Top 10 Free Websites for Downloading Windows Software Nena Mansala 7:59:00 AM Download , Software , Website , Windows , මෘදුකාංග , වෙබ් අඩවි Edit Windows මෙහෙයුම් පද්ධතිය සදහා මිලියන ගණන් software අද වන විට නිර්මාණය කර ඇති අතර එම software download කරගැනීම සදහා විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් තිබේ. නමුත් කොතෙකුත් වෙබ් අඩවි පැවතියද විශ්වාසවන්තව software download කරගැනීමට ඇත්තේ ඉතාමත් සුළු වෙබ් අඩවි ප්‍රමාණයකි. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ විශ්වාසවන්තව software download කරගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයකි. මෙහි පහතින් ඉදිරිපත් කරන වෙබ් අඩවි හරහා අපට පුළුවන් ඉතාමත් පහසුවෙන් software download කරගෙන install කරගන්න. #1 Ninite Ninite කියන්නේ ඉතාමත් හොද software downloading වෙබ් අඩවියක්. ඔයාලට පුළුවන් ඉතාමත් ජනප්‍රිය Chrome, VLC, Spotify වගේ සියළුම software එක click එකකින් download කරගෙන install කරගන්න. #2 Softpedia මෙම වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මෙමගින් අපිට නොමිලේ ලබාදෙන මෙන්ම මුදල් දී භාවිතා කරන software ලබාගන්න අවස්ථාව තිබේ. මෙහි ඇත්තේ software වල අළුත්ම version එක වීම විශේෂත්වයකි. #3 SnapFiles මෙම වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මේ මගින් අපිට පුළුවන් නොම්ලේ ලබාගත හැකි හොදම software 100 download කරගන්න වගේම විවිධ වූ වර්ගීකරණයන් (categories) යටතේද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන් වීම විශේෂත්වයකි. #4 DownloadCrew මෙම වෙබ් අඩවියද තවත් ජනප්‍රිය වෙබ් අඩවියකි. අපිට පුළුවන් මේ මගින් Windows, Linux, Mac වගේ මෙහෙයුම් පද්ධති වලට අවශ්‍ය software download කරගන්න. #5 MajorGeeks ඇත්තටම මෙම වෙබ් අඩවියේ හැඩය අනෙකුත් වෙබ් අඩවි මෙන් නොව එය පැරණි ස්වරූපයක් ගනියි. නමුත් මෙමගින් අපිට පුළුවන් අළුත් software download කරගන්න. #6 FilePuma මෙය ඉතාමත් වටිනා වෙබ් අඩවියකි. මෙමගින් up-to-date software download කරගන්න පුළුවන්. #7 DonationCoder මෙමගින්ද අපිට පුළුවන් නොමිලේ software download කරගන්න. #8 FileHippo මෙහි ඉතාමත් ජනප්‍රිය දිනපතා භාවතා කිරීමට සිදුවන software download කරගන්න අවස්ථාව තියෙනවා. #9 BrotherSoft මෙය දැනට නොමිලේ software download කරගැනීමට ඇති වෙඩ් අඩවි අතරින් ඉතාමත් විශාල වෙබ් අඩවියකි. #10 ComputersHopper ComputerShopper.com මගින්ද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන්. ඉහතින් දක්වා ඇති වෙබ් අඩවි භාවිතයෙන් ආරක්ෂාකාරීව සහ නොමිලේ ඔබට අවශ්‍ය software download කරගෙන භාවිතා කිරීමේ හැකියාව පවතියි. මෙම ලිපිය ඔයාලගේ යාළුවන්ටත් බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 20 Best Microsoft Apps for Andr...Icecream Media ConverterACDSee Pro9 for Photo Editing
Blogger Comment
Facebook Comment