How To Fix Any DLL Error in Windows

ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සෙ ලිපියක් දාන්න අවස්ථාවක් ලැබුණා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද  DLL Error නිවැරදි කරන්නේ Windows වල කියලයි. සමහර වෙලාවට අපි අළුතින් Game එකක් Play කරන්න ගියහම අපිට DLL Error Message එක එනවා. ඒ වගේ වෙලාවට අපිට එම Game & Software Install  කරන්න බැරිවෙලා යනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මෙය නිවැරදි කරගන්න ආකාරය පිළිබදවයි. 

මේ පහතින් දක්වලා තියෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම අපි දැනගනන ඕනේ අපිට අවශ්‍ය වන DLL File එක මොකක්ද කියලා. අපිට එය System Error Message එක මගින් දැන ගන්න පුළුවන්.

  • දැන් මේ පහතින් දක්වලා තියෙන Website එකට යන්න.

dll-files.com

  • දැන් එම Website එකේ අපිට අවශ්‍ය කරන DLL File එකේ නම පහත පරිදි ටයිප් කරන්න.

  • අනතුරුව ඔබට zip file එකක් Download කරගැනීම සදහා අවස්ථාව ලැබේ. එය Download කරගන්න.

 

  • දැන් File එක extract කරන්න. 

  • දැන් එම File එක පහත දක්වලා තියෙන ආකාරයට ඔබගේ Operating System එක අනුව Copy කර Paste කරන්න. 

     

C:\Windows\System (Windows 95/98/Me)
C:\WINNT\System32 (Windows NT/2000)
C:\Windows\System32 (Windows XP, Vista, 7)

 

මේ ආකාරයට අපිට පුළුවන් DLL Error නිවැරදි කරගන්න. මම හිතනවා මෙම ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට වගේම ඔයාලගේ යාළුවන්ටත් මෙම ලිපිය වැදගත් වෙයි. එම නිසා යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. හදිස්සියේ මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන්න කාලය ලැබීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වෙනවා. ඉතින් අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.



SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment