Pen එකට Icon එකක් දාමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට පොඩ් Notepad Tricks එකක් කියලා දෙන්නයි හදන්නේ. Notepad වලින් හරි අපූරු දේවල් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද ඔයාලගේ Pen එකට Hard එකේ Partition එකකට ‍අපි කැමති Photo එකක් දාගන්නේ කියලා. මේක හරිම සරල දෙයක්. අපේ යාළුවොත් උත්සහ කරලා බලන්නකො.

මේ සදහා අපිට අවශ්‍ය කරනවා Icon එකක්. ඔයාල අයිකන් එකක් හදා ගන්න දන්නේ නැත්නම් මේ පහතින් තියෙන Post එකට ගිහින් අයිකන් එකක් හදාගන්නකො.


මුලින්ම Notepad එක Open කරගෙන මේ පහලින් තියෙන එක Copy කරගෙන Past කරන්න. 

 [autorun]
Label=Device Name
Icon=MyIcon.ico



දැන් ඉතින් ඉහතින් දක්වලා තියෙන Photo එකේ විදිහට ඔයාට පුළුවන් Device Name කියන තැනට ඔයාගේ Pen එකේ නම දෙන්න. MyIcon කියන නැනට ඔයාලා හදාගත්ත Icon එකේ නම දෙන්න. අනතුරුව මේNotepad File එක autorun ලෙස Save කරගන්න.

දැන් ඔයාලගේ අදාල Device එකට ගිහින් අපි හදාගත්ත Notepad File එකයි, Icon එකයි Copy කරගන්න. Copy කරගෙන මේ File දෙක Hide කරගන්න. ඔයාලට පුළුවන් මේ File දෙක Select කරලා Right කිලික් කරලා Properties ගිහින් Hidden කියන එකට ටික් මාර්ක් එක දාලා Apply කරලා Ok කරන්න.

( Select  two file/ Click Right/ Properties/ Hidden/ Apply/ Ok )

ඔයාලා බලන්නකො දැන් එක නැවත සම්බන්ධ කරලා මොකද වෙලා තියෙන්නේ කියලා.



වැඩේ හරිද? ඔයාලා හිතන දේවල් මේ සම්බන්ධයෙන් Comment එකක් විදිහට දාලා යන්නකො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment