Software නැතුව වචන කියවමු



ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකින් Notepad වලින් කරන්න පුළුවන් වැඩක් කියලා දෙන්නත් බැරිවුණ හින්දා මම හිතුවා අද Notepad වලින් කරන්න පුළුවන් වැඩක් කියලා දෙන්න ඕනේ කියලා. අද මම කියලා දෙන්න යන්නේ Notepad බාවිතා කරලා කොහොමද වචන කියවන්නේ කියලා.

මේක හරිම සරල දෙයක්. අපි මේ සදහා විවිධ Software වර්ග බාවිතා කරනවා. නමුත් අපිට මේ හරහා කිසිදු Software එකක් බාවිතා නොකර වචන කියවන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මේ පහතින් දක්වලා තියෙන විදිහට කරගෙන යන්නකො.

මුලින්ම Notepad එක Open කරගෙන ඉන්න.



දැන් පහතින් දක්වලා තියෙන එක Copy කරලා Paste කරන්න Notepad එක තුල.

 Dim msg, sapi
msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg



දැන් කැමති නමකින් Save කරන්න .vbs ලෙස. උදාහරණයක් ලෙස Read.vbs දක්වන්න පුළුවන්.



දැන් Save කරපු File එක Open කරගෙන වචනයක් Type කරලා Ok කරලා බලන්නකො.




ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලන්නකො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment