ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හැක් වීමෙන් ආරක්ෂා කරගමු



ආයුබෝවන් යාළුවනේ!

අපි හැමෝම ගාවම දැන් ඇන්ඩ්‍රෙයිඩ් මෙහෙයුම් පද්ධති තියෙන ජංගම දුරකථන, ටැබ් වගේ උපකරණ තියෙනවානේ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ආරක්ෂා කරගන්නේ කියලා. අපි දන්නවා අද වන විට මිලියන ගණන් ජනතාව මේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති ඇති උපකරණ බාවිතා කරනවා කියලා. ඒ වගේම අද වන විට මේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති හැක් කිරීමටත් බොහෝ පිරිසක් උත්සුක වන බව ඔබ දන්නවා වෙන්නත් පුළුවන්.

අද අප ජීවත් වන ලෝකය තුල හැකින් කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒ අතරින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සහිත ස්මාර්ට් ජංගම දුරකථන හැක් කිරීම බෙහෙවින් ජනප්‍රිය වි ඇත.අද මේ කියන්න යන්නේ බොහොම වැදගත් වෙන ක්‍රම කිහිපයක් මේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණ ආරක්ෂා කර ගැනීමට බාවිතා කළ හැකි. ඔයාලට මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවු විට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයේ ආරක්ෂා කාරීබව තහවුරු කරගත හැක.

අපි මුලින්ම බලමු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත උපකරණ හැක්වීමෙන් හැකර්ස්ලාට කල හැකි දේවල් මොනවාද කියලා.

  • මේ හරහා අපගේ පෞද්ගලික දත්ත වෙත ඇතුළු වීමේ හැකියාවක් පවතී
 
  • අපගේ පෞද්ගලික තොරතුරු යොදාගෙන විවිධ වෙබ් අඩවි වල සහතික කිරීම් සිදු කල හැකිය විශේෂයෙන්ම සමාජ ජාල වල
 
  • අපගේ බැංකු ගිණුම් වෙත පිවිසීමට හා විවිධ ගිණුම් වල මුරපද ලබා ගැනීමට හැකිවීම විශේෂයෙන්ම ඊමේල්, සමාජ ජාල වැනි ගිණුම් වල
 
  • අපගේ එදිනෙදා වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමට හා අපගේ සම්පූර්ණ විස්තර ලබාගත හැකි වීම
 
අපි දැන් දන්නවානේ මේ හැකර්ස්ලාගෙන් අපිට වෙන්න පුළුවන් දේවල් මොනවාද කියලා. අපි දැන් බලමු මේ සදහා කරන්න් පුළුවන් මොනවාද කියලා. ඒ සදහා අපිට සරල ක්‍රම කිහිපයක් බාවිතා කරන්න් පුළුවන්.  මේ පහතින් දක්වන ක්‍රම කිහිපය පිළිබදව ඔබේ අවධානය යොමු කරන්න.

  • තෙවන පාර්ශවීය ඇප්ස් බාවිතා කිරීමේදී ඒ සදහා විශ්වාසවන්ත ස්ථානයකින් එම ඇප්ස් බාගත කර ගැනීමට අවධානය යොමු කරන්න්. ඒ සදහා ඔබට ගූගල් ප්‍රේලේයර් වැනි සයිට් බාවිතා කිරීමට හිකියාවක් පවතී.

  • සැම විටම ඇප්ස් වල නවතම සංස්කරණය තබා ගන්න (Update Version). මේ නව සංස්කරණ පැම්ණෙන්නේ කලින් පැවති සංස්කරණයන්ගේ දෝෂ නොමැතිවයි. එම නිසා හැකර්ස්ලා උත්සහ කරනවා මේ දෝෂ හරහා අපගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණය හැක් කිරීමට. ඒ නිසා නිතරම නවතම සංස්කරණය තබා ගැනීමට උත්සහ කරන්න.

  • ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් තුල ඔබගේ මුරපද ගබඩා කර නොතබන්න. එමගින් අපගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණය හැක් වීමෙන් වළක්වා ගත හැකිය.

  •  වයි-ෆයි බාවිතා කිරීමේදී පොදුවේ ලබා දෙන සහ නොම්ලේ ලබා දෙන වයි-ෆයි බාවිතා කිරීමේදී පරිස්සම්කාරී වන්න. මේ හරහා හැකර්ස්ලාට පුළුවන් සියළු ආරක්ෂක ක්‍රදම බිදහෙළමින් අපගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණය හැක් කිරීමට.  එම නිසා මේවා බාවිතා කිරීමේදී ඉතා සැලකිලිමත් වන්න. 

  • අපි අන්තර්ජාලය තුල කළ කී දෑ ඇති හිස්ට් (History) සහ කැචර් (Cache) මකා දැමීමට සැලකිලිමත් වන්න. අපගේ විවිධ ගිණුම් වෙත ඇතුලත් වීමේ විස්තර ඉවත් කිරීමට වගබලා ගන්න.

  • බුළුටූත් (Bluetooth) ඕෆ් කිරීමට මතක තබා ගන්න. හැකර්ස්ලාට අපව ඉතාමත් පහසුවෙන් හැක් කිරීමට පුළුවන් වන්නේ මේ හරහායි. එබාවින් ඒ පිළිබදව සැලකිළිමත් වන්න.

  • අන්තර්ජාලයේ සැරිසැරීමට ආරක්ෂාකාරී ඇප්ස් බාවිතා කරන්න. සමහර ඇප්ස් අපට අන්තර්ජාලයේ සැරිසැරීම ආරක්ෂාකාරීව සිදු කිරීමට උපකාරී කරනු ලබයි.

 මේ ඉහතින් දක්වන ලද ක්‍රම බාවිතා කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණය ආරක්ෂා කරගෙන ඔබත් ආරක්ෂා වීමට. ඉතින් තවත් වැදගත් වෙන ලිපියකින් නැවත හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment