවිතා කරලා ඔයාලට පුළුවන් එම Website එකට පිවිස ඔයාලට අවශ්‍ය T-Shirt Design එක සිදුකරගන්න. 

Design Lab

 



අද අපි කාටත් වැදගත් වෙන ලිපියක් ඉදිරිපත් කළා. මම හිතනවා ඔයාලා මෙම ලිපියට කැමති වෙයි කියලා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Download Bird Ringtones Collection

 

අපි කවුරුත් එක එක විදිහේ Ringtones අපේ Mobile එකට දාගන්න ආසයිනේ. SMS Tone එක එහෙම පොඩ්ඩක් ලස්සනට තියෙනවට අපි කැමතියිනේ. ඉතින් මම අන්තර්ජාලයේ සැරිසරන විට කුරුල්ලන්ගේ නාද සහිත Ringtones Collection එකක් හමුවුණා. මම හිතුවා ඔයාලාට එවා වැදගත් වෙයි කියලා. බලන්නකෝ කොහොමද කියලා. මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා එම Ringtones Download කරගන්න. 


Bird Ringtones Collection


මෙම ලිපියට ඔයාලා කැමතිවෙයි කියලා හිතනවා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු.  සතුටින් ඉන්න.

How to Check Windows Installed Date with Command

 

අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ අපේ පරිගණකයට Windows Install කරපු දවස පොඩ් Command  එකක් භාවිතා කරලා දැනගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි. අපි ඉතින් ඔවා මතක තියාගෙන ඉන්න නෑනේ. ඉතින් අපිට පුළුවන් Command වලින් පහසුවෙන්ම Windows Install කරපු දවස බලාගන්න. මේ පහතින් දක්වලා තියෙන විදිහට කරන්න.

1. මුලින්ම අපි Command Prompt එක Open කරගන්න අවශ්‍යයි. Command Prompt එක ලබාගැනීම සදහා ඔබ Windows Key+R බොත්තම් එකවිට ඔබන්න එවිට පැම්ණෙන වින්ඩෝව තුල CMD ලෙස ටයිල් කර Enter කරන්න.

 

 


2. අනතුරුව මෙම පහතින් දැක්වෙන කෝඩ් එක Copy කර Command Prompt එක තුල Paste  කර Enter කරන්න.

"systeminfo"  


 

3. දැන් ඔබට පහත ආකාරයට ඔබගේ පරිගණකය තුල Windows Install කළ දිනය පමණක් නොවෙයි ඔබගේ පරිඝණකය පිළිබදව සම්පුර්ණ විස්තරයක් දැකගත හැකියි.

 

 

අද අපි කතා කළේ අපේ පරිගණකයට Windows Install කරපු දවස පොඩ් Command  එකක් භාවිතා කරලා දැනගන්න විදිහ පිළිබදවයි. අද දවසේ වෙලාව තියෙන විදිහට පොඩ් ලිපියක් දාන්න අවස්ථාව ලැබුණා. මම හිතනවා ඔයාලා මෙම ලිපියට කැමති වෙයි කියලා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Best Way to Convert Youtube Video into MP3 Files

 

අපි අද කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ Youtube Videos ඉතාමත් පහසුවෙන් MP3 බවට හැරවිය හැකි ක්‍රම කිහිපයක් පිළීබදවයි. අද වන විට මිලියන ගණන් පිරිස් Youtube තුල තමන්ගේ කාලය ගත කරයි. අපි දන්නවා Youtube කියලා කියන්නේ ප්‍රධානතම video streaming network එකක් බව. එයට හේතුව අපිට පුළුවන් අපට අවශ්‍ය Videos ඉතාමත් පහසුවෙන් මේ මගින් බලාගන්න. 

නමුත් සමහර වෙලාවට අපිට සිද්ධවෙනවා Audio File විතරක් ලබාගන්න. අන්න ඒවගේ වෙලාවට අපිට සිද්ධවෙනවා අපහසුතාවයකට පත්වෙන්න. ඉතින් අද අපි කියන්නේ ඒ සදහා පිළියමකි. මේ පහතින් තියෙන පියවර අනුගමනය කරන්න. 

මෙහිදී අපි ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පිළිබදව අවධානය යොමුකරනවා.  අපි බලමු ඒ ක්‍රම දෙක. 

#1. Convert Youtube Videos Into MP3 Files Online & Download Instantly

 අපි මෙහිදී සිදු කරන්නේ කිසියම් වෙබ් අඩවියක් යොදාගෙන අපට අවශ්‍ය video එක MP3 එකක් බවට පත් කිරීමයි. Video2mp3.net කියලා කියන්නේ මෙම වෙබ් අඩවියයි. පහත පියවර අනුගමනය කරන්න.


1. මුලින්ම අපි convert කරගැනීමට අවශ්‍ය youtube වීඩියෝ එකට යන්න.

2. දැන් එම video එකේ URL එක copy කරගන්න. 

3. දැන් Video2mp3.net  කියන වෙබ් අඩවියට පිවිස copy කරගත් URL එක අදාල ස්ථානයේ Paste කරන්න. 

4. දැන් ඉතාමත් පහසුවෙන් download button එක click කර mp3 file download කරගන්න.


#2. How To Convert Youtube Video into Mp3 With An Simple URL Edit

 මෙම ක්‍රමයේදී අපට අවශ්‍ය වෙන්නේ නෑ වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට. දැන් අපිට පුළුවන් URL එක වෙනස් කර අපට අවශ්‍ය Video File එක MP3 වලට Convert කරලා Download කරගන්න. පහත පියවර අනුගමනය කරන්න. 

 


1. මුලින්ම අපි convert කරගැනීමට අවශ්‍ය youtube වීඩියෝ එකට යන්න.

2. Video එක Load වන විට අපිට පුළුවන් URL එක වෙනස් කරලා පහසුවෙන් Download කරගන්න. ඒ සදහා “ss” යෙදීම පමණයි අපි කරන අවශ්‍ය වෙන්නේ.
 උදාහරණයක් විදිහට පහත බලන්න.

මේ තියෙන්නේ Video එකේ URL එක

 ‘https://www.youtube.com/watch?v=OcAlu4S-BvI’

දැන් අපිට පුළුවන්  youtube.com කියන වචනයට පෙර “ss” යොදන්න.

“http://www.ssyoutube.com/watch?v=OcAlu4S-BvI”

 4. දැන් අපි පිවිසෙදන්නේ savefrom.net කියන වෙබ් අඩවියටයි.  ඒ මගින් අපිට පුළුවන් අපට අවශ්‍ය Video File එක MP3 එකක් විදිහට Download කරගන්න. 

දැන් අපි දන්නවා කොහොමද Youtube Videos MP3 Files එකක් විදිහට Download කරගන්න. මෙවා ඉතාමත් සරල ක්‍රම විදිහට හදුන්වන්න පුළුවන්. මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකි් හමුවෙමු.  සතුටින් ඉන්න.



Top 15 Best Android Launchers

 

අපි දන්නවා අද වනවිට ලෝකයේ බොහෝ දෙනා භාවිතා කරන්නේ Android Smart දුරකථනය. එයට හේතුව එහි ඇති User interface එක වගේම ඒ සදහා විවිධ Launchers භාවිතා කරමින් අපට අවශ්‍ය ආකාරයට වෙනස්කම් වලට භාජනය කරගැනීමට ඇති හැකියාවයි. ඒ සදහා විවිධ Launchers විශාල ප්‍රමාණයක් google play store එක තුල ඇත. ඒවා මගින් අපගේ දුරකථනයට අමුතු පෙනුමක් ලැබේ. google play store එක තුල දහස් ගණනක් Launchers තිබුණත් මෙම ලිපිය මගින් අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ ඒවායින් හොදම කිහිපය ඉදිරිපත් කිරීමටයි. මෙම Launchers වලට හැකියාව තිබෙනවා transition animations, home screen style, icon style, notification display area වගේ බොහෝ දේවල් වෙනස් කිරීමට. 

#1 Google Now Launcher

 

#2 Aviate Launcher

 

#3 Action Launcher

 

#4 Nova Launcher

 

#5 Apex Launcher

 

#6 GO Launcher 

 

#7 Themer

 

#8 Smart Launcher 3 Pro

 

#9 Launcher 8 WP Style

 

#10 Next Launcher 3D Shell

 

#11 APUS Launcher

 

#12 Hola Launcher

 

#13 C Launcher

 

#14 CM Launcher

 

#15 Solo Launcher

 

 

ඉහතින් දක්වා ඇත්තේ හොදම Android Launchers 15යි. ඒවා පෙළගස්වා ඇත්තේ ඒවා භාවිතා කරන් පුද්ගලයින් විසින් ඒවාට ලබා දී ඇති ratings, reviews සහ download counts එක මතයි.  මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා.  යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.