How to block Porn site / අසභ්‍ය වෙබ් අඩවි block කරමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම කියලා දෙන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් ඒ තමයි කොහොමද අසභ්‍ය වෙබ් අඩවි (Porn Site) block කරන්නේ කියන එකයි. අපි සමහර වෙලාවට දන්නෙත් නැතිව මේ වගේ වෙබ් අඩවි වෙත සමහර වෙලාවල් වල පිවිසීමට ඉඩ තිනෙනවා. සමහර වෙලාවට වැරදිලා ලින්ක් එකක් කිලික් වෙලා මේ වගේ අසභ්‍ය වෙබ් අඩවි වෙත අප පිවිසීමට බොහෝ විට ඉඩ තිබෙනවා. අපි කොයිකටත් කියලා ඒ වගේ වෙබ් අඩවි block කරලා තියාගත්තනම් වැඩේ ලේසියිනේ. කොහොමද පොඩි ළමයෙක් එහෙම ඉන්න වෙලාවට මේ වගේ වෙබ් අඩවියකට ගියොත් එහෙම.

අපි බලමු කෙහොමද මේ වගේ වෙබි අඩවි block කරන්නේ කියලා. මුලින්ම මේ පහලින් තියෙන විදිහට වැඩේ පටන් ගන්න.
 
  • මුලින්ම Control Panel වලට යන්න.
  •  දැන් Network and Internet යන්න.
  • Network and Sharing Center යන්න.
  •  පහත පරිදි Connection එක තෝරන්න.
  • Properties යන්න.
  • Networking යන්න.
  • Internet Protocol Version 4 තෝරන්න.
  • Use the following DNS server addresses කියන එකට ටික් මාර්ක් එක දාලා මේ 199.85.126.20 code එක ගහන්න. Code දීලා OK කිලික් කරන්න.

දැන් වැඩේ හරි. දැන් ගිහින් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. හරි නේද? දාන්නකො බලන්න Comment එකක් Post එක ගැන. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.



SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment