නැති වුණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ IMEI නම්බර් එක බලාගමු



ආයුබෝවන් යාළුවනේ!

අදත් ඉතින් Post එකක් දාන්න අවස්ථාවක් ලැබුණා. අද මම හිතන විදිහට ඔයාලට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි අරගෙන ආවේ. අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක බැරිවෙලාවත් නැතිවුනොත් එහෙම කොහොමද හොයාගන්නේ. ඔයාලා කියයි IMEI නම්බර් එකෙන් හොයාගන්නවා කියලා. අපි හිතමු අපි ගාව IMEI නම්බර් එකත් නෑ කියලා. දැන් මොකද කරන්නේ?

අපි අලුතෙන් ෆෝන් එකක් ගන්නකොට ලස්සන පෙට්ටියක් එක්ක ෆෝන් එක අපිට හම්බ වෙනවා. එකේ IMEI නම්බර් එකත් ගහලා තියෙනවා. ඉතින් ටික දවසක්  යනකොට ඒ පෙට්ටිය හොයන්නවත් නෑ. ඒ වගේ වෙලාවට අපි IMEI නම්බර් ඒක මතක තියන් ඉන්නෙ නෑනේ. ඉතින් ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ?

ඒ වෙලාවට තමයි කොකටත් තෛලය වගේ ගූගල් දෙයියා පිහිටට එන්නේ. අපි දන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට ගූගල් එකවුන්ට් එකක් ඉල්ලනවා. ඉතින් අපි ගූගල් එකවුන්ට් එකක් දීලා තියෙනවා නම් ඉතින් වැඩේ ගොඩ. ඒ කියන්නේ අපි ගූගල් ඩෑෂ් බෝඩ් එකට ගිහින් අපේ ගූගල් එකවුන්ට් එකයි පාස්වර්ඩ් එකයි දීලා අපේ ෆොන් වල IMEI නම්බර් එක බලාගන්න පුළුවන්.

ඒ සදහා මේ ලින්ක් එක භාවිතා කරන්න.

Google Dash Board


මම ඔයාලට බලන්නත් එක්ක Screen Shot එකක් දාලා තියෙනවා. බලන්නකො.




කොහොමද? ගූගල් වලින් අපිට කොයිතරම් ප්‍රයෝජන තියෙනවද? තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment