How To Delete Undeletable Files and Folders in Windows

 

අපේ පරිගණකයේ ඇති විවිධ වූ Files අපිට අවශ්‍ය වෙලාවට Delete කරන්න නොහැකි වෙන්න පුළුවන් විවිධ හේතූන්මත. malware, spyware, Ad-ware සහ Trojan Horse වගේ දේවල් නිසා අපි ළග ඇති Files අපිට Delete කිරීමට නොහැකි වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම Delete කරන්න නොහැකි Files Delete කරන්න පුළුවන් ත්‍රමයක් පිළිබදව දැනුවත් කරන්නයි. ඉතින් බලන්න කොහොමද ඒක කරන්නේ කියලා. පහත පියවරයන් අනුගමනය කරන්න. 

Step 1

අපි මේ වගේ වෙලාවට මුළින්ම කරන්න අවශ්‍ය වෙන්නේ අපගේ පරිගණකය Restart කිරීමයි.

 Step 2

දැන්  Command Prompt Open කරගන්න Run as Administrator විදිහට. ඒ සදහා Command Prompt මත right click කර Run as Administrator තෝරන්න.

Step 3

දැන්  Command Prompt Open වූ පසු මේ පහතින් තියෙන් විදිහට එහි ටයිප් කර Enter  කරන්න. මෙහිදී සැලකිය යුතු කරුණ නම් මේ සදහා ඔබ Admin මගින් Log වීම ඉතාමත් වැදගත්ය. 

DEL /F /Q /A C:\\Users\\Your username\\The location of the file\\Name of the file you want to delete

මෙහි රතු පැහැයෙන් ඇති දේවල් ඔබට අදාල ලෙස වෙනස් කරගන්න. 

දැන් සාර්ථකව ඔබට අවශ්‍ය Files එක Delete වී ඇත. ඉතින් දැන් අපි කතා කරණු ලැබුවේ කොහොමද Delete කිරීමට නොහැකි Files Delete කරන්නේ කියන කාරණයයි. මෙය ඉතාමත් සරල ක්‍රමයකි. මම හිතනවා මෙම ලිපිය වැදගත් වෙන්න ඇති කියලා. යාළුවන්ටත් බලන්න හැකි තරම් Share කරන්න. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment