Home
Archive for
2016
How To Reset Windows 10 To Default Factory Settings
අපේ windows 10 භාවිතා කරනු ලබන පරිගණකයෙහි කිසියම් lagging programs එකක් ඇති වූ විට අපිට windows 10මෙහෙයුම් පද්ධතිය factory reset කිරීමට සිදු වෙයි. අප factory reset කිරීමේදී අපේ පර්ගණකයෙහි ස්ථාපනය කර ඇති apps සහ අනෙකුත් දත්ත නැතී වී යයි. මෙය සාමාන්‍යෙයන් අපේ mobile phones එකක් factory reset කරන එකට සමානයි. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ windows 10 මෙහෙයුම් පද්ධතිය factory reset කරන ආකාරයයි.
Step 1
අපි මුලින්ම දකුණු පස ඉහල ඇති Notification Center එකට ගොස් එහි ඇති All Settings යන්න click කරන්න.
Step 2
දැන් “Update and Security” කියන option එකට යන්න.
Step 3
දැන් වම්පස ඇති recovery section එකට යන්න. අනතුරුව reset this PC යන්නට පහලින් ඇති Get Started යන්න click කරන්න.
Step 4
අනතුරුව popup window එකක් පැමිණෙයි. එහි option දෙකක් ඇත. පළමුව ඇති Keep my files යන්න select කළ විට අපගේ පරිගණකයෙහි ඇති ගොනු වලට කිසිදු හානියක් නොවී reset වීම සිදු වෙයි. අපි දෙවනියට ඇති Remove everything යන්න select කළ විට අපගේ පරිගණකයෙහි ඇති සියළු ගොනු මැකී යනු ඇත. එබාවින් නිවැරදිව ඔබට අවශ්‍ය option එක select කරන්න.
Step 5
දැන් warning එකක් ලබා දෙනු ලබයි. එහි ඇති next option එක click කර ඉදිරියට යන්න.
Step 6
දැන් අවසාන warning එකක් ලබා දෙනු ලබයි. එහි ඇති reset යන්න click කළ විට අපගේ පරිගණකය factory reset වීම ආරම්භ කරනු ලබයි.
Step 7
මෙය reset වන අතරතුර අපගේ පරිගණකය restart වීමක් සිදුවන අතර ඒ සදහා සුළු මොහොතක් ගතවෙයි. එය අවසන් වූ පසු choose an option යනුවෙන් Window එකක් පැමිණෙයි. එහි ඇති Continue යන්න Click කර ඉදිරියට යන්න.
දැන් සියල්ලම සාර්ථකව අවසන් කර ඇත. දැන් පෙර තිබු තත්වයට වඩා හොදට පරිගණකය ක්‍රියා කරනු දැකගත හැකි වෙයි. ඉතින් මේ ආකාරයට අපට පුළුවන් Windows 10 මෙහෙයුම් පද්ධතිය factory reset කරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු.
Top 10 Free Websites for Downloading Windows Software
Windows මෙහෙයුම් පද්ධතිය සදහා මිලියන ගණන් software අද වන විට නිර්මාණය කර ඇති අතර එම software download කරගැනීම සදහා විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් තිබේ. නමුත් කොතෙකුත් වෙබ් අඩවි පැවතියද විශ්වාසවන්තව software download කරගැනීමට ඇත්තේ ඉතාමත් සුළු වෙබ් අඩවි ප්‍රමාණයකි. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ විශ්වාසවන්තව software download කරගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයකි. මෙහි පහතින් ඉදිරිපත් කරන වෙබ් අඩවි හරහා අපට පුළුවන් ඉතාමත් පහසුවෙන් software download කරගෙන install කරගන්න.
#1 Ninite
Ninite කියන්නේ ඉතාමත් හොද software downloading වෙබ් අඩවියක්. ඔයාලට පුළුවන් ඉතාමත් ජනප්‍රිය Chrome, VLC, Spotify වගේ සියළුම software එක click එකකින් download කරගෙන install කරගන්න.
#2 Softpedia
මෙම වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මෙමගින් අපිට නොමිලේ ලබාදෙන මෙන්ම මුදල් දී භාවිතා කරන software ලබාගන්න අවස්ථාව තිබේ. මෙහි ඇත්තේ software වල අළුත්ම version එක වීම විශේෂත්වයකි.
#3 SnapFiles
මෙම වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මේ මගින් අපිට පුළුවන් නොම්ලේ ලබාගත හැකි හොදම software 100 download කරගන්න වගේම විවිධ වූ වර්ගීකරණයන් (categories) යටතේද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන් වීම විශේෂත්වයකි.
#4 DownloadCrew
මෙම වෙබ් අඩවියද තවත් ජනප්‍රිය වෙබ් අඩවියකි. අපිට පුළුවන් මේ මගින් Windows, Linux, Mac වගේ මෙහෙයුම් පද්ධති වලට අවශ්‍ය software download කරගන්න.
#5 MajorGeeks
ඇත්තටම මෙම වෙබ් අඩවියේ හැඩය අනෙකුත් වෙබ් අඩවි මෙන් නොව එය පැරණි ස්වරූපයක් ගනියි. නමුත් මෙමගින් අපිට පුළුවන් අළුත් software download කරගන්න.
#6 FilePuma
මෙය ඉතාමත් වටිනා වෙබ් අඩවියකි. මෙමගින් up-to-date software download කරගන්න පුළුවන්.
#7 DonationCoder
මෙමගින්ද අපිට පුළුවන් නොමිලේ software download කරගන්න.
#8 FileHippo
මෙහි ඉතාමත් ජනප්‍රිය දිනපතා භාවතා කිරීමට සිදුවන software download කරගන්න අවස්ථාව තියෙනවා.
#9 BrotherSoft
මෙය දැනට නොමිලේ software download කරගැනීමට ඇති වෙඩ් අඩවි අතරින් ඉතාමත් විශාල වෙබ් අඩවියකි.
#10 ComputersHopper
ComputerShopper.com මගින්ද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන්.
ඉහතින් දක්වා ඇති වෙබ් අඩවි භාවිතයෙන් ආරක්ෂාකාරීව සහ නොමිලේ ඔබට අවශ්‍ය software download කරගෙන භාවිතා කිරීමේ හැකියාව පවතියි. මෙම ලිපිය ඔයාලගේ යාළුවන්ටත් බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
How To Disable Ads in uTorrent And BitTorrent
අපි සියළු දෙනාම කැමතියි torrents වලට. අපිට ඒ මගින් නොමිලේ Movies, Games, Software වගේ ගොඩක් දේවල් ඉතාමත් පහසුවෙන් බාගත කර ගැනීමේ හැකියාවක් පවතියි. අපි දන්නවා Torrent Software වල pro version එකක් වගේම free version එකකුත් එනවා. අපිනම් ඉතින් භාවිතා කරන්නේ free version එක තමයි. මේ දෙක අතර වෙනස පවතින්නේ free version එකේ වෙළද දැන්වීම් දැකගත හැකි වන අතර pro version එක තුල වෙළද දැන්වීම් දැකගත නොහැකිය. මෙම වෙළද දැන්වීම් සදහා අපගේ data නිකරුනේ වැයවන බව ඔබ දන්නවාද? ඒ තුලින් අපිට බාගත කරගනු ලබන ගොනුවෙහි වෙිගය අඩාල වීමක් සිදුවෙයි.
ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ මේ වෙළද දැන්වීම් ඉවත් කරගෙන හොද වේගයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණයයි. ඔයාලාගේ ටොරන්ටි පිළිබද දැනුම අඩුනම් මේ පහතින් ඇති ලින්ක් එකට ගිහින් එහි ඇති ලිපිය කියවන්න.
Torrent ගැන දැනගමු - Part 1
Torrent ගැන දැනගමු - Part 2
පහතින් ඇති විදිහට කරගෙන යන්න.
Step 1
මුලින්ම Torrent Software එක විවෘත කරගන්න. අනතුරුව Preferences setting වලට ගොස් “Advance” තෝරන්න.
Step 2
දැන් ඔබ විසින් gui.show_plus_upsell යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.
Step 3
දැන් ඔබ offers.sponsored_torrent_offer_enabled යන්න තාෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.
Step 4
දැන් bt.enable_pulse යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.
Step 5
දැන් gui.show_notorrents_node යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.
Step 6
දැන් offers.content_offer_autoexec යන්න තෝරා පහතින් ඇති False යන්නට ටික් කර ඉදිරියට යන්න.
දැන් සියල්ලම සාර්ථකව අවසන් කොට ඇත.
ඉතින් අද අපි කතා කරන්න යෙදුනේ ටොරන් වල ඇති වෙළද දැන්වීම් ඉවත් කර ගන්නා ආකාරයයි. ඒ මගින් අපිට හොද බාගත කරගැනීමේ වෙිගයත් බලා ගත හැකිියි. මෙම ලිපිය යාළුවන්ටත් බලන්න share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
How To Select All Unread Mails As Read In Gmail
Gmail සේවාව සපයන්නේ Google සමාගම විසිනි. ඔබ Gmail සේවාව විවිධ වු කාර්යයන් සදහා භාවිතා කරයි. එවිට අපගේ Gmail ගිණුමට emails පැම්ණෙයි. අපි විවිධ සේවාවන්හී ලියාපදිංචි වූ විට ඒවා මගින් අපිට විවිධ වූ emails පැමිණෙයි. සමහර emails අපට කිසිම වැඩකට නැති ඒවා වෙන්න පුළුවන්. ඉතින් ඒවගේ වලාවට අපිට පුළුවන් එම emails බලන්නේ නැතිව ඒවා බැලුව විදිහට හදන්න. අද කියලා දෙන්න යන්නේ එලෙස කොහොමද unread emails බලන්නේ නැතිව read emails විදිහට පෙන්වන්නේ කියලා. මේ පහතින් ඇති පියවර අනුගමනය කරන්න.
Step 1
මුලින්ම අපගේ Gmail ගිණුමට පිවිසෙන්න අවශ්‍යයි.
Step 2
දැන් search box එකේ “is:unread” ලෙස search කරන්න.
Step 3
දැන් එම emails සියල්ලම select කරන්න පහත විදිහට.
Step 4
දැන් එම emails සියල්ලම select කරගත් පසු ඊලග පියවර විදිහට “Select all conversations that match this search” විසිහට හදන්න අවශ්‍යයි.
Step 5
දැන් More option එක මගින් “Mark As Read” ලෙස select කරන්න.
Step 6
දැන් “Confirm Bulk Action” ලෙස pop-up message එකක් එයි. එය ok කරන්න.
දැන් සියල්ලම සාර්ථකව නිමා කර හමාරය. සියළුම unread emails බලන්නේ නැතිව read emails විදිහට පෙනේවි. ඔයාලත් උත්සහ කරලා බලන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි වැදගත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Top 10 Best iPhone Apps For Developers or Programmers
අපේ යාළුවන් කැමතියිනේ programming වලට. ඉතින් මම අද අරගෙන ඇවිත් තියෙන්නේ ඔබ ලග තියෙන iPhone එක භාවිතා කරලා programming කරන්න පුළුවන් iPhone Apps කිහිපයක්. අපි දන්න විදිහට programming කරන්න පුළුවන් computer එකක් භාවිතා කරලනේ. නමුත් දැන් තත්වය වෙනස් වෙලා. අප බලමු මොනවද මේ ඇප්ස් කියලා.
#1 Programming Hub
Features:
Smooth and Elegant.
Categorized View
No Harmful Permissions REQUIRED.
Languages included are Java, Python, C, C++, C# (C Sharp), JavaScript, Assembly 8086, and PHP.
Periodic Updates with New Programs and New Programming Languages.
#2 Udacity – Learn Programming in HTML, CSS, Javascript, Python, Java & More
#3 C++ Programming Language – Compiler with Reference
Features:
Chapter wise complete C++ Tutorials
Programs with comments for better understanding (140 programs)
Output for each program
Categorized Questions and Answers
Important Exam Questions
Very simple User Interface
One click share (Tutorials and Programs)
#4 Learn Java Pro
Features:
Java Basics: Variables, Operators, etc.
Conditional Statements and Loops
Arrays
Classes and Objects
Encapsulation, Polymorphism, and Inheritance
Abstract Classes and Interfaces
#5 Evernote
Features:
• Write notes, checklists, and research
• Organize web articles, docs, and photos
• Discuss your work with others, right within the app
#6 JavaScript Anywhere
Features :
Write JavaScript, HTML and CSS source code.
Preview on internal browser.
Import project / Download images form web.
Send e-mail / iTunes file sharing to export.
Configure editor styles.
Password lock
Simple server for Wi-Fi
Export to / Import from Dropbox.
#7 Prompt 2
#8 Cellica Database Forms for iPhone
#9 Developers Tool Kit
#10 The Typography Manual
ඉහතින් දක්වන ලද්දේ Top 10 Best iPhone Apps For Developers or Programmers. ඔයාලත් මෙම ඇප්ස් උපයෝගී කරගෙන යමක් කරන්න උත්සහ කරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Game Hub in Sri Lanka
Game Hub කියන එක බොහොම ප්‍රසිද්ධයි ලෝකය පුරාම. මේ මගින් අපිට Online Game Play කිරිමේ හැකියාවක් පවතී. ඉතින් අද අපි කියන්න යන්නේ ලංකාවෙන් හදුන්වා දුන්න Game Hub එකක් පිළිබදවයි. මෙ හදුන්වා දී තිබෙන්නේ Arimac Lanka කියන ආයතනය විසිනි. මෙහි මුලික අධියර ලෙස Game 4කින් සමන්විතව ඉදිරිපත් කර තිබෙනවා.
මේ පහතින් දක්වා ඇත්තේ එම Game කිහිපයයි.
ඉතින් ඔයාලටත් පුළුවන් මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් Online Game Play කරන්න.
Game Hub in Sri Lanka
අපේ රටෙනුත් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීම පිළිබදව අපි සතුටුවෙනවා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. යළිත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Subscribe to:
Posts
(
Atom
)