Now Animal Sounds from Google

 



ආයුබෝවන් යාළුවනේ!

දැන් අරගෙන ඇවිත් තියෙන්නේ අපිට අවශ්‍ය බොහෝ වෙලාවට උදව්වට එන ගූගල් වල අලුත්ම දෙයක් ගැන දැනුවත් කරන්නයි. මේ කියන්න යන්නේ ගූගල් වෙතින් අලුතෙන්ම හදුන්වා දුන් සතුන්ගේ හඩවල් ඇතුලත් කරමින් ගූගල් තවත් ව්‍යාප්ත කර ඇති බවයි. අපට අවශ්‍ය වේලාවට ඇසීමට හැකිවන අයුරින් සතුන් 19 දෙනෙකුගේ හඩවල් ඇතුලත් කර මෙය හදුන්වා දී තිබෙනවා.

මෙයට පිවිසීමට අපට පුළුවන්, අපට අවශ්‍ය කරන හඩ ඇති සතාගේ නම ටයිප් කර Sound යනුවෙන් ටයිප් කර එන්ටර් කිරීම පමණයි. උදාහරණයක් විදිහට Cow Sound යනුවෙන් ටයිප් කර එන්ටර් කල විට පහත පරිදි දැකගත හැකිවෙයි.



මේ පහතින් ඉදිරිපත් කරන්නේ අනෙකුත් සතුන් කිහිප දෙනයි.








ගූගල් සමාගම වැඩිදුරටත් සදහන් කර සිටින්නේ මෙම සතුන් 19 දෙනාගේ ශබ්දයන් මිනිසුන් විසින් වැඩියෙන් ඇසීමට කැමැත්තක් දක්වන බැවින් මෙලෙස  එම සතුන් තෝරාගත් බවයි. තවත් මෙවැනි ලිපියකින් හමුවන තුරු සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment