පරිගණකයට Log වෙන ඔයාව සාදරයෙන් පිළිගනිමු




ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ පරිගණකයේ තියෙන Notepad එක භාවිතා කරලා කරන්න පුළුවන් පුංච් වැඩක්. අපි ඉතින් මේ Notepad තිබ්බට ඕවගෙන් වැඩිය වැඩ ගන්නෙ නෑනේ. අපි අද ඒ Notepad වලින් වැඩක් ගමු. මේ Notepad වලින් අපට පුළුවන් පරිගණකය Start වෙනකොට ඔයාගේ නම කියන්න එහෙම හදාගන්නත්. ඉතින් දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.

  •  මුලින්ම Notepad open කර ගන්න.

  •  දැන් මේ පහතින් තියෙන එක Copy කරගෙන Notepad එකේ Past කරගෙන Your Name කියලා තියෙන තැනට ඔයාගේ නම දෙන්න.
Dim speaks, speach
speaks="Welcome to your PC, Your Name"
Set speech=CreateObject("spai.spvoice")
speech.Speak speaks


  • දැන් ඉතින් නමක් දීලා .vbs කියන format එකෙන් Save කර ගෙන Notepad එක Close කර ගන්න.





  • ඒ Save කරගත් Notepad File එක Stat up Folder එකට Copy, Past කර ගන්න.

ඔයාලගේ Operating System එක අනුව මේ පහතින් දක්වලා තියෙන විදිහට Start up Folder එක හොයාගන්න.

Windows XP

C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup

Windows 7/8/8.1

C:\Users\ {User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

දැන් ඉතින් තියෙන්නේ restart කරගෙන බලන්න. ඔයාලත් කරලා බලන්නකො කොහොමද කියලා. ඔයාලගේ අදහස් අපට ඉතාමත් වැදගත්. ඒ නිසා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment