Showing posts with label වෙබ් අඩවි. Show all posts
Showing posts with label වෙබ් අඩවි. Show all posts

Top 10 Free Websites for Downloading Windows Software

 

Windows මෙහෙයුම් පද්ධතිය සදහා මිලියන ගණන් software අද වන විට නිර්මාණය කර ඇති අතර එම software download කරගැනීම සදහා විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් තිබේ. නමුත් කොතෙකුත් වෙබ් අඩවි පැවතියද විශ්වාසවන්තව software download කරගැනීමට ඇත්තේ ඉතාමත් සුළු වෙබ් අඩවි ප්‍රමාණයකි. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ විශ්වාසවන්තව software download කරගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයකි. මෙහි පහතින් ඉදිරිපත් කරන වෙබ් අඩවි හරහා අපට පුළුවන් ඉතාමත් පහසුවෙන් software download කරගෙන install කරගන්න.

#1 Ninite

 Ninite කියන්නේ ඉතාමත් හොද software downloading වෙබ් අඩවියක්. ඔයාලට පුළුවන් ඉතාමත් ජනප්‍රිය Chrome, VLC, Spotify වගේ සියළුම software එක click එකකින් download කරගෙන install කරගන්න.

#2 Softpedia

මෙම  වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මෙමගින් අපිට නොමිලේ ලබාදෙන මෙන්ම මුදල් දී භාවිතා කරන software ලබාගන්න අවස්ථාව තිබේ. මෙහි ඇත්තේ  software වල අළුත්ම version එක වීම විශේෂත්වයකි.

#3 SnapFiles

 මෙම  වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මේ මගින් අපිට පුළුවන් නොම්ලේ ලබාගත හැකි හොදම software 100 download කරගන්න වගේම විවිධ වූ  වර්ගීකරණයන් (categories) යටතේද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන් වීම විශේෂත්වයකි.

 #4 DownloadCrew

මෙම වෙබ් අඩවියද තවත් ජනප්‍රිය වෙබ් අඩවියකි. අපිට පුළුවන් මේ මගින් Windows, Linux, Mac වගේ මෙහෙයුම් පද්ධති වලට අවශ්‍ය software download කරගන්න.

#5 MajorGeeks

ඇත්තටම මෙම වෙබ් අඩවියේ හැඩය අනෙකුත් වෙබ් අඩවි මෙන් නොව එය පැරණි ස්වරූපයක් ගනියි. නමුත් මෙමගින් අපිට පුළුවන් අළුත්  software download කරගන්න.

#6 FilePuma

මෙය ඉතාමත් වටිනා වෙබ් අඩවියකි. මෙමගින් up-to-date software download කරගන්න පුළුවන්.

#7 DonationCoder

මෙමගින්ද අපිට පුළුවන් නොමිලේ software download කරගන්න.

#8 FileHippo

මෙහි ඉතාමත් ජනප්‍රිය දිනපතා භාවතා කිරීමට සිදුවන software download කරගන්න අවස්ථාව තියෙනවා.

#9 BrotherSoft

මෙය දැනට නොමිලේ software download කරගැනීමට ඇති වෙඩ් අඩවි අතරින් ඉතාමත් විශාල වෙබ් අඩවියකි.

#10 ComputersHopper

 ComputerShopper.com මගින්ද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන්.

ඉහතින් දක්වා ඇති වෙබ් අඩවි භාවිතයෙන් ආරක්ෂාකාරීව සහ නොමිලේ  ඔබට අවශ්‍ය  software  download කරගෙන භාවිතා කිරීමේ හැකියාව පවතියි. මෙම ලිපිය ඔයාලගේ යාළුවන්ටත් බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Game Hub in Sri Lanka

 

Game Hub කියන එක බොහොම ප්‍රසිද්ධයි ලෝකය පුරාම. මේ මගින් අපිට Online Game Play කිරිමේ හැකියාවක් පවතී. ඉතින් අද අපි කියන්න යන්නේ ලංකාවෙන් හදුන්වා දුන්න Game Hub එකක් පිළිබදවයි. මෙ හදුන්වා දී තිබෙන්නේ Arimac Lanka කියන ආයතනය විසිනි. මෙහි මුලික අධියර ලෙස Game 4කින් සමන්විතව ඉදිරිපත් කර තිබෙනවා. 

මේ පහතින් දක්වා ඇත්තේ එම Game කිහිපයයි. 




ඉතින් ඔයාලටත් පුළුවන් මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් Online Game Play කරන්න.


Game Hub in Sri Lanka

අපේ රටෙනුත් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීම පිළිබදව අපි සතුටුවෙනවා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. යළිත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Generate Your Own QR Code

එදිනෙදා ජීවිතයේදී අපිට නිතරම හමුවෙන දෙයක් තමයි මේ QR Code නැත්නම් අපිදන්න වචනය තමයි බාකෝඩ් කියලා කියන්නේ. අපි කිසියම් භාණඩයක් ගත්විට එහි අපිට බොහෝවිට මෙම QR Code දකින්න පුළුවන්. හොදම උදාහරණය තමා Super Market වලට ගියහම අපිට භාණ්ඩ වල මෙම QR Code දකින්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නැද්ද අපේම කියලා QR Code හදාගන්න. අපිට අවශ්‍ය ඕනෑම ආකාරයකට මේ මගින් QR Code හදාගන්න පුළුවන්. 

අපිට ඉතාමත් පහසුවෙන් මේ පහතින් තියෙන Website එකට ගිහින් අපේම කියලා QR Code එකක් හදාගන්න. ගිහින් බලන්න.

QR Code Generator

බලන්න මම හදපු QR Code එක කොහොමද කියලා. ඔයාලට පුළුවන් එම QR Code එක Check කරලා බලන්න. දැන් ඕනෑතරම් QR Code Check කරලා බලන්න පුළුවන් Applications Mobile Phone වලට දාගන්න තියෙනවා. 


 

 

අද අපි කතා කළේ අපිටම කියලා QR Code එකක් හදාගන්න ආකාරය පිළිබදවයි. මේ මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ ව්‍යාපාරයක් එහෙම තියෙනවනම් QR Code භාවිතා කරලා වැඩකටයුතු විධිමත් ආකාරයට කරගෙන යන්න. ඒ මගින් යම්කිසි පිළිගැනීමකුත් ඇතිවෙනවා. මෙම ලිපිය සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් අපිට ලියන්න. සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරයකින් සම්බන්ධ කරගන්න. මගේ යාළුවන්ට ගැටළු තියෙනවනම් මට ඉදිරිපත් කරන්න. මට පුළුවන් ආකාරයකින් හැමදෙනාටම උපකාර කරන්නම්. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැන් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.



Design Your Own T-Shirt

අපිට T-Shirt  එකක් Design කරන්න සිදු වුණ විටදී අපි බොහෝ දෙනා කරන්නේ කාටහරි කියලා Design කරගන්න එකයි. සමහර වෙලාට අපිට ඒ සදහා ගෙවීමක් කිරීමට සිදුවෙනවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ එහෙම කිසිදු වියදමකින් තොරව T-Shirt එකක් Design කරන්නේ කෙසේද යන වගයි. අලි දන්නවා අපේ පාසැල් වල ක්ලබ් වල කැම්පස්වල එහෙම T-Shirt  Design කරනවා. ඉතින් හ් වගේ වෙලාවට අපිට පුළුවන් මම මේ කියන්න යන ක්‍රමය භාවිතා කරලා T-Shirt Design කරන්න. 

ඉතින් මම මේ කියන්නේ Online T-Shirt Design කරන්න පුළුවන් Website එකක් ගැනයි. මේ මගින් අපිට පුළුවන් ඉතා පහසුවෙන් අපේ T-Shirt Design කරන්න. මේ පහතින් තියෙන ලින්ක් එක භාවිතා කරලා ඔයාලට පුළුවන් එම Website එකට පිවිස ඔයාලට අවශ්‍ය T-Shirt Design එක සිදුකරගන්න. 

Design Lab

 



අද අපි කාටත් වැදගත් වෙන ලිපියක් ඉදිරිපත් කළා. මම හිතනවා ඔයාලා මෙම ලිපියට කැමති වෙයි කියලා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Best Way to Convert Youtube Video into MP3 Files

 

අපි අද කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ Youtube Videos ඉතාමත් පහසුවෙන් MP3 බවට හැරවිය හැකි ක්‍රම කිහිපයක් පිළීබදවයි. අද වන විට මිලියන ගණන් පිරිස් Youtube තුල තමන්ගේ කාලය ගත කරයි. අපි දන්නවා Youtube කියලා කියන්නේ ප්‍රධානතම video streaming network එකක් බව. එයට හේතුව අපිට පුළුවන් අපට අවශ්‍ය Videos ඉතාමත් පහසුවෙන් මේ මගින් බලාගන්න. 

නමුත් සමහර වෙලාවට අපිට සිද්ධවෙනවා Audio File විතරක් ලබාගන්න. අන්න ඒවගේ වෙලාවට අපිට සිද්ධවෙනවා අපහසුතාවයකට පත්වෙන්න. ඉතින් අද අපි කියන්නේ ඒ සදහා පිළියමකි. මේ පහතින් තියෙන පියවර අනුගමනය කරන්න. 

මෙහිදී අපි ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පිළිබදව අවධානය යොමුකරනවා.  අපි බලමු ඒ ක්‍රම දෙක. 

#1. Convert Youtube Videos Into MP3 Files Online & Download Instantly

 අපි මෙහිදී සිදු කරන්නේ කිසියම් වෙබ් අඩවියක් යොදාගෙන අපට අවශ්‍ය video එක MP3 එකක් බවට පත් කිරීමයි. Video2mp3.net කියලා කියන්නේ මෙම වෙබ් අඩවියයි. පහත පියවර අනුගමනය කරන්න.


1. මුලින්ම අපි convert කරගැනීමට අවශ්‍ය youtube වීඩියෝ එකට යන්න.

2. දැන් එම video එකේ URL එක copy කරගන්න. 

3. දැන් Video2mp3.net  කියන වෙබ් අඩවියට පිවිස copy කරගත් URL එක අදාල ස්ථානයේ Paste කරන්න. 

4. දැන් ඉතාමත් පහසුවෙන් download button එක click කර mp3 file download කරගන්න.


#2. How To Convert Youtube Video into Mp3 With An Simple URL Edit

 මෙම ක්‍රමයේදී අපට අවශ්‍ය වෙන්නේ නෑ වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට. දැන් අපිට පුළුවන් URL එක වෙනස් කර අපට අවශ්‍ය Video File එක MP3 වලට Convert කරලා Download කරගන්න. පහත පියවර අනුගමනය කරන්න. 

 


1. මුලින්ම අපි convert කරගැනීමට අවශ්‍ය youtube වීඩියෝ එකට යන්න.

2. Video එක Load වන විට අපිට පුළුවන් URL එක වෙනස් කරලා පහසුවෙන් Download කරගන්න. ඒ සදහා “ss” යෙදීම පමණයි අපි කරන අවශ්‍ය වෙන්නේ.
 උදාහරණයක් විදිහට පහත බලන්න.

මේ තියෙන්නේ Video එකේ URL එක

 ‘https://www.youtube.com/watch?v=OcAlu4S-BvI’

දැන් අපිට පුළුවන්  youtube.com කියන වචනයට පෙර “ss” යොදන්න.

“http://www.ssyoutube.com/watch?v=OcAlu4S-BvI”

 4. දැන් අපි පිවිසෙදන්නේ savefrom.net කියන වෙබ් අඩවියටයි.  ඒ මගින් අපිට පුළුවන් අපට අවශ්‍ය Video File එක MP3 එකක් විදිහට Download කරගන්න. 

දැන් අපි දන්නවා කොහොමද Youtube Videos MP3 Files එකක් විදිහට Download කරගන්න. මෙවා ඉතාමත් සරල ක්‍රම විදිහට හදුන්වන්න පුළුවන්. මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකි් හමුවෙමු.  සතුටින් ඉන්න.



Get Serial Numbers Easily

 අපි සියළු දෙනාම විවධ වු Software භාවිතා කරනවා අපේ වැඩ කටයුතු සිදු කරගැනීම සදහා. අපි දන්නවා සමහර Software ඉතාමත් මිලෙන් අධිකයි. ඉතින් අපි වගේ අයට ඒ වගේ Software මිලදී ගන්න පුළුවන් කමක් නෑ. ඉතින් අපි කරන්නේ කොහොම හරි හොරට අපිට අවශ්‍ය වන Software ටික Install කරගන්නවා. සමහර වෙලාවට අපි Serial Numbers භාවිතා කරනවා Software Install කරගන්න. සමහර වෙලාවට අපි කොහෙන් හරි හොයාගත්ත Crack File එකක් මගින් Install කරගන්නවා. 

අපි මෙවැනි විවිධ වු ක්‍රම භාවිතා කරලා Software Install කළ විට විවධ වූ අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා පරිගණකයෙහි සිදුවන වෙනස්වීම් නිසා. අපිට කොහොමත් හොදයි Serial Numbers එකක් හොයාගෙන Software Install කරන්න පුළුවන් නම්. දැන් මම දෙන්නේ Serial Numbers ඉතාමත් පහසුවෙන් ලබාගන්න පුළුවන් වෙබ් අඩවියක්. 

 

 

ඉතින් අපිට පුළුවන් මේ පහතින් තියෙන ලින්ක් එක භාවිතා කරලා අවශ්‍ය Serial Numbers ඉතාමත් පහසුවෙන් ලබාගන්න.

Smart Serial

 අපිට නොයෙකුත් වෙලාවන් වලදී අපට අවශ්‍ය වන Serial Numbers ලබාගන්න පුළුවන් වෙබ් අඩවියක් පිළිබදව මෙම ලිපිය මගින් දැනුවත් කිරීමක් සිදුකෙරුණා. මෙම ලිපිය අපි කාටත් එක විදිහට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය හැකිතරම් Share  කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Download School Text Books (Sinhala/ Tamil/ English)

අපි හැමෝම පාසැල් ගිහින් තියෙනවා වගේම තාමත් පාසැල් යන නංගිලා මල්ලිලා අපිත් සමග එකතුවෙගා ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් අද අරගෙන ඇවිත් තියෙන්නේ පාසැල් යන නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙන දෙයක්. අපි පාසැල් යන විට අපිට පාසැල් වලින් පෙළ පොත් ලැබෙනවා. ඉතින් ඒ සමහර පොත් භාවිතා කරන්න බැරි තරමටම විනාශ වෙලා තියෙනවා. අද අරගෙන ඇවිත් තියෙන්නේ ඒ පෙළපොත් අපිට අවශ්‍ය විදිහට බාගෙන බාවිතා කරන්න පුළුවන් ලින්ක් එකක්. මේක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියයි.

 

 

 

 

දැන් මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා අවශ්‍ය පෙළපොත් බාගන්න

Text Book Download

අද අරගෙන ඇවිත් තියෙන්නේ පාසැල් යන නංගිලා මල්ලිලාට වැදගත් වන පෙළපොත් බාගන්න පුළුවන් ලින්ක් එකක්. මේ මගින් සිංහල, දෙමළ සහ ඉංශ්‍රීසි යන භාෂා තුනෙන්ම බාගන්න අවස්ථාව උදාකරදී තිබීමයි. මම හිතනවා ඔයාලට මෙම ලිපිය වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මෙම ලිපිය පාසැල් යන පිරිසට වැදගත් වෙන නිසා එයාලාගේ දැනගැනීමට Share කරන්න. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Now Animal Sounds from Google

 



ආයුබෝවන් යාළුවනේ!

දැන් අරගෙන ඇවිත් තියෙන්නේ අපිට අවශ්‍ය බොහෝ වෙලාවට උදව්වට එන ගූගල් වල අලුත්ම දෙයක් ගැන දැනුවත් කරන්නයි. මේ කියන්න යන්නේ ගූගල් වෙතින් අලුතෙන්ම හදුන්වා දුන් සතුන්ගේ හඩවල් ඇතුලත් කරමින් ගූගල් තවත් ව්‍යාප්ත කර ඇති බවයි. අපට අවශ්‍ය වේලාවට ඇසීමට හැකිවන අයුරින් සතුන් 19 දෙනෙකුගේ හඩවල් ඇතුලත් කර මෙය හදුන්වා දී තිබෙනවා.

මෙයට පිවිසීමට අපට පුළුවන්, අපට අවශ්‍ය කරන හඩ ඇති සතාගේ නම ටයිප් කර Sound යනුවෙන් ටයිප් කර එන්ටර් කිරීම පමණයි. උදාහරණයක් විදිහට Cow Sound යනුවෙන් ටයිප් කර එන්ටර් කල විට පහත පරිදි දැකගත හැකිවෙයි.



මේ පහතින් ඉදිරිපත් කරන්නේ අනෙකුත් සතුන් කිහිප දෙනයි.








ගූගල් සමාගම වැඩිදුරටත් සදහන් කර සිටින්නේ මෙම සතුන් 19 දෙනාගේ ශබ්දයන් මිනිසුන් විසින් වැඩියෙන් ඇසීමට කැමැත්තක් දක්වන බැවින් මෙලෙස  එම සතුන් තෝරාගත් බවයි. තවත් මෙවැනි ලිපියකින් හමුවන තුරු සතුටින් ඉන්න.