Coding නොමැතිව Android Apps හදමු



ආයුබෝවන් යාළුවනේ!

අපි දන්නවා ලෝකයේ වඩාත් ජනප්‍රිය හා වැඩියෙන්ම බාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතීන් සහිත ජංගම දුරකථනයි. ඉතින් මේ  සදහා දිනෙන් දින නොයෙකුත් ආකාරයේ ඇප්ස් හදුන්වා දෙනවා අපිට පේනවා. එහෙම වෙලාවට අපිටත් මේ වගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එකක් හදාගන්න තිබ්බානම් කොතරම් හොදද කියලා හිතෙනවානේ. ඒ උනාට අපිට කොඩින් බෑනේ කියලා නිකන් ඉන්නවානේ. කාගෙන් හරි ඇහුවොත් කියන්නේ කොඩින් වලින් තමයි ඇප්ස් හදන්නේ කියලා.  


නමුත් දැන් තත්වය වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපිටම කියලා අපේම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදාගන්න ඉතාමත් පහසුවෙන් පුළුවන්කම අපිට තියෙනවා. ඒ අපිට සහය වෙන්න වෙනම වෙබ් අඩව් ගණනාවක් තියෙනවා. නමුත් ඒ පිළිබදව බොහෝ දෙනා දැනුවත් වෙලා නෑ මේ වෙනතෙක්. ඉතින් මම අද හිතුවා ඒ ගැන ඔයාලට දැනගන්න ලිපියක් දාන්න ඕනේ කියලා.

 

අපි මුලින්ම දැනගෙන ඉමු මේ ඇප්ස් නිර්මාණය කිරිමේන් අපිට ඇති පහසුකම් මොනවාද කියලා.

 

  • කෝඩින් කිරීමට අවශ්‍ය නොවීම

  • පිරිවැයක් නොමැතිවීම

  • ඇප්ස් එක මගින් මුදල් ඉපයීමට හැකිවීම

  • අවශ්‍ය ඕනෑම වෙලාවක නවීකරණය කිරීමට හැකිවීම

 


මේ පහතින් ඇති සයිට් වලට ගිහින් ඔයාලට පුළුවන් ඔයාලගේම කියලා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදාගන්න. 


  1. AppsGeyser

  2. Appypie

  3. Buzztouch

  4. Appyet

  5. Appclay


ඉහතින් දක්වන ලද සියළුම වෙබ් අඩව් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නිර්මාණය සදහා ඇති හොදම වෙබ්අඩව් වේ. මේ වෙබ් අඩව් හරහා අපට නිර්මාණය කරගත හැකි ඇප්ස් වන්නේ Website, Page, Browser, Youtube app ( for you channel ), HTML code, TV, Photo, News, Book, Audio, Wallpaper and Quiz apps etc. මෙලෙස ඇප්ස් සෑදීම සදහා අප විසින් එම වෙබ් අඩව් වල ගිණුමක් විවෘත කරගත යුතුය. අනතුරුව අපට පුළුවන් අපිට අවශ්‍ය පරිදි ඇප්ස් නිර්මාණය කරගන්න.

ඉතින් මම හිතනවා ඔයාලා  මේ ලිපිය හරහා යම් දෙයක් ලබා ගන්න ඇති කියලා. තවත් මේ වගේ ලිපියකින් හමුවන තුරු සතුටින ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment