Check Boxes වලින් වැඩ ගමු




ආයුබෝවන් යාළුවනේ!

දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාල පරිගණකය තුල සිදු කරන කටයුතු ඉක්මන් කර ගන්න පොඩි ක්‍රමයක්. ඔයාලගේ පරිගණකය තුල මෙය සැගවිලා තියෙනවා. බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නෑ. පොඩි පොඩි දේවල් දැන ගන්න එක හොදයිනේ. ඉතින් දැනුත් පොඩි දෙයක් දැන ගමු. ඔයාලගේ පරිගණකයේ ඇති Check Box වලින් වැඩක් ගමු.

අපි දන්නවා Folder එකක තියෙන දේවල් Select කරන්න නම් ඉතින් Ctrl Press කරගෙන Click කරන්න ඕනනේ. අපිට එකවර සියල්ලම කර ගන්න නම් ඉතින් ක්‍රම කිහිපයක් තියෙනවනේ. නමුත් තැනින් තැන Select කරන්න ගියහම එපා වෙනවනේ. බැරි වෙලාවත් Ctrl එක අත ඇරුනොත් ආයෙත් මුල ඉදන් පටන් ගන්න වෙනවා. මේකට හොදට පිළියම තමයි Check Box දාගන්න එක.

Windows 7 වලට නම්
  • Windows Explore/ Organize / Folder & Search Options/ View/ Use check boxes to select items/ Apply/ Ok

Windows 8/ 8.1 වලට නම්
  • Windows Explore/ View/ Options/ View/ Use check boxes to select items/ Apply/ Ok

මම ඔයාලට හොයා ගන්න පහසුවට රූප සටහන් මගින් දක්වලා තියෙනවා. බලන්නකො.













ඔයාලත් දාගෙන බැලුවද? ඔයාලගේ අදහස් අකුරු වලට හරවලා එකක් දාන්නකො බලන්න. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment