වැඩ කරන ගමන් Cricket Match විස්තර දැන ගමු



ආයුබෝවන් යාළුවනේ!

අළුත් අවුරුද්දෙ මම ඔයාලට දෙන්න යන්නෙ ක්‍රිකට් ලෝලීන්ට ඉතාමත් වැදගත් වෙන මෘදුකාංගයක්. ගොඩක් වෙලාවට ගොඩක් අය කාර්යය බහුලයිනේ. ඔපිස් වල වැඩ, හදිස්සි වැඩ එහෙම යෙදුනහම ක්‍රිකට් මැච් එකක් බලන්න විදිහක් නෑනෙ. ඒ වගේ වෙලාවට මම අද ඔයාලට දෙන්න යන මෘදුකාංගය ඉතාමත් වැදගත්. ඔයාල ඔපිස් එකේ වැඩ කරන ගමන් උනත් සජීවීව තරගයේ විස්තර දැන ගන්න පුළුවන්.

වැඩ් කතා ඕනෙ නෑනෙ. අපි මෘදුකාංගය බාගත කරගෙන සාමාන්‍ය මෘදුකාංග ස්ථාපනය කර ගන්නවා වගේ මෙම මෘදුකාංගයත් ස්ථාපනය කර ගන්න. පහත ලින්ක් එකට ගිහින් බාගත කරන්න.

http://www.mediafire.com/download/0sy8045v4pwo512/LiveCricketzip_Nena_Mansala.rar


දැන් ඉතින් සාමාන්‍ය විදිහට ස්ථාපනය කර ගත්තනෙ. මෘදුකාංගය ඕපන් කරගත් විට පහත පරිදි දිස්වේ.






මේ ආකාරයට එම දිනයේදී පැවැත් වීමට නියමිත තරග සහ පැවැත්වෙන තරග දිසවේග අපට අවශ්‍ය තරගය තෝරා ඩබල් කිලික් කිරීම මගින් ඔබට අවශ්‍ය තරගයේ විස්තර බලාගත හැකිය. එය පහත පරිදි පෙන්වයි.





මෙය අප්ඩේට් වේ. එය සිදුවන විට පහත පරිදි දිස්වේ.


මේ මගින් තරගයේ සවිස්තරාත්මක විස්තරයක් බලාගත හැකි වේ. මෙය ලබා ගැනීම සදහා ඉහතින් දැක්වෙන රූපය මත රයිට් කිලික් කර එහි score යන්න කිලික් කල යුතුය. එවිට පහත පරිදි දිස්වේ.


මේ ආකාරයට යමි කිසි වැඩක නිරත වන විට හෝ තරගයේ විස්තර දැන ගැනීමේ හැකියාවක් මේ මගින් අපට හැකි වේ. ඉතින් ඔබත් මේ මෘදුකාංගය ස්ථාපනය කර බලන්න.

මේ පිළිබදව ඔබගේ අදහස් facebook page හරහාද දැනුම් දීමේ හැකියාවක් ඔබට ඇත. ඔබගේ අදහස් මත නැණ මංසල මේ වසරේදී වර්ධනය කිරීමට බලා පොරොත්තුවෙන් සිටියි. පහතින් අපගේ ලින්ක් එක දැක්වේ. අදහස් යොමු කරන්න. දැනගත යුතු යම් කරුණු ඇතොත් යොමු කරන්න. ඒවාට නිසි පිළිතුරු ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කරණු ඇත.

https://www.facebook.com/nenamansala


සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment