Best Way to Convert Youtube Video into MP3 Files

 

අපි අද කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ Youtube Videos ඉතාමත් පහසුවෙන් MP3 බවට හැරවිය හැකි ක්‍රම කිහිපයක් පිළීබදවයි. අද වන විට මිලියන ගණන් පිරිස් Youtube තුල තමන්ගේ කාලය ගත කරයි. අපි දන්නවා Youtube කියලා කියන්නේ ප්‍රධානතම video streaming network එකක් බව. එයට හේතුව අපිට පුළුවන් අපට අවශ්‍ය Videos ඉතාමත් පහසුවෙන් මේ මගින් බලාගන්න. 

නමුත් සමහර වෙලාවට අපිට සිද්ධවෙනවා Audio File විතරක් ලබාගන්න. අන්න ඒවගේ වෙලාවට අපිට සිද්ධවෙනවා අපහසුතාවයකට පත්වෙන්න. ඉතින් අද අපි කියන්නේ ඒ සදහා පිළියමකි. මේ පහතින් තියෙන පියවර අනුගමනය කරන්න. 

මෙහිදී අපි ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පිළිබදව අවධානය යොමුකරනවා.  අපි බලමු ඒ ක්‍රම දෙක. 

#1. Convert Youtube Videos Into MP3 Files Online & Download Instantly

 අපි මෙහිදී සිදු කරන්නේ කිසියම් වෙබ් අඩවියක් යොදාගෙන අපට අවශ්‍ය video එක MP3 එකක් බවට පත් කිරීමයි. Video2mp3.net කියලා කියන්නේ මෙම වෙබ් අඩවියයි. පහත පියවර අනුගමනය කරන්න.


1. මුලින්ම අපි convert කරගැනීමට අවශ්‍ය youtube වීඩියෝ එකට යන්න.

2. දැන් එම video එකේ URL එක copy කරගන්න. 

3. දැන් Video2mp3.net  කියන වෙබ් අඩවියට පිවිස copy කරගත් URL එක අදාල ස්ථානයේ Paste කරන්න. 

4. දැන් ඉතාමත් පහසුවෙන් download button එක click කර mp3 file download කරගන්න.


#2. How To Convert Youtube Video into Mp3 With An Simple URL Edit

 මෙම ක්‍රමයේදී අපට අවශ්‍ය වෙන්නේ නෑ වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට. දැන් අපිට පුළුවන් URL එක වෙනස් කර අපට අවශ්‍ය Video File එක MP3 වලට Convert කරලා Download කරගන්න. පහත පියවර අනුගමනය කරන්න. 

 


1. මුලින්ම අපි convert කරගැනීමට අවශ්‍ය youtube වීඩියෝ එකට යන්න.

2. Video එක Load වන විට අපිට පුළුවන් URL එක වෙනස් කරලා පහසුවෙන් Download කරගන්න. ඒ සදහා “ss” යෙදීම පමණයි අපි කරන අවශ්‍ය වෙන්නේ.
 උදාහරණයක් විදිහට පහත බලන්න.

මේ තියෙන්නේ Video එකේ URL එක

 ‘https://www.youtube.com/watch?v=OcAlu4S-BvI’

දැන් අපිට පුළුවන්  youtube.com කියන වචනයට පෙර “ss” යොදන්න.

“http://www.ssyoutube.com/watch?v=OcAlu4S-BvI”

 4. දැන් අපි පිවිසෙදන්නේ savefrom.net කියන වෙබ් අඩවියටයි.  ඒ මගින් අපිට පුළුවන් අපට අවශ්‍ය Video File එක MP3 එකක් විදිහට Download කරගන්න. 

දැන් අපි දන්නවා කොහොමද Youtube Videos MP3 Files එකක් විදිහට Download කරගන්න. මෙවා ඉතාමත් සරල ක්‍රම විදිහට හදුන්වන්න පුළුවන්. මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකි් හමුවෙමු.  සතුටින් ඉන්න.



SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment