JAQ Portable Power Bank Charges Itself up with Water

 

වර්ථමානයේ Smart Phone තාක්ෂණය කොතරම් දියුණුවුවත් එක් දිනක් එම Smart Phone එක භාවිතා කළ විට එහි බලය නැති වී නැවත චාර්ජ් කිරීමට සිදු වෙයි. ඒ සදහා විදුලි බලය ඇති ස්ථානයකට ගමන් කිරීමට සිදුවෙයි.  නමුත් වර්ථමානයේ ඕනෑ තරම් වෙළෙදපොලෙහි Power Bank මිලදී ගැනීමට ඇත. නමුත් ඒ Power Bank පවා විදුලිය නොමැති විට චාර්ජ් කරගැවීමට නොහැකිය. අපි දවස් කිහිපයකට විදුලිය නොමැති පෙදෙසකට ගියවිට ඒවා චාර්ජ් කිරීමට නොහැකි වෙයි. 

 

 


නමුත් ස්විඩනයේ මයිඑෆ්සී නම් සමාගම විසින් Smart Phone චාර්ජ් කිරීම සදහා නවතම Power Bank එකක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ සදහා විදුලිය අවශ්‍ය නොවේ. එම Power Bank තුලට තුඩා Credit Card තරම් කුඩා ප්‍රමාණයේ Power Card එකක් ඇතුලත් කර Micro USB Cable එකක් මගින් Smart Phone එක චාර්ජ් කරගැනීමට හැකිය. 


 



මෙම Power Card එක භාවිතා කළ හැක්කේ එක් වරක් පමණයි. එය නිපදවා ඇත්තේ සාමාන්‍ය ලුණු ජලය උපයෝගී කරගෙනය. එක් වරක් භෘවිතා කල පසු එය ඉවත් කළ යුකුය. එම Power Card එක පර්සරයට එක් වීමෙන් කිසිදු හානියක් පරිසරයට ඇති නොවෙයි. එය නිර්මාණය කර ඇත්තේ දිරාපත් වන ද්‍රව්‍ය උපයෝගී කොටගෙනය. මෙම Power Card එක මගින් පැයක් ඇතුලත මිලි ඇම්පියර් 1800 විදුලිය නිපදවීමට සමත්ය.  මෙම Power Card 10, 15ක් වුවත් ඉතා පහසුවෙන් රුගෙන යාමට හැකිවීමට මෙහි ඇති සුවිශේෂත්වයයි. 




ඉතා නුදුරේදීම අපටද මෙම Power Card සහිත Power Bank ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි. මම හිතනවා මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 



SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment