How To Find Facebook Friends Hidden Email Address

 

අපි දන්න විදිහට Facebook කියලා කියන්නේ හොද social media network එකක්. අද අපි කියලා දෙන දේ කිරීම මගින් ඔයාලට හැකර් කෙනෙකුගේ හැගීමක් දැනෙයි. අද අපි කියලා දෙන්න බලාපොරොත්තුවෙන්නේ Facebook යාළුවන්ගේ Hide කරලා තියෙන email address බලන ආකාරයක් පිළිබදවයි. අපි දන්නවා ගොඩක් දෙනෙක් privacy settings වලට ගිහින් email address අනිත් අයට බලන්න බැරි විදිහට Hide කරනවා. බලන්න මේ පහත කියලා දෙන විදිහට කරලා වැඩේ කොහොමද කියලා.


Step 1

අපිට අවශ්‍ය වෙනවා අළුත්ම Yahoo mail account එකක්. එම Yahoo mail account එක හදාගෙන අපිට පුළුවන් වැඩේ පටන්ගන්න.



Step 2

දැන් ඔයාලා හදාගත්ත Yahoo mail එකේ තියෙන contact directory  එකට යන්න මේ පහත තියෙන විදිහට.

 

 

 Step 3

ඔයාලා contact directory එකට ගියවිට ඔයාලට කිසිවක් පෙන්නන්නේ නැතිවෙයි. මොකද ඒ Yahoo mail accountඑක අළුත් නිසා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ Facebook contacts ටික import කරන එකයි. 

 

 

 Step 4

Facebook contacts ටික import කර ගත් පසු ඔයාලට බලාගන්න පුළුවන් Facebook යාළුවන්ගේ Email IDs ටික. 

 

 

මේ තමයි පහසුම ක්‍රමය යාළුවන්ගේ Hide කරලා තියෙන Email Address බලාගන්න පුළුවන්. නමුත් මේ මගින් ඹයාලට සියළුම යාළුවන්ගේ Email Address බලාගන්න නොහැකි වෙයි. මොකද සමහර යාළුවන් Facebook  account හදලා තියෙන්නේ mobile number යොදාගෙන නිසා. ඔයාලත් කරලා බලන්න මෙම ක්‍රමය. ඔයාලගේ අදහස් පහලින් දාලා යන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment