How to Download Google Play Store Apps for PC

 

ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සේ ආයෙත් ලිපියක් දාන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්න Google Play Store Apps කොහොමද අපේ පරිගණකයට Download කරගන්නේ කියන කාරණයයි. අපිට මේ මගින් අපිට අවශ්‍ය ඕනෑම Apps එකක් ඉතාමත් පහසුවෙන් Download කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ Google Play Store Apps Download කරගන්නේ කියලා. මේ පහතින් කියලා දෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම අපිට අවශ්‍ය ඇප් එක තියෙන Page එකට ගිහින් එහි අපිට වැදගත් වන URL කොටස Copy කරගන්න අවශ්‍ය වෙනවා. ඔබට පෙනෙනවා ඇති මේ පහතින් දක්වලා ඇති පින්තූරයේ අපි අරගෙන තියෙන්නේ = ලතුණින් දකුණුපස කොටසයි. අපිට අවශ්‍ය වෙන්නේ = ලකුණින් දකුණුපස කොටසයි.

 

  • දැන් මේ පහතින් දී ඇති ලින්ක් එකට ගිහින් පහත දක්වලා තියෙන ව්දිහට Paste කරලා Generate Download Link යන්න Click කරන්න.

APK Downloader

  •  දැන් Click here to download යන්නෙන් ඇති කොල පැහැති Button එක Click කරන්න.

 

 

  • දැන් පහත දැක්වෙන විදිහට Download කරගන්න පුළුවන්.

ඉතින් මේ ලිපිය මගින් ඔබට යමක් ඉගෙන ගන්න ලැබෙන්න ඇති. යාළුවන්ටත් දැන ගන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment