Irregular Verbs Finder



ආයුබෝවන් යාළුවනේ!

අද මට ටික දවසකට පස්සේ Post එකක් දාන්න අවස්ථාවක් ලැබුණා. අද ඉතින් මම ඔයාලට අරගෙන ආවේ අපිට ගොඩක්ම වරදින තැනක් හදාගන්න පුළුවන් සුපිරිම Software එකක්. මේ Software එකේ නම තමයි Irregular Verbs Finder කියන්නේ. මේකේ විශේෂත්වය තමයි අපේ රටේ කෙනෙක්ගේ නිර්මාණයක් වීම. අපිට ඒ පිළිබදව බොහොම සතුටු වෙන්න පුළුවන්. අනෙක් විශේෂත්වය තමයි මේ Software එක Install කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපේ Pen Drive එකේ තියානෙ උනත් මේක Open කරගන්න හැකියාවක් තියෙනවා.

හොදයි අපි ඉංශ්‍රීසි කතා කරනකොට හරි ලියනකොට හරි අපිට ඔනා වෙනවානේ Past Tense, Past Participle එහෙම. ඉතින් අපිට හැම වචනයකම Past Tense එකයි Past Participle එකයි මතක නෑනේ. අපි දන්න විදිහට වචනයක අගට ed එකතු කරහම Past Tense, Past Participle වෙන වචන සමහරක් තියෙනවා. ඒවානම් ඉතා පහසුවෙන් අපිට හසුරවා ගන්න හැකියාවක් තියෙනවා. නමුත් එහෙම නොවෙන අවස්ථා වලදී අපිට සමහර වචන මතක නෑ. ඒ වගේ වෙලාවට විතරක් නෙවෙයි මේ Software එක වැදගත් වෙන්නේ හැම වෙලාවකම අපිට පුළුවන් මේ හරහා නිවැරදිව Past Tense එකයි Past Participle එකයි බලාගන්න.

අපි මුලින්ම පහතින් තියෙන ලින්ක් එකට ගිහින් ඒ Software එක Download කරගමුකො.

Irregular Verbs Finder


ඔයාලට බලන්න මම Screen Shot වගයක් දාලා තියෙනවා. ඒවත් බලන්නකො.





හොදයි අපි තවත් වැදගත් වෙන Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment