How to Create a Facebook Account





ආයුබෝවන් යාළුවනේ!

කොහොමද ඔයගොල්ලන්ට? අද මම කියල දෙන්න යන්නෙ ගොඩක් දෙනෙක් දන්න දෙයක්. යාළුවො බලනවා ඇති මොකක්ද අද කියල දෙන්න යනනෙ කියලා. අද කියල දෙන්න යන්නෙ කොහොමෙද Facebook Account එකක් හදා ගන්නෙ කියලා. ගොඩක් දෙනෙක් දන්නවනෙ මේක. අපි ඉතින් මුල ඉදන් ඉගෙන ගන්නවනම් හොදයිනෙ කොයි දේ උනත්.

මුලින්ම අපිට Facebook Account එකක් හදා ගන්න තියෙන්න ඕනෙ Email Account එකක්. ඔයාල ගාව Email Account එකක් නැත් නම් මේ Post එක බලලා Email Account එකක් හදා ගන්නකො.


දැන් ඉතින් හැමෝටම Email Account එකක් තියෙනවනෙ. මුලින්ම අපි Account එක හදන්න ඕන තැනට යන්න ඕනෙ. පහලින් තියෙන එක කිලික් කරලා එතනට යමුකො.

https://www.facebook.com/

දැන් පහත ආකාරයට වෙබ් පිටුවක් ලැබේ.


දැන් ඉතින් තියෙන්නෙ ඇප්ලිකේෂන් එක පුරවන එකයි. පහත රුප සටහන බලන්නකො.



දැන් බලමු අංක තියෙන තැන් වලට මොනවද දාන්න ඕනෙ කියලා.

  1. ඔබගේ පළමු නම
  2. ඔබගේ අවසාන නම
  3. ඔබගේ ඊමේල් ලිපිනය
  4. එම ඊමේල් ලිපිනය නැවත ඇතුලත් කරන්න
  5. මුර පදය ඇතුලත් කරන්න
  6. උපන් දිනය යොදන්න
  7. ස්ත්‍රී / පුරුෂ භාවය ඉදිරියෙහි ඇති රවුම මත සලකුණු කරන්න
  8. Sign Up button එක ක්ලික් කරන්න

 අනතුරුව ඔබට පහත පරිදි පිටුවක් ලැබේ. එය ඔබට යහළුවන් සොයා ගැනීමට උපකාරීවනු ඇත. එය අවශ්‍ය නොවේ නම් Skip කර ඉදිරියට යන්න.

 



අනතුරුව පැමි‍ණෙන පිටුව තුලින් ඔබට ඔබගේ Facebook Account එකට Profile Picture එකක් ඇතුලත් කර ගත හැකිය. ඒ සදහා එහි ඇති Add Picture යන්න තෝරා අවශ්‍ය පින්තූරය Select කර Upload කරන්න.එය අවශ්‍ය නොවේ නම් Skip කර ඉදිරියට යන්න.



දැන් ඔබේ Facebook Account එක නිර්මාණය කර අවසන්.




ඔයාගෙ Email Account එකට ගිහින් එයට Email එකක් පැම්ණ ඇති Facebook එකෙන් එය විවෘත කර එහි ඇති ලින්ක් එක කිලික් කර ඔබගේ Email Account එක නිවැරදි බවට සහතික කරන්න. එය පහත පරිදි රූප මගින් දැක්විය හැකිය.





මේ ආකාරයට ඔබටත් හැකියි ඔබගේ Facebook Account එකක් නිර්මාණය කර ගැනීමට. තවත් Post එකකින් හමුවෙමු. එතකන් සතුට්න් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment