How to Create a Gmail Account




ආයුබෝවන් යාළුවනේ!

මගෙ යාළුවො අළුත් දේවල් බලාගෙනනෙ දෙනකම් ඉන්නෙ. ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ Gmail Account එකක් කොහොමද හදා ගන්නෙ කියල. ගොඩක් දෙනෙක් මේක දන්නවා. ඒත් ඉතින් නොදන්න කට්ටියට දැන ගනන්නත් එක්ක අපි කියල දෙමු. Gmail සේවාව අපිට ලබා දෙන්නෙ ගුගල් විසින් තමයි. හොදයි අපි බලමු කොහොමද  Gmail Account එකක් හදන්නෙ කියලා.

මුලන්ම අපි Gmail Account එක හදන්න Gmail ලින්ක් එකට යන්න ඕනෙ. පහලින් ඒ ලින්ක් එක තියෙනවා ඒකට යන්නකො.


https://accounts.google.com/SignUp?service=mail&continue=https%3A%2F%2Fmail.google.com%2Fmail&hl=en 
 දැන් ඒ ලින්ක් එකට ගියාට පස්සේ අපිට පහත ආකාරයට දිස් වේ.



ඉන් අනතුරුව එහි ඇති ඇප්ලිකේෂන් එක පුරවන්න.




 ඉහත රූප සටහනෙහි දක්වා ඇති අංක වලට ඔබ විසින් සම්පූර්ණ කල යුතු දෑ පහත දැක්වේ.

  1. ඔබගේ පළමු නම
  2. ඔබගේ අවසාන නම
  3. ඔබ විසින් ඔබට අවශ්‍ය ඊමේල් නේම් එක ලබා දිය යුතුය. උදාහරණයක් විදිහට nenamansala යන්න ලබාදිය හැකිය. gmail.com යන්න එහි ඇති බැවින් නැවත ලබා දීමට අවශ්‍ය නොවේ. එමෙන්ම ඔබට එම ඊමේල් නම ලබා ගත හැකිද යන්න පහතින් දක්වනු ඇත. එහි ඔබට සමහර නම් යෝජනා කිරීමක්ද සිදුවේ. ඔබ එම නමකට කැමැත්තක් දක්වයිනම් ඒ සදහාද ඉඩකඩ පවතී.
  4. රහස් වචනයක් ලබාදිය යුතුය. එය අකුරු 8කින් සමන්විත විය යුතුය. මෙහිදී ඔබ අකුරු ඉලක්කම් දෙකම යෙදා ගැනීම වඩාත් යොග්‍ය වේ. රහස් වචනයේ ශක්තිමත් භාවයද ඔබට පෙන්වනු ලැබේ.
  5. ඉහතින් ලබා දුන් රහස් වචනයම නැවත ලබා දෙන්න.
  6. ඔබගේ උපන් දිනය ලබා දෙන්න.
  7. ස්ත්‍රී/ පුරුෂ භාවය ලබා දෙන්න.
  8. ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දෙන්න.
  9. ඔබට දැනටමත් ඊමේල් එකවුන්ට් එකක් පවතී නම් එය ලබා දෙන්න. එය gmail account එකක් විය යුතු නැත.
  10. එහි දැක්වෙන රූපයේ වචනය හදුනාගෙන කොටුව තුල ටයිප් කරන්න.
  11. රට තෝරන්න.
  12. එහි ඇති කොටුවෙහි හරි ලකුණ යොදන්න.
  13. Next Step Button එක කිලික් කරන්න.

අනතුරුව ඔබට පහත පරිදි Verify your account යන එක ලැබේ. ඔබට මෙම කෝඩ් එක SMS විදිහට Voice Call එකක් විදිහට ලබා ගත හැකිය.



මින් අනතුරුව ඔබගේ ජංගම දුරකථනයට කෙට් පණිවිඩයක් ලැබේ. එය පහත පරිදි ඔබට ටයිප් කිරීමට ඇති කොටුව තුල ටයිප් කරන්න.


දැන් ඔබේ ගිණුම සාර්ථකව නිර්මාණය වී ඇති බව පහත පරිදි ඔබට පෙන්වයි.




 ඉහත ආකාරයට ඔබට එය දැක ගත හැකිය. ඔබත් උත්සහ කර බලන්න. යාළුවන්ටත් කියන්න මේ බොලොග් එක ගැන. අපේ නැණ මංසල facebook page එකට ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment