Command මගින් Pen Drive එක Format කරමු

 

ආයුබෝවන් යාළුවනේ!

අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Pen Drive එකක් Command මගින් Format කරන්නේ කියලා. අපි දන්නවා අද වන විට ලෝකයේ තාක්ෂණය ඉතාමත් වේගයෙන් දියුණු වෙමින් පවතින බව. අද වන විට පුද්ගලයින් ගනුදෙනු කරනු ලබන්නේ පරිගණක හරහායි. ඒ වගේම ඉතාමත් වේගයෙන් පරිගණක දෙකක් අතර තොරතුරු හුවමාරු වීම සිදුවේ. බොහෝවිට අපි දත්ත හුවමාරු කරගැනීමට වර්ථමානයේ බාවිතා කරන්නේ Pen Drive වේ. මේ  Pen Drive හරහා විශාල වෛරස් ප්‍රමාණයක් අපගේ පරිගණක වෙත ඇතුළු වීමේ හැකියාවක් පවතී. අපි නිවැරදිව මේ Pen Drive එක Format කරනවානම් ඒ වෛරස් ඇතුළු වීමට ඇති ඉඩකඩ ඇහිරී යනවා. ඒ සදහා මෙම පහලින් දක්වන ආකාරයට සිදු කරන්න.

 අපි මේ සදහා බාවිතා කරන්නේ CMD Prompt එක. එය ඉතාමත් පහසු ක්‍රමයක්. මේ හරහා අපගේ Pen Drive එක තුල වෛරස් තිබේනම් එම වෛරස්ද මෙමගින් ඉවත් වීමක් සිදු වේ. වෛරස් වලින් තොර Pen Drive එකක් ලබා ගැනීම සදහා මෙම පහත පියවර අනුගමනය කරන්න.

 

  • අපි මුලින්ම දැනගන්න ඕනේ අපේ Pen Drive එකට අදාල අතුර මොකක්ද කියලා. ඔයාට ඒ අකුර මේ පහතින් දක්වා ඇති රූපයේ පැහැදිලිව දැකගත හැකිය.

 

  •  දැන් CMD Prompt එක Open කරගන්න. ( Windows Key + R Press කර , CMD ලෙස ටයිප් කර Enter කරන්න) 

 

  • දැන් Pen Drive එකට අදාල අකුර සමග මෙසේ Format I: ටයිප් කරන්න. මෙහිදී මම Pen Drive එකට අදාල අතුර ලෙස I සලකන ලදී.

 

  •  දැන් Pen Drive එක Format වන බව දැකලත හැකියි.

 


ඉතින් ඔබටත් පුළුවන්
Pen Drive Format කිරීම සදහා මේ ක්‍රමය යොදා ගැනීමට. තවත් මේ වගේ ඔයාලට වැදගත් වෙන ලිපියකින් හමුවෙමු.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment