How to Hide Any Drive Using Command Prompt in Windows

ආයුබෝවන් යාළුවනේ!

අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ drives hide කරන්නේ කොහොමද Command යොදාගෙන කියන කාරණයයි. අද වන විට ලෝකයේ සෑම මිනිසෙක්ම පාහේ මේ පරිගණක බාවිතා කරනවා. ඒ වගේම ඒ සෑම කෙනෙකුගේම පෞද්ගලික දේවල් මෙම පර්ගණකයේ තැන්පත් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට pictures, videos, audios සහ documents. ඉතින් ඒවා තැන්පත් කරලා තියෙන්න‍ේ පරිගණකයේ hard drive partition එකකනේ. ඉතින් එහෙම තියෙන පෞද්ගලික දේවල් වලට ආරක්ෂාවක් කියෙන්න ඕනනේ. ඉතින් දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද පරිගණකයේ internal hard drive partition එකක් hide කරන්නේ කියලයි. ඇත්තටම ඔයාල හිතයි එහෙම කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම පුළුවන් සරල Command කිහිපයක් මගින්. ඉති්න් මේ පහතින් තියෙන ක්‍රමය අනුගමනය කරන්නකෝ.

මේ ක්‍රමය ඉතාමත් සරලයි. මේ මගින් අපිට පුළුවන් අපේ පෞද්ගලික වැදගත් දේවල් අන් අය අකට පත්වීම වළක්වා ගෙන අපේ දේවල් ආරක්ෂා කරගන්න. මෙම කුමය මගින් අපිට අපේ දේවල් hide කරන්න වගේම unhide කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා බලයි hide කරපු දේවල් කොහොමද ආයේ ගන්නේ කියලා. වැඩිය කතා ඕනේ නෑ අපි බලමු කොහොමද කරන්නේ කියලා.


Step 1

මුලින් අපි My Computer වලට ගිහින් අපිට hide කරන්න අවශ්‍ය කරන partition එකේ අකුර බලාගන්න ඕනේ. දැන් start ගිහින් “cmd” කියලා ටයිප් කරයින් පසුව අපිට Command Prompt ලෙස පෙන්වාවි. අපි එහි right click කරලා Run as administrator දෙන්න. 

 

Step 2

 දැන් එහි Diskpart” කියලා ටිප් කරලා enter කරන්න. අනතුරුව yes click කරාට පසුව අළුතින් command prompt window එකක් දැක ගන්න පුළුවන් වෙයි. 

Step 3

දැන් එහි  list volume ලෙස ටයිප් කර enter කරන්න. අනතුරුව ඔබට දැකගත හැකියි volume list එක. දැන් ඔබට hide කිරීමට අවශ්‍ය drive එකේ අංකය බලා ගන්න.

Step 4

 මම තෝරනවා volume 6 කියන එක. දැන් volume 6 ලෙස ටයිප් කර enter කරන්න. 

Step 5

 දැන් Remove Letter G ලෙස ටයිප් කර enter කරන්න. 

එපමණයි කරන්න තියෙන්නේ. අපි දැන් සාර්ථකව Drive එක Hide කර අවසානයි. දැන් ගිහින් බලන්න අපි තෝරපු Drive එක තියෙනවද කියලා.

Steps To Unhide Drive With Cmd

Step 1

 හරිම සරලයි. ඉහතින් කරපු පළමු පියවර 5 ඒ විදිහටම කරන්න.

Step 2

 දැන් assign letter G ලෙස ටයිප් කර enter කරන්න. 

 

දැන් අපි සියල්ල සාර්ථකව නිම හමාරයි. ඉතින් අපි ඉහතින් කතා කරේ How to Hide Drives with Command මගින් ඉතාම සරල ක්‍රමයක් උපයෝගී කරගෙන. මේ සදහා කිසිදු තුන්වන පාර්ශවීය මෘදුකාංගයක් අවශ්‍ය නොවේ. මම හිතනවා මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා.  මෙම ලිපිය share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් comment එකක් විදිහට ඉදිරිපත් කරන්න. හොද හෝ නරක ඉදිරිපත් කරන්න. එය ඉදිරි ලිපි සදහා මහගු පිටුවහලක් වනු ඇත. නැවතත් අපි මෙවැන් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment