Send To වලට අපි කැමති දේවල් Add කරගමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Send To වලට අපි කැමති දේවල් Add කරගන්නේ කොහොමද කියලා. අපේ පහසුවට තමයි මේ දේවල් අපිට ලැබිලා තියෙන්නේ. අපි මේවාගෙන් නිසි ඵල ගන්නවාද කියන කාරණය සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලිය යුතුයි. ශ්‍රී ලංකාව වැනි රටවල් වල මේ පිළිබදව ඇති දැනුම අඩුබව ඉතා මැනවින් විද්‍යමාන වේ. ඉතින් මේ උත්සාහය දරන්නේ එම දැනුමෙහි යම් යම් අඩුපාඩූන් යාන්තමින් හෝ අකා මකා දැමීමටයි.

හොදයි අපි වැඩිය කතා කරන්නේ නැතිව බලමු කොහොමද මේ Send To වලට අපි කැමති දේවල් Add කරන්නෙ කියලා. මේ පහත දක්වලා තියෙන පිළිවෙලට කරගෙන යන්න.

  • මුලින්ම අපි Windows Install කරලා තියෙන Partition එකට යන්න. සාමාන්‍යෙයන් අපි C Partition එකටනේ Windows Install කරන්නේ. C Partition එකට යන්න.
  •  දැන් User කියන එකට යන්න.
  •  ඔයාගේ Account නම තියෙන Folder එකට යන්න.
  •  දැන් AppData කියලා තියෙන Folder එකට යන්න.
  • දැන් Roaming කියලා තියෙන Folder එකට යන්න.
  • දැන් Windows කියන Folder එකට යන්න.
  •  දැන් Send To කියන Folder එකට යන්න.
  •  දැන් ඔයාලට කැමති දෙයක් මේ Folder එකට Add කරගන්න. මම KMPlayer එක එක Add කරගෙන තියෙනවා ඔයාලට පේනවා ඇති.
  •  දැන් බලන්න Send To වලට ගිහින් Add කරගත්ත එක ඇවිත්ද කියලා. මම දාගත්ත එකනම් ඇවිත් තියෙන්නේ.



ඔයාලත් යමක් මේ මගින් ලබා ගන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ අදහස් අපිට වැදගත් වෙනවා තව මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. ඔයාලගේ අදහසුත් දාන්නකො බලන්න Comment එකක් විදිහට. තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment