Android Phone එක ආරක්ෂා කරගමු-Part 1



ආයුබෝවන් යාළුවනේ!

අද කාර්ය බහුල දවසක් උනත් Post එකක් දාන එක හොදයි කියලා හිතුණා. ඔයාලා දන්නවනේ සාමාන්‍ය පරිගණක වලට පරිගණක වයිරස් වගේ නරක වැඩ සටහන් එහෙමත් නැත්නම් මැල්වෙයිර්ස් විත් සාමාන්‍ය පරිගණක ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරනවානේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයටත් මේ වගේ දේවල් වලින් බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් මම අද ඉදන් ඔයාලට ඔයාලගේ ජංගම දුරකථනය ආරක්ෂා කරගන්න පුළුවන් ඇප්ස් කිහිපයක් ගෙනඑන්නයි හදන්නේ.

අද මම ඉතින් දෙන්න යන්නේ ඔයාලා කව්රුත් දන්න කියන Kaspersky Antivirus ඇප්ස් එක තමයි. මෙය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහාම නොම්ලේ ලබා දෙන ඇන්ට් වයිරස් ඇප් එකයි. පහලින් තියෙන ලින්ක් එකට ගිහින් කරගෙන බලන්නකො.



මේ මගින් ඔයාලට පහසුකම නොම්ලේ ලබා දෙයි. ඒ මගින් ඔයාලට අන්තර්ජාලය මගින් ඇතිවිය හැකි යම් යම් වයිරසයන්ගෙන් ආරක්ෂා වීමට උපකාරී වේ. මේ මගින් ඔබට පහත සදහන් පහසුකම් ලබා දෙනු ලැබේ.

      • වයිරස් පරික්ෂා කිරීම
        • මමේ මගින් ඔබට වයිරස් පරික්ෂා කර දෙනු ලැබේ. ඒ සදහා ඔබ විසින් යන්න තේරීමෙන් සිදු කර ගත හැකිය.
      • කෝල් ඇන්ඩ් ටෙක්ස් ෆිල්ටර්
        • මේ මගින් ඔබට තමාට අනවශ්‍ය අංක වලින් ලැබෙන දුරකථන ඇමතුම් සහ කෙට් පණිව්ඩ මගින් ඇතිවන කරදරමගහරවා ගැනීමේ හැකියාවක් ඇත.
      • ඇන්ට් තෙප්ස් පහසුකම
        • මේ මගින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සොරුන්ගන් ආරක්ෂා කර ගැනීම සදහා ඔබට උපකාරී වේ. 

ඉතින් වැඩිපුර කතා කරන්න ඕනේ නෑ. පහතින් තියෙන රූප සටහන් බලන්නකො.















ඔයාලත් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයටත් දාගෙන බලන්නකො කොහොමද කියලා. ඔයාලගේ අදහස් එකක් විදිහට දාන්නකො බලන්න. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment